• Delisting of Sri Lanka by the European Commission from its List of High Risk 3rd Countries

    යුරෝපා කොමිසම විසින් 2020 මැයි මස 7 දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර ඇත.

  • The Central Bank of Sri Lanka Further Reduces Policy Rates to Support Economic Activity

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 මැයි 06 වැනි දින පැවැති විශේෂ රැස්වීමේ දී වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් සියයට 5.50 සහ සියයට 6.50 දක්වා පදනම් අංක 50කින් 2020 මැයි මස 06 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බල පැවැත්වෙන පරිදි අඩු කිරීමට තීරණය කළේ ය. උද්ධමන පීඩන අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ කොවිඩ්-19 වසංගතය හේතු කොට ගෙන ඇති වන අහිතකර ආර්ථික බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ ඇති අවශ්‍යතාව සලකා බලමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. මෙම තීරණයත් සමඟ මුදල් තත්ත්වයන් ලිහිල් කිරීම සඳහා ගන්නා ලද අනෙකුත් ක්‍රියාමාර්ගවලට අමතර ව 2020 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කර ඇත.

  • The Central Bank of Sri Lanka Extends the Deadlines to Facilitate Covid-19 Affected Businesses and Individuals

    කොරෝනා ව්‍යසනය හේතුවෙන් මූල්‍ය ආයතනයන්ගේ ඇතැම් ගනුදෙනුකරුවන් විසින් මුහුණ පා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ගනුදෙනුකරුවන් හට ණය සහන සහ 4% වාර්ෂික පොලී  අනුපාතය යටතේ මාස දෙකක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ  (2020 අප්‍රේල් 30 වැනි දිනට යෙදී තිබූ) අවසාන දිනය 2020 මැයි15 දින දක්වා දීර්ඝ කිරීමට  ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. එමෙන් ම, රුපියල් 500,000ට වඩා අඩු වටිනාකමින් යුතු වලංගු කාලය ඉක්ම ගොස් ඇති චෙක්පත්, බලපත්‍රලාභී බැංකු විසින් 2020 මැයි15 දින දක්වා වලංගු සේ සැලකිය යුතු වේ. මෙම කාල  සීමා දීර්ඝ කිරීම   2020 අප්‍රේල් 28 වැනි දින නිකුත් කරන ලද 2020 අංක 06 දරණ චක්‍රලේඛය මගින් ක්‍රියාත්මක කර ඇත.

  • CCPI based Inflation decreased in April 2020

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 මාර්තු මාසයේ පැවති සියයට 5.4හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ යන ලද අතර, මේ සඳහා 2019 අප්‍රේල් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම පුර්ණ වශයෙන් දායක විය. මේ අතර, 2020 අප්‍රේල් මාසයේ දී ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 13.2ක් වූ අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මාර්තු මාසයේ පැවති සියයට 2.5හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 2.1ක් දක්වා පහළ ගියේ ය.

  • The Central Bank of Sri Lanka Releases its Annual Report for the Year 2019

    1949 අංක 58 දරන මුදල් න‍ීති පනතේ 35 වන වගන්තියට අනුව‍, ‍ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ම‍ණ්ඩලයේ  70 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අ‍ධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්‍‍ෂ්මන් මහතා විසින් ගරු අග්‍රමාත්‍ය සහ මුදල්‍, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ  මැතිතුමා වෙත පි‍ළිගන්වන ලදී.

  • The Central Bank of Sri Lanka Imposes Maximum Interest Rates on Pawning Advances of Licensed Banks

    රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් දැනට අය කරනු ලබන වාර්ෂීක  පොලිය 12% - 17.5% දක්වා පරාසයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. කොවිඩ්-19 ව්‍යසනය නිසා ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ, තම කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රන් භාණ්ඩ උකසට තබන අඩු ආදායම්ලාභීන්ට සහනයක් සැලසීිමේ අවශ්‍යතාව සලකමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී බැංකුවල රන් භාණ්ඩ උකස් අත්තිකාරම් පහසුකම් සඳහා උපරිම පොලී අනුපාත සීමා පැනවීමට තීරණය කරන ලදි.

  • Withdrawal of Primary Dealership by Union Bank of Colombo PLC

    යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී (යුනියන් බෑංකුව) විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 මැයි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි යුනියන් බැංකුවට සිය ප්‍රාථමික වෙළෙඳ මෙහෙයුම් කටයුතු නැවැත්වීමට අවසර ලබා දුන් බව මහජනතාවට මෙයින් දන්වා සිටී. යුනියන් බැංකුව විසින් LankaSettle පද්ධතියේ සෘජු අලෙවිකරු සහභාගීකරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරනු ඇති අතර සිය ගනුදෙනුකරුවන් වෙනුවෙනුන් නිර්ලේඛනගත රජයේ සුරැකුම්පත් ගනුදෙනු සිදු කිරීම සහ සිය ගනුදෙනුකරුවන්ගේ ගිණුම් LankaSecure පද්ධතියේ පවත්වා ගෙන යෑම සිදු කරනු ඇත.

  • NCPI based Inflation decreased in March 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 පෙබරවාරි මාසයේ පැවති සියයට 8.1හි සිට 2020 මාර්තු මාසයේ දී සියයට 7.0 දක්වා පහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 පෙබරවාරි මාසයේ දී සියයට 16.3හි පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 මාර්තු මාසයේ දී සියයට 14.1 දක්වා පහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ 2020 මාර්තු මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 1.8ක් විය.

  • Remittance of Funds to Sri Lankans Abroad to Pursue Studies and on Short Term Visits, to Meet Their Expenses

    දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විවේක හා නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්‍රණ හා සමුළු, වෛද්‍ය ප්‍රතිකාර, ක්‍රීඩා, විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු හෝ වෙනත් ඕනෑ ම කටයුත්තක් වෙනුවෙන් සහ ශිෂ්‍ය හෝ ඊට සමාන වීසා බලපත්‍ර මත විදේශගත වී සිටින තම පවුලේ සාමාජිකයන් වෙත එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් යැවීමට  ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයිත්  උනන්දු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක් වී ඇත.  මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පැහැදිලි කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වේ. 

  • Sri Lanka Purchasing Managers’ Index - March 2020

    COVID-19 වසංගතය මගින් ඇති වූ අහිතකර බලපෑම නිසා නිෂ්පාදන ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස පහළ ගියේ ය. නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 පෙබරවාරි මාසයට සාපේක්ෂ ව 2020 මාර්තු මාසයේ දී දර්ශකාංක 23.6කින් පහළ යමින් දර්ශක අගය වූ 30.0ක් බවට පත් වූ අතර එය මෙතෙක් වාර්තා කළ අඩු ම අගය වේ. COVID-19 වසංගතය මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශය කෙරෙහි ඇති බලපෑම පිළිබිඹු කරමින් නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල සිදු වූ සැලකිය යුතු පහළ යාම, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම පහළ යාම සඳහා ප්‍රධාන ලෙස හේතු විය.

Pages