රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ් - 19 (Covid - 19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් 2020.04.08 දින විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දෙන ලදී. ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව දැකිය හැකි අතර, මේ වන විට ආසන්න වශයෙන් ඇ.එ.ජ. ඩොලර් මිලියන 87 ක මුදලක් විශේෂ තැන්පතු ගිණුම් සඳහා ශ්‍රී ලංකාව වෙත ලැබී ඇත.
ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විමසීමෙන් පසුව, විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම දිරිගැන්වීම සඳහා තවදුරටත් පහත දක්වා ඇති ක්‍රියාමාර්ග ගෙන ඇත.