2018 ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. එක්සත් ජනපද ඩොලර් මගින් දැක්වූ විට වසර තුළ මෙතෙක් වාර්තා වූ අඩු ම වෙළෙඳ හිඟය ජුනි මාසයේ දී වාර්තා වුව ද, අපනයන ආදායම් ඉහළ යෑමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් ඉහළ යෑම හේතුවෙන් 2017 වසරේ ජුනි මාසය හා සැසැඳීමේ දී 2018 ජුනි මාසයේ දී වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2017 ජුනි මාසයට සාපේක්ෂ ව අඩු වීමක් පෙන්නුම් කළ ද, වසර ආරම්භයේ සිට දක්නට ලැබුණු වර්ධන ප්‍රවණතාව අඛණ්ඩ ව පවත්වා ගනිමින් 2018 ජුනි මාසයේ දී සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය.
-
External Sector Performance - June 2018
-
Inflation in July 2018
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 ජුනි මාසයේ දී පැවැති සියයට 2.5ට සාපේක්ෂ ව 2018 ජූලි මාසයේ දී සියයට 3.4ක් දක්වා ඉහළ ගියේ ය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් පෙර වසරේ පැවති පහළ පදනම සහ ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිලෙහි වූ මාසික ඉහළ යෑම හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 5.3 සිට 2018 ජූලි මාසයේ දී සියයට 5.1 දක්වා පහළ ගියේ ය.
-
Clarification on the EPF’s equity investment in Weligama Hotel Properties Limited (WHPL)
වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ මව් සමාගම වන ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොල වෙත ඉදිරිපත් කරන ලද සාංගමික හෙළිදරව් කිරීමක් සහ ඒ පිළිබඳව ඇතැම් මාධ්‍යවල පලවූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුවී තිබේ.
වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ කොටස්, එච්පීඑල් ප්‍රොපර්ටීස් ගෲප් ආයතනය වෙත විකිණීමට අදහස් කරන බව 2018 ජූනි මාසයේදී වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ සභාපති විසින්, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත. ඉන් පසුව, මේ සම්බන්ධව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගම සමඟ සාකච්ඡා ගණනාවක් සිදුකරන ලදී. ඒ අනුව වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ සිදුකර ඇති කොටස් ආයෝජනයෙහි තක්සේරුවක් ලබාගැනීමට, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති අතර තක්සේරු ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතී.
-
Clarification on Lending to an Entity (Concern) Where the Director of a Bank has an Interest
බලපත්‍රලාභී බැංකුවක (මින් මතු, බැංකුව) අධ්‍යක්ෂවරයෙකු විසින් සෘජු ව හෝ වක්‍ර ලෙස බැඳියාවක් දක්වනු ලබන ව්‍යාපාරයක් සඳහා ලබා දෙනු ලබන ණය පිළිබඳ ව මෑතක දී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ඉදිරිපත් කර තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් ඒ හා අදාළ වන නියාමන සහ අධීක්ෂණ රෙගුලාසි පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
-
Sri Lanka Purchasing Managers’ Index - July 2018
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 ජුනි මස වාර්තා කළ 57.6ක අගයට සාපේක්ෂ ව 2018 ජූලි මාසයේ දී 57.2ක දර්ශක අගයක් දක්වා අඩු විය. මෙම ආන්තික පහත වැටීම සඳහා විශේෂයෙන් ම සේවා නියුක්තියේ අඩු වීම බලපාන ලදි. ආහාරපාන සහ රෙදිපිළි හා නිමි ඇඳුම් යන අංශයන්හි නුපුහුණු සේවකයින් සේවය හැර යාමත් සමඟ නවක සේවකයින් බඳවා ගැනීමේ අපහසුතාව මේ සඳහා බලපාන ලදි. තව ද, 2018 ජූලි මාසයේ දී නව ඇණවුම් සුළු වශයෙන් පහත වැටුණි. කෙ සේ වුව ද, ඉදිරි මාස තුන සඳහා රසායන ද්‍රව්‍ය හා ඖෂධ නිෂ්පාදන අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම්හි අපේක්ෂිත වර්ධනයත් සමඟ නිෂ්පාදන සහ ගැනුම් තොග වර්ධනය විය. මේ අතර, සාමාන්‍යයෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ඉහළ යෑම තුළින් ආර්ථිකය වර්ධනය වන බව පිළිඹිබු වේ. එ නමුත්, මෙම මාසයේ දී ලෝක වෙළෙඳපොළ තුළ අමුද්‍රව්‍ය හිඟ වීම සහ අයහපත් කාළගුණය හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ඉහළ යන ලදී. එම නිසා, ආර්ථිකයේ වර්ධනයක් එ මගින් පිළිඹිබු නො වේ.
-
Regulatory Action on a Primary Dealer - Pan Asia Banking Corporation PLC
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සීහි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2018 අගෝස්තු මස 15 වැනි දින පෙරවරු 10.00 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදි.
මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට පෑන් ඒෂියා බැංකුවට සහභාගී වීමට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ. කෙ සේ වෙතත්, මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිඳු බලපෑමක් ඇති නො වේ.
-
The Central Bank of Sri Lanka Maintains Policy Interest Rates at Current Levels
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 අගෝස්තු මස 02 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ ම පවත්වා ගැනීමට තීරණය කළේ ය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මැදිකාලීන වශයෙන් උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එ මගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහළ සහ තිරසාර වර්ධනයක් පවත්වා ගැනීම සඳහා දායක වීම යන මහ බැංකුවේ අරමුණු හා අනුකූල වේ. මුදල් මණ්ඩලය මෙම තීරණය වෙත එළැඹීමේ දී දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය ආර්ථික වර්ධනයන් පුළුල් ලෙස සලකා ඇත.
-
The Standard Credit Finance Limited - Cancellation of Licence issued under the Finance Business Act No. 42 of 2011 and Certificate of Registration issued under the Finance Leasing Act No. 56 of 2000
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය, 2008 වසරේ සිට මූල්‍යමය අර්බුදයකට මුහුණ දීමට සිදු ව ඇත. මෙම ආයතනයේ තැන්පත්කරුවන්ට පසුගිය වසර දහය පුරා ම සිය තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට නො හැකි වී ඇත. විවිධ උපායමාර්ග හරහා ආයතනය නැවත නගා සිටුවීම සඳහා ගත් සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති අතර, වර්තමානයේ පවතින තත්ත්වයෙන් මෙම සමාගම අඛණ්ඩ ව පවත්වා ගෙන යෑම තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ යහපතට තවදුරටත් හානි වනු ඇත.
-
Inflation in June 2018
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 මැයි මාසයේ දී පැවැති සියයට 2.1ට සාපේක්ෂ ව 2018 ජුනි මාසයේ දී සියයට 2.5ක් දක්වා ඉහළ ගියේ ය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම ප්‍රධාන වශයෙන් දායක විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 5.7 සිට 2018 ජුනි මාසයේ දී සියයට 5.3 දක්වා පහළ ගියේ ය.
-
External Sector Performance - May 2018
2018 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. 2018 වසරේ මැයි මාසයේ දී වෙෙළඳ හිඟය තවදුරටත් පුළුල් වූ නමුත්, ආනයන වර්ධනයට වඩා අපනයන වර්ධනය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් වීමේ වේගය සාපේක්ෂ ව අඩු විය. මාසය තුළ දී සංචාරක ඉපැයීම් තවදුරටත් වර්ධනය වූ අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහත වැටුණි. රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් වූ ශුද්ධ විදේශීය ගෙවීම් සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ විදේශීය ලැබීම් අඩු වීම හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් මධ්‍යස්ථ මට්ටමක පැවතුණි. 2018 වසරේ මැයි මාසය අවසානයේ දී රටේ දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 8.8ක් විය.