ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින් 2021 ඔක්තෝබර් මසදී, එම වකවානුව වන විට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට නිකුත් කර තිබූ බලපත්‍ර අත්හිටුවා හෝ අවලංගු කර තිබුණු ‘සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී’ සහ ‘ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්’ යන අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5), පුනර්ජීවනය සඳහා ඉදිරිපත් විය හැකි විකල්ප යෝජනා පරික්ෂා කිරීම සඳහා අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවන උපදේශන කමිටුවක් (උපදේශන කමිටුව) පිහිටුවන ලදී. ඉහතින් සඳහන් කළ අසාර්ථක මූල්‍ය සමාගම් 5 පුනර්ජීවනය කිරීම සඳහා පැවතිය හැකි විකල්ප නිර්දේශ ඉදිරිපත් කිරීමට හෝ එසේ පැවතිය හැකි විකල්ප ශක්‍ය නොවන්නේ නම්, එම අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5) ඈවර කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට, මුදල් මණ්ඩලය විසින් මෙම උපදේශන කමිටුව වෙත වගකීම පවරා තිබිණ.
-
Recommendations made by the Advisory Committee for Revival of Failed Licensed Finance Companies
-
Amending Limits and Terms and Conditions on Possession of Foreign Currency
මහජනතාව අත ඇති විදේශ ව්‍යවහාර මුදල් විධිමත් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 8 වන වගන්තිය යටතේ නියමයන් පහත පරිදි නිකුත් කර ඇත.
- ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට තම සන්තකයේ රඳවා තබා ගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ඇ.එ.ජ. ඩොලර් 15,000 සිට ඇ.එ.ජ. ඩොලර් 10,000 හෝ ඊට සමාන වෙනත් විදේශ විනිමය ප්‍රමාණයක් දක්වා අඩු කිරීම.
- පහත සඳහන් දෑ සඳහා, ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයන් සඳහා, නියමය බලාත්මක වන දිනයේ සිට (2022 ජූනි 16) වැඩ කරන දින 14 ක පොදු සමා කාලයක් ලබා දීම.
i.නියමයේ දක්වා ඇති පරිදි, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ
-
The Central Bank of Sri Lanka Launches the International Transactions Reporting System
බැංකු පද්ධතිය හරහා සිදුවන ජාත්‍යන්තර ගනුදෙනු සහ දේශීය විදේශ මුදල් ගනුදෙනු අධීක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින්, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල සහභාගීත්වය සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය නමින් නව දත්ත රැස් කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කර ඇත. ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය යනු දේශසීමාවන් අතර සිදුවන ගනුදෙනු සහ දේශීය විදේශ මුදල් ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක දත්ත රැස් කිරීමේ පද්ධතියක් වන අතර, මෙමගින් දැනට පවතින දත්තයන්හි අඩුපාඩු රාශියක් පිරවීමට හැකිවනු ඇත. එමෙන්ම එය සංඛ්‍යානමය සහ නියාමන අරමුණු සඳහා විවිධ පැතිකඩ රැසක දත්ත සැපයීමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට උපකාර වනු ඇත.
-
NCPI based headline inflation accelerated further on year-on-year basis in May 2022
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 33.8හි සිට 2022 මැයි මාසයේ දී සියයට 45.3ක් දක්වා ඉහළ ගියේය. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 45.1හි සිට 2022 මැයි මාසයේ දී සියයට 58.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 23.9හි සිට 2022 මැයි මාසයේ දී සියයට 34.2 දක්වා ඉහළ ගියේය.
-
Sri Lanka Purchasing Managers’ Index - May 2022
2022 මැයි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පසුබෑමක් පෙන්නුම් කරන ලදී.
2022 මැයි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 50.3ක අගයක් වාර්තා කළ අතර, එය සෑම වසරකම අඩු අගයක් වාර්තා කරන අප්‍රේල් මාසයේ දර්ශක අගයට සාපේක්ෂව දර්ශකාංක 13.9ක වැඩි වීමකි.
අඛණ්ඩව දෙවන මාසයටත් සේවා ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 මැයි මාසයේ දී 42.4ක දර්ශක අගයක් දක්වා සුළු වශයෙන් පහත වැටුණි.
-
External Sector Performance - April 2022
2022 වසරේ අප්‍රේල් මාසයේ දී ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව දෙවන මාසයටත් අඩු වීමක් වාර්තා කළ අතර, අපනයන ඉපැයීම් ඉහළ ගියේය. රේගුවෙන් ලද මූලික දත්තවලට අනුව, ආනයනවල අඩුවීම 2022 වසරේ මැයි මස තවදුරටත් ශීඝ්‍ර වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෙළඳ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය. මේ අතර, සංචාරක පැමිණීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර මාසයට සාපේක්ෂව 2022 වසරේ අප්‍රේල් මාසයේ දී මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, විදේශීය ජංගම ගිණුමේ ස්ථායීතාවයට සහය දක්වමින් 2022 මැයි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ යළි ඉහළ ගියේය. 2022 වසරේ අප්‍රේල් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීම් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළඳපොළේ අඛණ්ඩ පීඩනය සැලකිල්ලට ගනිමින්, අවිධිමත් වෙළඳපොළේ ක්‍රියාකාරකම් සීමා කිරීමට සහ නිල සහ අවිධිමත් වෙළඳපොළ විනිමය අනුපාතික අතර පරතරය අඩු කිරීමට උපකාරී වූ විවෘත ගිණුම් සහ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම මත සිදුකල ආනයනයන් සීමා කිරීම් ඇතුළු ක්‍රියාමාර්ග 2022 වසරේ මැයි මාසයේදී මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. තවද, පෙර දින අන්තර් බැංකු වෙළඳපොළේ තීරණය වූ විනිමය අනුපාතිකය මත පදනම්ව, මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මස 13වැනි දින සිට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට විචලන මට්ටම (දෙපසටම අදාළ විචලන සීමා ඉඩ හැරීම් සමඟ) පිළිබඳව දෛනික මාර්ගෝපදේශ සැපයීම ආරම්භ කරන ලදී. මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය වර්ධනය වී ඇත.
-
The Current Exchange Rate Arrangement: Background, Positive Impact thus far, and Expected Outcomes
මෙම සටහන මඟින් මහජනතාවට වත්මන් විනිමය අනුපාතික සැකැස්මේ පසුබිම, මේ වනවිටත් එමඟින් සිදු වී ඇති ධනාත්මක බලපෑම සහ ඉදිරි කාලසීමාව තුළ අපේක්ෂිත ප්‍රතිඵල පැහැදිලි කිරීමට අදහස් කෙරේ.
-
CCPI based headline inflation accelerated further on year-on-year basis in May 2022
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 29.8හි සිට 2022 මැයි මාසයේ දී සියයට 39.1ක් දක්වා ඉහළ ගියේය. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 46.6හි සිට 2022 මැයි මාසයේ දී සියයට 57.4 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 22.0හි සිට 2022 මැයි මාසයේ දී සියයට 30.6 දක්වා ඉහළ ගියේය.
-
The Central Bank of Sri Lanka Reassures its Commitment to Ensuring the Availability of Foreign Exchange through the Banking System for Importation of Essential Food Items
ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීමේ දී, විවෘත ගිණුම් ක්‍රම (Open Account Payment Terms) හෝ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම යටතේ ගෙවීම් (Consignment Account Terms) ක්‍රම භාවිතය කොන්දේසි සහිතව සීමා කරමින්, මුදල් අමාත්‍යාංශය විසින් 2022 වසරේ මැයි මස 06 දින, 2022 අංක 07 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි, 2022 වසරේ මැයි මස 20 දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලදී.
මෙම ක්‍රියාමාර්ගය, දේශීය බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් විවිධ ක්‍රියාමාර්ග සමඟ සම්බන්ධ වේ.
-
Appointment of Mr. Nihal Fonseka as a member of the Monetary Board of the Central Bank of Sri Lanka
ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා 2022 මැයි 26 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙස යළි පත් කරන ලදී. මින් පෙර, ඔහු 2016 ජුලි මාසයේ සිට 2020 මැයි මාසය දක්වා මුදල් මණ්ඩලයෙහි සේවය කළේය.