2020 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනය විය.
රටේ ව්‍යාපාරික කටයුතු යථාවත් වීම හේතු කොට ගෙන 2020 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදු වූ අඛණ්ඩ වර්ධනය, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙන් පිළිබිඹු විය. නව ඇණවුම් සහ නිෂ්පාදන යන උපදර්ශක දෙක ම 2020 අගෝස්තු මාසයේ දී ඉහළ ගිය අතර සේවා නියුක්තිය උපදර්ශකයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි.
 
            









