නිතර අසනු ලබන ප්‍රශ්න

බැංකු සන්නිවේදනය

මහ බැංකු ප්‍රකාශනයන් මිලදී ගත හැක්කේ කෙසේද?

  1. ආර්ථික ඉතිහාස කෞතුකාගාරයේ වෙළෙඳ කවුන්ටරයෙන් (දුරකතනය 011 2444502)
  2. බැංකු විදු පියසේ වෙළෙඳ කවුන්ටරයෙන් (දුරකතනය 011 2477829)
  3. රටපුරා පවතින ප්‍රධාන පොත්හල්වලින්
  4. මාතලේ ප්‍රාදේශීය කාර්යාලය (දු.අ. 066 2223367), අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය (දු.අ. 025 2222055), මාතර ප්‍රාදේශීය කාර්යාලය (දු.අ. 041 2222774), ත්‍රිකුණාමල ප්‍රාදේශීය කාර්යාලය (දු.අ. 026 222 6966), කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය (දු.අ. 021 2258914) සහ නුවඑරළිය ප්‍රාදේශීය කාර්යාලය (දු.අ. 052 3059004)

සටහන සඟරාවට දායකත්වය ලබාගත හැක්කේ කෙසේද?

වසරක හෝ අර්ධ වසරක කාලයක් සඳහා සටහන සඟරාවට දායකත්වය ලබාගැනීමට මුදල් ඇණවුමක් හෝ චෙක්පතක් ශ්‍රී ලංකා මහ බැංකුව නමින් එවිය යුතුය.

දායකත්වය නැවත අලුත් කරගන්නේ කෙසේද?

අදාල කාලය අවසානයේ අවශ්‍ය කාලය වෙනුවෙන් නියමිත මුදල ගෙවීමෙන් දායකත්වය නැවත අලුත්කරගත හැක.

ශ්‍රී ලංකා මහ බැංකුව උසස් පංතිවල සිසුසිසුවියන් හා ගුරුවරුන් හට දේශන පවත්වන්නේ ද?

ඔව්, එහි ආයතනික වැඩ සටහන් යටතේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් දේශන වැඩමුලු සහ සම්මන්තුණ සංවිධානය කරනු ලැබේ. එවැනි වැඩ සටහනක් ඔබ පාසැලේ පැවැත්වීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා අධ්‍යක්ෂ, සන්නිවේදන දෙපාර්තමේන්තුව වෙත (දුගඅග 011 2477418) ලිඛිත ඉල්ලීමක් කළ හැකිය. 

සම්පත් දායකයන් ලබාගැනීමට තිබෙන හැකියාවට යටත්ව සන්නිවේදන දෙපාර්තමේන්තුව ඔබගේ ඉල්ලීම ඉටුකිරීමට කටයුතු කරනු ඇත.

ආර්ථික ඉතිහාස කෞතුකාගාරය විවෘතකර තබන වේලාවන්

උදෑසන 9.00 සිට පස්වරු 4.15 දක්වා රජයේ හා බැංකු නිවාඩු දිනවලදී හැර සතියේ දිනවල විවෘතයි.

මහජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන්

ශ්‍රී ලංකා මහ බැංකුව එහි මහජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් යටතේ පවත්වනු ලබන අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන සඳහා සහභාගිවේ. ශ්‍රී ලංකා මහ බැංකු කුටියේ තිබෙන සිත්ගත් ප්‍රධාන අංගයක් වන්නේ ව්‍යවහාර මුදල් කෞතුකාගාරය, සේවක අර්ථසාක අරමුදල් විමර්ශන අංශය, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප්‍රදර්ශන භාණ්ඩ සහ ප්‍රකාශන අලෙවි කවුළුවයි. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් හා වගකීම් පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා බැංකුව මගින් පවත්වාගන යනු ලබන විවිධ සංවර්ධන කාර්යයන් සහ සේවාවන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කනර වීඩියෝ වාර්තා වැඩ සටහන් ඉදිරිපත් කිරීමත් කරනු ලැබේ.