ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සියලුම උප දර්ශක, කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරමින් 2018 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි. ඔක්තෝබර් මාසයෙහි දක්නට ලැබුණු මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන්ම, උත්සව සමයෙහි ආහාර සහ පාන නිෂ්පාදනය සඳහා ඇතිවන ඉල්ලුම හේතුවෙන්, නව ඇණවුම් සහ නිෂ්පාදනවල දක්නට ලැබුණු වර්ධනය හේතු විය. ආහාර සහ පාන අංශයෙහි සේවා නියුක්තිය, සෘතුමය ප්‍රවණතා හේතුවෙන් යම් වර්ධනයක් පෙන්නුම් කළද, සමස්ත සේවා නියුක්තියෙහි අඩු වර්ධනයක් පෙන්නුම් කරන ලදී. සේවකයන් සොයාගැනීමේ අපහසුතාවය හේතුවෙන්, රෙදිපිළි සහ නිමි ඇඳුම් නිෂ්පාදන අංශයෙහි සේවා නියුක්තියෙහි දක්නට ලැබුණු අඩු වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.
-
Sri Lanka Purchasing Managers’ Index - October 2018
-
The Central Bank of Sri Lanka Requests the General Public to be Attentive to Financial Scams/Phishing Emails
විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍යයන් ඔස්සේ මෑත කාලීන ව ව්‍යාප්ත වන ජනතාව මුලා කරවන සුලු මූල්‍ය වංචාවන්ට අදාළ පණිවිඩ පිළිබඳ ව මහජනතාව වෙතින් ඉදිරිපත් වී ඇති දුක් ගැනවිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමට මහජනතාව පොළඹවා ගැනීම සඳහා විශ්වාසදායී ආයතන ලෙස පෙනී සිටිමින් මෙම වංචාකරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකු ලාංඡනය, මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලෙහි රූප සහ මහ බැංකුවේ සේවය කරන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ නම් භාවිත කරන බව ද වාර්තා වී ඇත.
-
Monetary Policy Review - No. 7 of 2018
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 නොවැම්බර් මස 13 වැනි දින පැවති රැස්වීමේ දී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) පහත හෙළීමට තීරණය කළේය. මෙම තීරණයෙහි බලපෑම සමනය කිරීම සඳහා සහ සිය මධ්‍යස්ථ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) පදනම් අංක 75 කින් සියයට 8.00 දක්වාද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 කින් සියයට 9.00 දක්වාද ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.
මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය උපරිම වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇතිව, දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය හා විදේශීය ආර්ථික වර්ධනයන් මෙන්ම, දේශීය මූල්‍ය වෙළඳපොළ තත්ත්වද පරීක්ෂාකාරී ලෙස සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය ඉහත තීරණයට එළඹියේය.
-
Financial Intelligence Unit of Sri Lanka entered into a Memorandum of Understanding with the Department of Motor Traffic
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 නොවැම්බර් 01 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මෙහි මූලික පරාමාර්ථය වී ඇත්තේ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ අනෙකුත් අදාළ අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම් කටයුතු සඳහා බුද්ධිමය තොරතුරු ලබා ගැනීමයි.
-
Appointment of New Deputy Governors
මුදල් මණ්ඩලය විසින් ගරු මුදල් අමාත්‍යතුමාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් වන එස්.ආර් ආටිගල මහතා සහ එච්.ඒ කරුණාරත්න මහතා 2018 ඔක්තෝබර් මස 31 වැනි දින සිට නියෝජ්‍ය අධිපති තනතුර සඳහා පත්කර ඇත.
-
Erroneous News Articles on Money Printing
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි වශයෙන් මුදල් අච්චු ගැසූ බවට මෑතකදී පළවූ පුවත්පත් ලිපි පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. එවැනි ලිපිවල අඩංගු සංකල්ප සහ කරුණු ඉතා සාවද්‍ය සහ නොමඟ යවන සුළු බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට අදහස් කරයි.
මෙම පුවත්පත් ලිපි මගින් රජයේ රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා පියවීමට සහාය වීම සඳහා මෑත කාලීනව ශ්‍රී ලංකා මහ බැංකුව විශාල වශයෙන් මුදල් අච්චු ගසා ඇති බව දක්වා ඇත. සාමාන්‍යයෙන්, මුදල් අච්චු ගැසීම මහ බැංකුවේ සංචිත මුදල්වල (අධි බලැති මුදල්වල) ප්‍රසාරණයක් ලෙස සැලකේ. 2017 වසර අවසානයේදී රුපියල් බිලියන 939.8 ක් වූ සංචිත මුදල් 2018 වසරේ සැප්තැම්බර් අවසානයේ රුපියල් බිලියන 1,010.5 වූ අතර, නොවැම්බර් 02 වැනි දින වන විට එය රුපියල් බිලියන 1,020.8 ක අගයක් වාර්තා කළේය. ඒ අනුව සංචිත මුදල්වල වාර්ෂික ලක්ෂමය වර්ධනය සියයට 11.6 ක් වන අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථනය කරන ලද අගයට වඩා පහළ මට්ටමක පවතී.
-
Release of “A Step by Step Guide to Doing Business in Sri Lanka”
" A Step by Step Guide to Doing Business in Sri Lanka " ප්‍රකාශනයේ අටවන සංස්කරණය පොදු මහජන පරිශීලනය සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් දැන් නිකුත් කර ඇති අතර ‘ව්‍යාපාරයක් ආරම්භ කිරීම’, ‘ව්‍යාපාරයක් තුළ’ සහ ‘වෙනත් ක්‍රියාකාරකම්’ යන ප්‍රධාන පරිච්ඡේද තුන යටතේ වර්ගීකරණය කර ඇති මෙම ප්‍රකාශනය ව්‍යාපාරික ප්‍රජාව, විදේශීය ආයෝජකයින්, ව්‍යවසායකත්ව හැකියාවෙන් යුත් පුද්ගලයින් සහ ආයෝජන ප්‍රවර්ධන ආයතන සඳහා ප්‍රයෝජනවත් වන තොරතුරු වලින් සමන්විත වේ. එක් එක් මාතෘකාව යටතේ අදාළ ආයතන, ලේඛන අවශ්‍යතා, නියාමන නිෂ්කාශන සහ අදාළ වියදම් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු අන්තර්ගත වේ. තවද, මෙම ප්‍රකාශනය සඳහා 2018 මැද භාගය වනතෙක් අදාළ ආයතන වලින් ලබා ගත් සංශෝධන ඇතුළත් කොට තිබේ.
-
Provincial Gross Domestic Product – 2017
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.), ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් පළාත් මට්ටමින් සකස් කරගත් දර්ශක යොදා ගනිමින් පළාත් අනුව බෙදා වෙන් කර පළාත් දළ දේශීය නිෂ්පාදිතය(ප.ද.දේ.නි.) ඇස්තමේන්තු කර ඇති අතර බස්නාහිර පළාත අඛණ්ඩව රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයට ඉහළම දායකත්වය දක්වනු ලැබීය. කෙසේවුවත්, මෑතකාලීනව දක්නට ලැබුණු, බස්නාහිර පළාත ද.දේ.නි. ට දක්වන දායකත්වය අඩුවීමේ ප්‍රවණතාවය 2017 වසරේදී ද දක්නට ලැබුණු අතර එමගින් පළාත්බද විෂමතාවය අඩුවීම පිළිබිඹු කෙරේ. නාමික ද.දේ. නි. ට දෙවන හා තෙවන ඉහළම දායකත්වය මධ්‍යම හා වයඹ පළාත් විසින් ලබා දෙන ලදී.
2017 වසරේ දී නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්, පළාත් ද.දේ.නි. සඳහා දක්වන දායකත්වය ඉහළ ගිය අතර බස්නාහිර, දකුණු, උතුරු මැද සහ සබරගමුව පළාත්වල දායකත්වය පහළ ගියේය. මධ්‍යම සහ උතුරු පළාත්වල දායකත්වය නොවෙනස්ව පැවතුණි.
-
International Sovereign Bond Issuances of the Government of Sri Lanka
ශ්‍රී ලංකා රජය, 2007 වසරේ සිට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරයි. නිදහස ලැබීමේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ද ඇතුලත් වන්නා වූ තම ණය වගකීම් කළට වේලාවට සේවාකරණය කිරීම මගින් නිකැළැල් වාර්තාවක් පවත්වාගෙන ඇත.
2014 වසරේ ජනවාරි හා අප්‍රේල් යන මාසවලදී නිකුත් කරන ලද පිළිවෙළින් ඇ.එ.ජ. ඩොලර් මිලියන 1,000 ක් සහ 500 ක් වූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර, 2019 ජනවාරි හා අප්‍රේල් යන මාසවලදී කල් පිරීමට නියමිතය. 2019 වසරේදී කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම් සිදු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් උපාය මාර්ගික නොවන වත්කම් විකිණීමෙන් සහ කාලීන ඒකාබද්ධ ණය පහසුකම් ලබාගැනීම මගින් ශ්‍රී ලංකා රජය විසින් මේ වන විට සම්පාදනය කරගෙන ඇත.
-
Recent Economic Developments: Highlights of 2018 and Prospects for 2019
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය අර්ධ වාර්ෂික ප්‍රකාශනය වන “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2018 සුවිශේෂ සිදුවීම් සහ 2019 අපේක්ෂාවන්” අද දින එළි දක්වන ලදී.
මෙම ප්‍රකාශනයේ අන්තර්ගත වන පරිදි 2018 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.
ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය වෙළෙඳපොළ තුළ සිදු වන වෙනස්වීම් හේතුවෙන් ඇති වූ නව අභියෝගවලට මුහුණ දුන් අතර, එය වසරේ පළමු කාර්තුව දක්වා ආර්ථිකයේ දැකිය හැකි වූ මනා ස්ථායීකරණය කෙරෙහි බාධා කළේ ය. 2017 වසරේ දී සියයට 3.3 ක සාපේක්ෂ ව අඩු වර්ධනයක් වාර්තා කිරීමෙන් අනතුරු ව 2018 වසරේ පළමු භාගය තුළ දී ආර්ථිකය සියයට 3.6 ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. මෙම කාලය තුළ පැවති හිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් 2018 වසරේ පළමු භාගය තුළ දී කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩ ව යථා තත්ත්වයට පත් විය. ප්‍රධාන වශයෙන්, ඉදිකිරීම් සහ පතල් හා කැණීම් උප අංශවල දැකිය හැකි වූ මන්දගාමී ක්‍රියාකාරිත්වය හේතුවෙන් කාර්මික කටයුතුවල වර්ධනය අඩු විය. මූල්‍ය සේවා, තොග හා සිල්ලර වෙළෙඳාම සහ අනෙකුත් පෞද්ගලික සේවා කටයුතුවල වර්ධනය හේතුවෙන් සමස්තයක් ලෙස සේවා අංශයේ ක්‍රියාකාරකම්වල වර්ධනයක් දැකිය හැකි විය. මේ අතර, 2018 වසරේ පළමු භාගය තුළ දී සේවා වියුක්ති අනුපාතිකයේ ඉහළ යෑමක් දැකිය හැකි විය. ප්‍රධාන වශයෙන්, ආහාර මිල ගණන් විචලනය වීම සහ දේශීය වෙළෙඳපොළ තුළ ඛනිජ තෙල් මිල ගණන් හා අනෙකුත් පරිපාලිත මිල ගණන් ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික මිල උද්ධමනයේ තාවකාලික ඉහළ යෑමක් ඇතැම් මාසවල දී දැකිය හැකි වුව ද, 2018 වසරේ මේ දක්වා කාලය තුළ පාරිභෝගික මිල උද්ධමනය අඩු මට්ටමක පවතී.