නිතර අසනු ලබන ප්‍රශ්න

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව තුල ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු මොනවාද?

කරුණාකර පහත සබැඳිය භාවිතා කරන්න.

බලපත්‍රලාභී වාණිජ බැංකු

ශ්‍රී ලංකාව තුල ඇති බලපත්‍රලාභී විශේෂිත බැංකු මොනවාද?

කරුණාකර පහත සබැඳිය භාවිතා කරන්න.

බලපත්‍රලාභී විශේෂිත බැංකු

බලපත්‍රලාභී වාණිජ බැංකු හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් සපයනු ලබන අසතුටුදායක සේවාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණිලි කල යුත්තේ කෙසේද?

පාරිභෝගික පැමි‍ණිලි පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙන්වූ දෙපාර්තමේන්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව තුල ස්ථාපිත කර ඇති අතර පහත සබැඳිය තුලින් වැඩිදුර විස්තර ලබාගත හැක.

මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව

බැංකු පණත සොයාගත හැක්කේ කෙසේද?

කරුණාකර පහත සබැඳිය භාවිතා කරන්න.

Banking Act, No. 30 of 1988 (1988 අංක 30 දරණ බැංකු පණත)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත බැංකු කටයුතු සම්බන්ධයෙන් ලබා දී ඇති මෙහෙයුම් උපදෙස්, චක්‍රලේඛ, නියෝග හා නිවේදන සොයාගත හැක්කේ කෙසේද?

කරුණාකර පහත සබැඳිය භාවිතා කරන්න.

බැංකු සඳහා නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස්, චක්‍රලේඛ, නියෝග සහ නිවේදන

‘ණය පමා කාලය’ (Debt moratorium) යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

‘ණය පමා කාලය’ යනුවෙන් අදහස් කරනුයේ කිසියම් ණයක් සම්බන්ධ මුලීක හා/හෝ පොලී ගෙවීම නිශ්චිත සහන කාලයක් තුළ තාවකාලිකව කල් දැමීම වේ. කෙසේ වුවද මෙහිදී මූලික හා/හෝ පොලී ගෙවීම සම්පුර්ණයෙන් අත්හැර දැමීමක් සිදු නොවන අතර සහන කාලය‍ට අදාල මූලික හා/හෝ පොලී ගෙවීම් පසුව ගණුදෙනුකරු විසින් බැංකුව ලබා දෙන සංශෝධිත ආපසු ගෙවීම් සැලසුමට අනුව ගෙවිය යුතුය.

ණය පමා කාලය සම්බන්ධව මෑතකදී නිකුත් කල මෙහෙයුම් උපදෙස්, චක්‍රලේඛ නිර්දේශ හා නිවේදන මොනවාද?

2000 අංක 10 දරණ චක්‍රලේඛය - Extension of Debt Moratorium for Covid-19 Affected Businesses and individuals in the Tourism Industry

2021 අංක 04 දරණ චක්‍රලේඛය - Extension of Debt Moratorium for Covid-19 Affected Businesses and individuals in the Tourism Industry

2020 අංක 10 දරණ චක්‍රලේඛය - Debt Moratorium for COVID-19 Affected Businesses and Individuals

ණය පමා කාලය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කලින් කලට නිකුත් කල පැහැදිලි කිරිම් මොනවාද?

පහත සබැඳියන් භාවිතා කරන්න.

2020 අංක 01 දරණ පැහැදිලි කිරිම - Explanation 01 of 2020

2020 අංක 02 දරණ පැහැදිලි කිරිම - Explanation 02 of 2020

2020 අංක 03 දරණ පැහැදිලි කිරිම - Explanation 03 of 2020

2020 අංක 04 දරණ පැහැදිලි කිරිම - Explanation 04 of 2020

2020 අංක 05 දරණ පැහැදිලි කිරිම - Explanation 05 of 2020

2021 අංක 01 දරණ පැහැදිලි කිරිම - Explanation 01 of 2021

ශ්‍රී ලංකාව තුල වසා දමන ලද බලපත්‍රලාභී බැංකුවක මුදල් ලබා ගැනිමේදී අනුගමනය කළයුතු පියවර මොනවාද?

පියවර 1: බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ විශේෂිත බැංකුවක් ස්වේච්චාවෙන් වසා දැමීමට හෝ ශ්‍රී ලංකාව තුල බැංකු මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තිරණය කළ විට, සියලුම  තැන්පතු ආපසු ගෙවීමට කටයුතු කිරිම අනිවාර්ය වේ.

පියවර 2: බැංකුව විසින් වසා දැමිමේ හෝ ශ්‍රී ලංකාව තුල බැංකු මෙහෙයුම් කටයුතු නවතා දැමීම තීරණය නිකුත් කල පසු තැන්පත්කරුවන්ට තම අයිතිය හා අනන්‍යතාවය ඔප්පු කිරිමෙන් අනතුරුව අදාල තැන්පතු ලබාගත හැකිය.

පියවර 3: හිමිකම් පෑමක් සිදු නොකළ තැන්පත් (ශ්‍රී ලංකා මුදල් සහ විදේශිය මුදල්) ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති විශේෂිත ගිණුමකට මාරු කිරිමට කටයුතු කරනු ලබන අතර, එවැනි තැන්පතු හිමිකම් නොපෑ අරමුදල් ලෙස සලකනු ලැබේ.

පියවර 4: හිමිකම් නොපෑ අරමුදල් පිළිබඳව (දේශිය මුදල් හෝ විදේශීය මුදල්) හිමිකම්පෑම සඳහා ගණුදෙනුකරුවන් තම අයිතිය හා අනන්‍යතාවය ඔප්පු කලහැකි ලිපිලේඛන සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉල්ලුම් කල යුතුය.

බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අත්හල වත්කම් ගිණුමක් (අකර්මණ්‍ය ගිණුම්) ලෙස වර්ග කර මාරු කර යවා ඇති මුදල් සම්බන්ධයෙන් හිමිකම් ලබා ගන්නේ කෙසේද?

ශ්‍රී ලංකා රුපියල් වලින් පවත්වාගනු ලැබු ගිණුමක් නම්,

පියවර 1: ගිණුම පවත්වාගෙන ගිය බැංකුව වෙත විධිමත් ඉල්ලීමක්, අයිතිය හා අනන්‍යතාවය සනාථ කළ හැකි ලිපි ලේඛණ ( ජාතික හැදුනුම්පත/ගුවන් ගමන් බලපත්‍රය/උප්පැන්න සහතික හෝ වෙනත්) සමඟ ඉදිරිපත් කළ යුතුය‍.

පියවර 2: බැංකුව විසින් අත්හල වත්කම් ලෙස වර්ග කරනු ලැබු මුදලින් 10% පමණ කොටසක් බැංකුව තුල පාලන ගිණුමක රඳවාගෙන ඉතිරි 90%  ශ්‍රී ලංකා මහ බැංකුවට මාරු කරනු ලබන අතර එම 10% මුදලින් අදාල ගෙවීම සිදු කරනු ලැබේ.

පියවර 3:  තැන්පතුකරුගේ හිමිකම පාලන ගිණුමේ රඳවාගත් 10% මුදල ඉක්මවූ අවස්ථාවකදී, අදාල ගෙවීම බැංකුවේ අරමුදලින් ගෙවීමට කටයුතු කර ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ප්‍රතිපූර්ණය කිරිමට කටයුතු කරනු ලැබේ.

ගණුදෙනුකරුගේ ගිණුම විදේශ මුදලින් පවත්වාගෙන ගිය අවස්ථාවකදී,

පියවර: ගිණුම පවත්වාගෙන ගිය බැංකුව වෙත අයිතිය හා අනන්‍යතාවය සනාථ කළ හැකි ලිපි ලේඛණ (ජාතික හැදුනුම් පත/ගුවන් ගමන් බලපත්‍රය/උප්පැන්න සහතික හෝ වෙනත්) සමඟ විධිමත් ඉල්ලීමක් කිරීම මගින් අදාල මුදල් ලබා ඇත හැක.

මූල්‍ය අංශය සම්බන්ධ සංඛ්‍යාන දත්ත සොයාගත හැකි ආකාරය කුමක්ද?

කරුණාකර පහත සබැඳිය භාවිතා කරන්න.

මූල්‍ය අංශයේ සංඛ්‍යා ලේඛන