නව ගෙවීම් උපකරණ, ක්‍රම සහ ක්‍රියාවලි හඳුන්වාදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගෙවීම් කර්මාන්තය මේ වන විට සීඝ්‍ර වෙනසකට භාජනය වෙමින් පවතී. සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රම ඇතුළුව, මෙම නව ගෙවීම් ක්‍රියාවලි විසින් පාරිභෝගික අත්දැකීම නව්‍යකරණය කර ඇති අතර ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මූල්‍ය ගනුදෙනු ආරක්ෂිතව සහ කාර්යක්ෂමව සිදු කිරීමටද හැකියාව ලබා දී ඇත.
-
“A Guide to Payment Services in Sri Lanka” - a Booklet on Payment Instruments and Infrastructures in Sri Lanka
-
Message to Sri Lankans living abroad from Dr. P Nandalal Weerasinghe, Governor of the Central Bank of Sri Lanka
කොවිඩ්-19 වසංගතයේ දිගු කාලීන බලපෑම, ගෝලීය දේශපාලනික අසමතුලිතතා සහ රටේ සාර්ව ආර්ථික අසමතුලිතතා හේතුවෙන්, මේ වන විට ශ්‍රී ලංකාව සමාජ, ආර්ථික සහ මූල්‍ය ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින අතර එමගින් රටේ ජනතාව අසීරු තත්ත්වයකට පත් ව ඇත. මෙරටෙහි ණය වගකීම් සක්‍රීය ව කළමනාකරණය කිරීමට පියවර ගැනීම, අනෙකුත් රටවලින් කඩිනම් මූල්‍ය සහාය සෙවීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ වැඩසටහනක් සඳහා පවතින සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට ලැබීම ඇතුළු ව රටේ පවතින වත්මන් තත්ත්වය සඳහා පිළියම් යෙදීමට බලධාරීන් පියවර ගනිමින් සිටිය ද, ජනතාවට එවැනි ක්‍රියාමාර්ගවලින් වන ධනාත්මක බලපෑම් භුක්ති විඳිය හැකි වනුයේ මැදි කාලීන හා දිගු කාලීනව ය. එබැවින්, ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය ආනයන අවශ්‍යතා සපුරා ගනු පිණිස රටේ විදේශ සංචිත තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතු ය.
-
Message by the Governor of the Central Bank of Sri Lanka
මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟ වීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස මම ඉමහත් සතුටට පත්වෙමි. ඔවුන් පෙරදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සෑම විටම ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂා කරගනිමින්, කාර්යක්ෂමව ක්‍රියා කර ඇති අතර, මහ බැංකුවේ සියලුම කටයුතු සඳහා ඉතා ධනාත්මකව දායක වී ඇත. ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ පූර්ණ විශ්වාසයක් මා සතුව පවතින බැවින්, ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය සහ අගනා මඟපෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත්, අධිපතිවරයා ලෙස මටත් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි.
-
Request for Proposals - Financial Advisor & Legal Consultant (Deadline Extension)
ශ්‍රී ලංකා රජය මුදල් අමාත්‍යාංශය හරහා සිය බාහිර ණය තිරසාරභාවය කළමනාකරණය කිරමේ අරමුණින් මූල්‍ය උපදේශකයින් සහ නීති උපදේශකයින් පත් කිරීම සඳහා ඒ ප්ළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන්/ නියෝජිත ආයතනවලින් යෝජනා සඳහා වන ඉල්ලීම් (RfPs) ප්‍රකාශයට පත් කර ඇත.
-
Functioning of Banks on 11 and 12 April 2022
බැංකු සේවා සඳහා සියළුම බලපත්‍රලාභී බැංකු 2022 අප්‍රේල් 11 සහ 12 යන දෙදින තුල දී සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.
-
Monetary Policy Review: No. 03 of 2022 (Detailed Version)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2022 අප්‍රේල් මස 08 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි පදනම් අංක 700කින් පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේ ය. සමස්ත ඉල්ලුම ඉහළ යෑම, දේශීය සැපයුම් අංශයේ බාධා, විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම සහ ගෝලීය වශයෙන් වෙළෙඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි කාලය තුළ දී තවදුරටත් ඉහළ යා හැකි උද්ධමන පීඩන සලකා බලමින්, ආර්ථිකය තුළ පවතින ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන තවදුරටත් ගොඩ නැගීම පාලනය කිරීම, අහිතකර උද්ධමන අපේක්ෂා වර්ධනය වීම වැළැක්වීම සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පෙළඹවීම සැපයීමට මෙන් ම, වෙළෙඳපොළ පොලී අනුපාතික ව්‍යූහයේ පැවති විෂමතා නිවැරදි කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.
-
The Central Bank of Sri Lanka Significantly Tightens its Monetary Policy Stance to Stabilise the Economy
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පදනම් අංක 700 බැගින්, පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 දක්වා, 2022 අප්‍රේල් මස 08 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නැංවීමට තීරණය කළේය. සමස්ත ඉල්ලුම ඉහළ යෑම, දේශීය සැපයුම් අංශයේ බාධා, විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම සහ ගෝලීය වශයෙන් වෙළඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි කාලය තුළදී තවදුරටත් ඉහළ යා හැකි උද්ධමන පීඩන සලකා බලමින්, ආර්ථිකය තුළ පවතින ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන තවදුරටත් ගොඩනැගීම පාලනය කිරීම, අහිතකර උද්ධමන අපේක්ෂා වර්ධනය වීම වැළැක්වීම සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පෙළඹවීම සැපයීමට මෙන්ම, වෙළඳපොළ පොලී අනුපාතික ව්‍යූහයේ පැවති විෂමතා නිවැරදි කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.
-
Dr. P. Nandalal Weerasinghe takes office as the Governor of the Central Bank of Sri Lanka
ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 17 වන අධිපතිවරයා ලෙස සිය ධූරයේ රාජකාරි කටයුතු ඇරඹුවේ ය. ආචාර්ය වීරසිංහ මහතා මුදල් සහ විනිමය අනුපාතික ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ අත්දැකීමක් සතු මහ බැංකු වෘත්තිකයෙකි. ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී 2011 සැප්තැම්බර් 27 වන දින නියෝජ්‍ය අධිපති පදවියට පත් වූ අතර, අනතුරු ව 2012 සැප්තැම්බර් 01 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස සිය ධුරයේ කටයුතු ඇරඹී ය. ඕස්ට්‍රේලියානු නැෂනල් යුනිවර්සිටියෙන් ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය හා පශ්චාත් උපාධිය හිමි කර ගත් ආචාර්ය වීරසිංහ මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.
-
Postponement of the Announcement of the Monetary Policy Review: No. 03 of 2022
2022 අප්‍රේල් මස 05 වන දින පෙ. ව. 07.30ට දැනුම් දීමට නියමිතව තිබූ 2022 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය කල් දමන ලදී. ඒ අනුව 2022 අප්‍රේල් 05 වන දින පැවැත්වීමට සැලසුම්කොට තිබූ මාධ්‍ය සාකච්ඡාව ද කල් දමන ලදී. මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරන දිනය සහ මාධ්‍ය සාකච්ඡාව පැවත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
-
Central Bank continues regulatory actions against errant Money Changers
ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු ව්‍යාපාර ස්ථානයන්හි අඛණ්ඩව ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර එහිදී පහත සඳහන් මුදල් හුවමාරු කරන්නන් බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ට ලබා දී ඇති විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති බවත්, එමගින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ඔවුන්ට නිකුත් කර ඇති විධානයන් උල්ලංඝණය කර ඇති බවත් අනාවරණය කර ගන්නා ලදී.