• External Sector Performance – October 2022

    2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයන ආදායම පහළ යෑම හේතුවෙන් 2022 වසරේ මාර්තු මාසයෙන් පසු ප්‍රථම වරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගියේය. ආනයන වියදම, 2022 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කළ ද, 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී අඛණ්ඩව අටවැනි මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. වෙළඳ ගිණුමේ හිඟය 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය. මේ අතර, 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ යථා තත්ත්වයට පත් වී  සංචාරක ඉපැයීම් වර්ධනය වූ අතර, එමඟින් 2022 වසරේ ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර්  බිලියන 1ක් ඉක්මවා ගිය අතර විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද එ.ජ. ඩොලර්  බිලියන 3ක් පමණ විය. 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී රජයේ සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි  සුළු ශුද්ධ ලැබීමක් වාර්තා විය. ද්‍රවශීලි දළ නිල සංචිත මට්ටම අඩු වුව ද, අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විදේශ විනිමය අවශ්‍යතා අඛණ්ඩව ලබා දුන්නේය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 363ක මට්ටමක පැවතුණි.

  • CCPI based headline inflation decreased for the second consecutive month in November 2022

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 66.0හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 61.0ක් දක්වා පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 85.6හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 73.7 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 56.3හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 54.5 දක්වා පහළ ගියේය.

  • The Central Bank of Sri Lanka maintains policy interest rates at their current levels

    දේශීය හා ගෝලීය ආර්ථිකයේ මෑත කාලීන හා අපේක්ෂිත ප්‍රවණතා සහ සාර්ව ආර්ථික පුරෝකථන සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 නොවැම්බර් මස 23 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මැදි කාලීනව උද්ධමනය සියයට 4-6 ඉලක්කගත මට්ටම දක්වා මෙහෙයවීම සඳහා උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ අපේක්ෂා වර්ධනය කිරීමට තවදුරටත් සහාය වෙමින් ආර්ථිකයේ ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන පාලනය කිරීමට දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වාගෙන යෑම අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ  අදහස විය.

    සම්පූර්ණ ලිපිය

  • NCPI based headline inflation decelerated to 70.6% in October 2022 on year-on-year basis reversing its increasing trend observed since October 2021

    2021 ඔක්තෝබර් මාසයේ සිට ඉහළ යෑමේ ප්‍රවණතාවක් අනුගමනය කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 73.7හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 70.6ක් දක්වා පහළ ගියේය. එසේම, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 85.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 80.9 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 62.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 61.3 දක්වා පහළ ගියේය.

  • SL Purchasing Managers’ Index (PMI) – October 2022

    නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ඔක්තෝම්බර් මාසයේ දී ඉකුත් මාසයට සාපේක්ෂව පහළ යන ලදී. ඒ අනුව, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ඔක්තෝම්බර් මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 4.2කින් පහළ යමින් 38.4ක අගයක් වාර්තා කළ අතර, මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ පහළ යෑම හේතු විය.

  • Release of “Sri Lanka Socio Economic Data – 2022” Publication

    “Sri Lanka Socio Economic Data – 2022”, the annually published data folder of the Central Bank of Sri Lanka, is now available for public information. The current data folder is the 45th volume of the series.

  • The Central Bank publishes 'Recent Economic Developments: Highlights of 2022 and Prospects for 2023'

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “මෑත කාලීන ආර්ථික ප්‍රවණතා: 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා” ප්‍රකාශනය අද දින ප්‍රකාශයට පත්  කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය හරහා මෙම වාර්තාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසී යන භාෂා ත්‍රිත්වයෙන්ම බාගත කරගත හැකිය.

  • External Sector Performance - September 2022

    2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී අපනයන ආදායම ඉහළ අගයක පැවතුණු අතර, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයනවල කැපී පෙනෙන පහළ යෑම නිරූපණය කරමින්,  ආනයන වියදම් අඛණ්ඩව හත්වන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය. 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සුළු වශයෙන් ඉහළ ගියේය. සංචාරක ඉපැයීම් 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසදීමේ දී 2022 සැප්තැම්බර් මාසයේදී වැඩිවීමක් වාර්තා කර ඇත. 2022 සැප්තැම්බර් මාසයේදී රජයේ සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි කැපී පෙනෙන ශුද්ධ ලැබීමක් වාර්තා විය. ද්‍රවශීලි දළ නිල සංචිත මට්ටම අඩු වුව ද, අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විදේශ විනිමය ද්‍රවශීලතාව අඛණ්ඩව ලබා දුන්නේය.

  • CCPI based headline inflation recorded 66.0% in October 2022, reversing its continued increasing trend observed since October 2021

    2021 ඔක්තෝබර් මාසයේ සිට ඉහළ යෑමේ ප්‍රවණතාවක් අනුගමනය කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 66.0ක් දක්වා පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 94.9හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 85.6 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 57.6හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 56.3 දක්වා පහළ ගියේය. 

  • Release of ‘Financial Literacy Survey Sri Lanka – 2021’ Publication

    ‘Financial Literacy Survey Sri Lanka - 2021’, a publication of the Central Bank of Sri Lanka, is now available for public access.

    The Regional Development Department of the Central Bank of Sri Lanka, with the assistance of the International Finance Corporation (IFC) – under the IFC-DFAT Women in Work program – conducted the first ever countrywide Financial Literacy Survey in Sri Lanka, as part of the implementation of the National Financial Inclusion Strategy of Sri Lanka. The key objective of the survey was to assess the level of financial literacy across the population with a view to formulating appropriate policy measures.

    The survey focused on the elements of knowledge, attitudes and behavior within the concept of financial literacy and this publication consists of the key survey findings.

Pages