• Relaxation of the Mandatory Conversion Requirement on Service Export Receipts/Proceeds

    සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද 2022 අගෝස්තු 12 වන දින හෝ ඉන් පසු ව සිට ශ්‍රී ලංකාව වෙත ලැබෙන සේවා අපනයන ලැබීම්/ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් කර ඇත. සේවා අපනයනකරුවන් ශ්‍රී ලංකාව වෙත රැගෙන එන ඔවුන්ගේ අපනයන ඉපැයීම් අවසරලත් කාර්යයන් සඳහා භාවිත කළ හැකි ය. සේවාව ලබා දුන් දින සිට දින 180 ක්  ඇතුළත සේවා අපනයන ඉපැයීම් රට තුළට ලබා ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාව නො වෙනස් ව පවතී.  

  • Sri Lanka Purchasing Managers’ Index - July 2022

    2022 ජූලි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පෙර මාසයට සාපේක්ෂව පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ජූලි මාසයේ දී පහළ යන ලදී.

    සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, අඛණ්ඩව සිව්වන මාසයටත් සේවා ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරමින්, 2022 ජූලි මාසයේ දී 43.0ක දර්ශක අගයක් වාර්තා කළේය.

  • Establishment of the Stakeholder Engagement Committee

    ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සිය සබඳතාව පුළුල් කිරීමේ අරමුණින් මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපිත කරන ලදී. පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ සභාපතිත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසින් දරනු ලබන අතර පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ පහත සඳහන් ප්‍රවීණයන් 17 දෙනා එහි සාමාජිකත්වය දරයි.

  • External Sector Performance - June 2022

    2022 වසරේ ජූනි මාසයේ දී, 2002 වසරේ අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වරට වෙළඳ ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ අතර, ඒ සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන ඉපැයීම සහ ආනයන වියදමේ  අඛණ්ඩ පහත වැටීම හේතු විය. සංචාරක උපදේශන හා බැදුණු සෘණාත්මක බලපෑම් සහ ඉන්ධන හිඟය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවාහන දුෂ්කරතා තිබියදීත්, සංචාරක ඉපැයීම් පෙර වසරේ පැවති පහළ පදනමේ සිට 2022 වසරේ ජූනි මාසයේදී (වාර්ෂික ලක්ෂමය පදනම මත) වැඩිවීමක් වාර්තා කර ඇත. අවිධිමත් විදේශ විනිමය වෙළඳපොළ ක්‍රියාකාරකම්වල වැඩිවීමක් පිළිබිඹු කරමින්, 2022 වසරේ මැයි මාසයට සාපේක්ෂව, 2022 වසරේ ජූනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මන්දගාමී විය. 2022 වසරේ ජූනි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා විය.

  • Importance of ‘Fair Play’ by all Stakeholders of the Economy in Countering the Current Unprecedented Economic Crisis

    රජය සහ මහ බැංකුව මහජනතාව මත පවතින ආර්ථික දුෂ්කරතාවන් අඩු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. වත්මන් අර්බුදයට සහ එහි ප්‍රතිඵලයක් ලෙස පවතින දුෂ්කරතාවලට දායක වන එක් ප්‍රධාන සාධකයක් වනුයේ බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව නොමැතිකමයි. විදේශ විනිමය ද්‍රවශීලතාවයේ හිඟය ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සැපයීමට බලපා ඇත. බැංකු පද්ධතිය තුළ ප්‍රමාණවත් විදේශ විනිමය ද්‍රවශීලතාවයක් සහතික කිරීම සඳහා, අපනයන ඉපැයීම් රුපියල් වලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතා පැනවීමට මහ බැංකුවට සිදු විය. තවද, විදේශ විනිමය පිටතට ගලායාම අධෛර්යමත් කිරීම සඳහා රජය සහ මහ බැංකුව විසින් ඇතැම් ආනයන හා ගෙවීම් ක්‍රම මත සීමා පැනවීම සහ ආන්තික අවශ්‍යතා හඳුන්වාදීම් මෙන්ම, අවිධිමත් විදේශ විනිමය වෙළඳපොළ හරහා ගමන් නොකර විධිමත් බැංකු පද්ධතිය වෙත විදේශ විනිමය ගලා ඒම දිරිමත් කිරීම වැනි ක්‍රියාමාර්ගයන් ගෙන ඇත.

  • CCPI based headline inflation recorded at 60.8% on year-on-year basis in July 2022

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජුනි මාසයේ පැවති සියයට 54.6හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 60.8ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජුනි මාසයේ පැවති සියයට 80.1හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 90.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජුනි මාසයේ පැවති සියයට 42.4හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 46.5 දක්වා ඉහළ ගියේය.

  • Reappointment of Mr. Anthony Nihal Fonseka as a member of the Monetary Board of the Central Bank of Sri Lanka for a period of six years

    ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස 2022 ජුලි 27 දින සිට වසර හයක කාලයක් සඳහා නැවත පත් කර ඇත. මින් පෙර ඔහු 2016 ජුලි මාසයේ සිට 2020 මැයි මාසය දක්වා ද සහ 2022 මැයි මාසයේ සිට 2022 ජුලි මාසය දක්වා ද මුදල් මණ්ඩලයේ සේවය කළේ ය.

  • NCPI based headline inflation recorded at 58.9% on year-on-year basis in June 2022

     ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 45.3හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 58.9ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 58.0හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 75.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 34.2හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 43.6 දක්වා ඉහළ ගියේය.

  • Concessions to Affected Borrowers of Licensed Banks amidst the Prevailing Extraordinary Macroeconomic Circumstances

    කොවිඩ්-19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තියත් සමඟ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 මාර්තු මාසයේ සිට පීඩාවට පත් ණය ගනුදෙනුකරුවන් වෙත සහන සැලසීම සඳහා යෝජනා ක්‍රම කිහිපයක් ම හඳුන්වා දුන් අතර, එයට ණය සහන කාලයක් ලබා දීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම/ප්‍රතිලේඛනගත කිරීම, ණය ආපසු අයකර ගැනීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීම, අඩු වියදම් කාරක ප්‍රාග්ධන ණය ලබා දීම සහ ඇතැම් බැංකු ගනුදෙනු සඳහා අය කල ගාස්තු ඉවත් කිරීම ආදිය ඇතුළත් වේ. මෙම සහන සඳහා පුද්ගලික අංශයේ සේවකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සහ සංචාරක, ප්‍රවාහන, නිෂ්පාදන, සේවා, කෘෂිකර්මය, ඉදිකිරීම්, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ සහ ඒ ආශ්‍රිත සැපයුම් සේවාවන්හි නිරත අනෙකුත් ව්‍යාපාර හා පුද්ගලයින් ඇතුලත් විය. කෙසේ වෙතත්, කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන් සඳහා ලබා දී තිබූ මෙම සහන කාලයන්ගේ අවසන් අදියර 2021.12.31 දිනෙන් අවසන් වූ අතර සංචාරක අංශයට ලබාදුන් ණය සහන කාලයේ අවසන් අදියර 2022.06.30 දිනෙන් අවසන් විය.

  • Sri Lanka Purchasing Managers’ Index - June 2022

    2022 ජුනි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පෙර මාසයට සාපේක්ෂව පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ජුනි මාසයේ දී පහළ යන ලදී.

    සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, අඛණ්ඩව තෙවන මාසයටත් සේවා ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරමින්, 2022 ජූනි මාසයේ දී 40.3ක දර්ශක අගයක් දක්වා තවදුරටත් පහත වැටුණේය.

Pages