ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 පෙබරවාරි මස 21 වැනි දින පැවති රැස්වීමේ දී වාණිජ බැංකු වෙතැති සියලු ම රුපියල් තැන්පතු වගකීම්වලට අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, 2019 මාර්තු මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සියයට 5.00 දක්වා ප්‍රතිශතාංක 1.00 කින් අඩු කිරීමට තීරණය කළේය. තව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළ අතර, ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.00 සහ සියයට 9.00 මට්ටමේ පවතී. මැදිකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය උපරිම වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇති ව, දේශීය ආර්ථිකයේ සහ දේශීය මූල්‍ය වෙළඳපොළ තුළ මෙන් ම ගෝලීය ආර්ථිකයේ දැනට පවත්නා සහ අපේක්ෂිත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරු ව මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබී ය.
-
Monetary Policy Review - No. 1 of 2019
-
Inflation in January 2019
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ පැවති සියයට 0.4 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.2 දක්වා ඉහළ ගියේ ය. 2019 ජනවාරි මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයේ දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා පදනම් බලපෑම සහ ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතු විය. ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 4.7 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 6.5 දක්වා ඉහළ ගියේ ය. කෙසේ වුව ද, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට -4.5 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට -4.8 දක්වා තවදුරටත් පහළ ගියේ ය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකයේ වෙනස, 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.1 සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.8 දක්වා පහළ ගියේ ය.
-
A Response From the Governor, CBSL to the News Item Published in LankaCNews
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මැතිතුමා විසින් මා වෙත යොමු කරනු ලැබ ඇතැ යි සඳහන් කර LankaCNews වෙබ් අඩවියේ 2019.02.17 දින ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ ගනුුදෙනු පිළිබඳ ව පළ කරනු ලැබූ ලිපිය කෙරෙහි මාගේ අවධානය යොමු කොට ඒ සම්බන්ධයෙන් පහත කරුණු පැහැදිලි කිරීමට අපේක්ෂා කරන අතර එම ලිපිය මෙතෙක් මා වෙත ලැබී නැති බව ද මෙයින් දන්වා සිටිමි.
-
Sri Lanka Purchasing Managers’ Index - January 2019
නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වීම සඳහා 2018 දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව 2019 ජනවාරි මාසයේ දී නිමි ඇඳුම් නිෂ්පාදන අංශය තුළ රැකියා නියුක්තියේ සහ නිෂ්පාදනයේ දක්නට ලැබුණු වර්ධනය හේතු විය. පැවති රැකියා පුරප්පාඩු පිරවීම සඳහා සිදු කරන ලද නව බඳවා ගැනීම් හේතුවෙන් රැකියා නියුක්තියේ මෙම සැලකිය යුතු වර්ධනය දක්නට ලැබුණි. රැකියා නියුක්තියේ වර්ධනය මෙන් ම පෙර මාසයෙන් ඉදිරියට ගෙනා ඇණවුම් හේතුවෙන් නිෂ්පාදනයේ ද වැඩි වීමක් ඇති විය.
-
Sale of Subsidiaries, Sub-Subsidiaries and Investment Properties of ETI Finance Ltd
ඉහත කරුණ සම්බන්ධයෙන් 2019 පෙබරවාරි 13 වැනි දින ඉංග්‍රීසි දිනපතා පුවත්පතක පළ වූ ලිපිය හා බැඳේ.
ඉහත සඳහන් ලිපියේ දෝෂ සහිත සහ නො මග යවන සුලු කරුණු කිහිපයක් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුවට පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පහත පරිදි පැහැදිලි කිරීමට කැමැත්තෙමු.
-
Regulatory Actions Taken by the Central Bank of Sri Lanka on The Finance Co PLC
2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මුදල් සමාගමක් වන ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර වර්තමානය වන විට ඉතා ඉක්මනින් විසඳිය යුතු උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් ව ඇත. ආයතනය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනා ගැනීම සඳහා අවස්ථා ගණනාවක දී ප්‍රයත්න දැරුව ද එම ප්‍රයත්න තවමත් ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැත. ආයතනය වර්තමාන තත්ත්වය යටතේ ක්‍රියාත්මක වීමට ඉඩ දීම තුළින් ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ ආයතනය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ යහපත තවදුරටත් අවම වනු ඇත.
-
Sale of Subsidiaries, Sub-Subsidiaries and Investment Properties of ETI Finance Ltd
ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම සම්බන්ධයෙන් සමහර වැරදි තොරතුරු සංසරණය වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක් වී ඇත. ඉහත කී ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පරිදි කරුණු පැහැදිලි කර සිටී.
-
Ensuring the Safety of Payment Card Transactions
ගෙවීම් කාඩ්පත් මගින් ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය හරහා මුදල් ආපසු ලබා ගැනීමේ පහසුව සහ ලොව පුරා සිටින වෙළෙඳුන් හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසා දෙයි. කෙ සේ වෙතත්, ATM හා කාඩ්පත් කියවීමේ යන්ත්‍ර අවභාවිත කර ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මුදල් සොරා ගැනීම සඳහා අපරාධකරුවන් හට හැකියාව ඇත. එ බඳු සිදුවීම් අවම කිරීම පිණිස ජාත්‍යන්තර ගෙවීම් කාඩ්පත් සඳහා වන ආරක්ෂක ප්‍රමිතීන් හා පරිචයන්ට අනුකූල ව ගෙවීම් කාඩ්පත් ජාලය තුළ විද්‍යුත් චිපයක් සහිත ආරක්ෂිත කාඩ්පත් (EMV) නිකුත් කිරීම සහ සියලු ම ආකාරයේ විද්‍යුත් ගනුදෙනු කෙටි පණිවිඩ (SMS) මාර්ගයෙන් දැනුම්දීම් වැනි ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇත.
-
A Commemorative Coin to Mark the 150th Anniversary of Colombo Municipal Council
කොළඹ මහ නගර සභාව රට වෙනුවෙන් කරන ලද සේවාව ඇගැයීම සහ එහි 150 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රුපියල් 500ක් වන විශේෂ රිදී සමරු කාසියක් නිකුත් කරන ලදි.
-
Monetary Policy Review - December 2015
පුළුල් මුදල් සැපයුම (M2b) වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2014 පෙර මාසයේ වාර්තා වූ සියයට 16.0 සිට 2015 ඔක්තෝබර් මාසයේ දී සියයට 17.0ක ඉහළ අගයකින් තවදුරටත් වර්ධනය වූ අතර මේ සඳහා බැංකු පද්ධතිය මගින් පෞද්ගලික හා රාජ්‍ය අංශවලට ලබා දුන් ණය වර්ධනය දායක විය. පෞද්ගලික අංශය වෙත වාණිජ බැංකු විසින් සපයන ලද ණය ප්‍රමාණය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ සියයට 22.2ක වර්ධනය හා සාපේක්ෂ ව සියයට 26.3කින් වර්ධනය විය. පෞද්ගලික අංශය වෙත වූ ණය ගලා යෑම තවදුරටත් ඉහළ අගයකින් වර්ධනය වී ඇතැයි 2015 නොවැම්බර් මාසය සඳහා වූ තාවකාලික දත්ත මගින් ද තහවුරු වේ. මේ අතර, මුදල් වෙළෙඳපොළ අතිරික්ත ද්‍රවශීලතාව අඛණ්ඩ ව ඉහළ අගයක පැවතීම ද මුදල් ප්‍රසාරණය ඉහළ නැංවීමට හේතු වී ඇත.








