2018 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියනයකට වඩා වැඩි වුව ද, ඉහළ ආනයන වියදම නිසා පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සැසඳීමේ දී 2018 ජූලි මාසයේ දී වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් විය. මාසය තුළ දී වාර්ෂික පදනම මත සංචාරක ඉපැයීම් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළ අතර, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සුළු වශයෙන් අඩු විය. ජූලි මාසය තුළ දී මූල්‍ය ගිණුම වෙත මධ්‍යස්ථ ලැබීම් ප්‍රමාණයක් වාර්තා වූ අතර, ණය සේවාකරණ අවශ්‍යතාවන් සහ අනෙකුත් ගෙවීම් හේතුවෙන් 2018 ජූලි මස අවසානය වන විට දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 8.4ක් දක්වා අඩු විය. රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් සිදු වූ විදේශීය ආයෝජන ගෙවීම් සහ ආනයන සඳහා වූ විදේශ විනිමය ඉල්ලුම ඉහළ යෑමත් සමඟ විදේශ විනිමය වෙළෙඳපොළ අඛණ්ඩ ව පීඩනයකට යටත් ව පැවතුන අතර, ඒ හේතුවෙන් විනිමය අනුපාතිකයේ දෛනික ව පැවති අධික විචලනයන් අවම කිරීම සඳහා මැදිහත් වීමට මහ බැංකුවට සිදු විය.
-
External Sector Performance - July 2018
-
IMF Staff Completes Review Mission to Sri Lanka
රටක සංචාරය අවසන් කිරීමෙන් පසු නිකුත් කරනු ලබන පුවත්පත් නිවේදනයන්හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණයන් ඇතුළත් වේ. මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර එ මඟින් අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වයේ හෝ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු නො කෙරෙයි. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වාර්තාවක් පිළියෙළ අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙයි.
-
Inflation in March 2016
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 පෙබරවාරි මාසයේ දී වාර්තා කළ සියයට 1.7 හි සිට 2016 මාර්තු මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩය ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ප්‍රධාන වශයෙන් දායක විය. විවිධ භාණ්ඩ හා සේවා (මෝටර් රථ රක්ෂණය); මධ්‍යසාර පාන හා දුම්කොළ; ප්‍රවාහන; සහ රෙදිපිළි හා පාවහන් උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම් මෙම ලක්ෂ්‍යමය ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 පෙබරවාරි මස වාර්තා වූ සියයට 2.6 හි සිට 2016 මාර්තු මස දී සියයට 2.4 දක්වා පහළ ගියේ ය.
-
Repatriation of Payments Received for Goods Exported from Sri Lanka
රට තුළට විදේශ විනිමය ගලා ඒම වැඩිදියුණු කිරීම සඳහා වර්තමානයේ ගනු ලබන ප්‍රතිපත්තිමය පියවරයන්හි කොටසක් වශයෙන් ගරු මුදල් අමාත්‍යවරයා විසින් පහත කරුණු අඩංගු අංක 19600/66 දරන 2016 අප්‍රේල් 1 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
-
Monetary Policy Review - April 2016
කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007 = 100) මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 2.7 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 2.0 දක්වා අඩු විය. මීට ප්‍රධාන වශයෙන් ම හේතු වූයේ ආහාර මිල ගණන් තුළින් ඇති වන උද්ධමනය පහළ යෑමයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය පෙර මාසයේ වාර්තා කළ සියයට 0.9 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 1.1 දක්වා ඉහළ ගියේ ය. ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013 = 100) මත පදනම් වූ මතුපිට උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ සියයට 1.7 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 2.2ක අගයක් වාර්තා කළ අතර එය වාර්ෂික සාමාන්‍ය පදනම මත සියයට 2.6ක් ලෙස සටහන් විය. මේ අතර ආර්ථිකයේ යටිදැරි ඉල්ලුම් පීඩන පිළිබිඹු කරනු ලබන මූලික උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා කළ සියයට 5.7 සිට 2016 මාර්තු මාසයේ දී සියයට 4.5 දක්වා පහළ ගියේ ය.
-
The Annual Report of the Central Bank of Sri Lanka for the Year 2015
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 66 වැනි වාර්ෂික වාර්තාව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් පිළිගැන්වූ අතර 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ද පිළිගන්වන ලදි.
-
IMF Reaches Staff Level Agreement with Sri Lanka on Three-Year $1.5 Billion EFF
End-of-Mission press releases include statements of IMF staff teams that convey preliminary findings. The views expressed in this statement are those of the IMF staff and do not necessarily represent the views of the IMF’s Executive Board. Based on the preliminary findings of this mission, staff will prepare a report that, subject to management approval, will be presented to the IMF's Executive Board for discussion and decision.
Following discussions held between IMF staff and the Sri Lankan authorities during the 2016 Spring Meetings in Washington, staff-level agreement was reached on a three-year program to be supported by the IMF’s Extended Fund Facility (EFF).
Mr. Todd Schneider, IMF mission chief for Sri Lanka, made the following statement:
-
Appointment of New Assistant Governors
The Monetary Board, at its meeting held on 05th April 2016 has promoted Miss. K Saravanamuttu and Mr. E A Hettiarachchi; Mr. R A A Jayalath, Mr. K M M Siriwardana and Mr. S J A Handagama, five Staff Class Grade IV officers, to the post of Assistant Governor with effect from 05th April 2016, 16th April 2016, 12th June 2016, and 18th June 2016, respectively. These promotions have been made in line with the succession plan of the Bank and to address the new challenges of the Central Bank.
-
The Central Bank of Sri Lanka Maintains Policy Interest Rates at Current Levels
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 ඔක්තෝබර් මස 01 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේ ය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී.
මැදිකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී කිරීම මගින් ආර්ථික වර්ධනයට සහාය වීමේ අරමුණ ඇති ව දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය ඉහත තීරණයට එළඹී ඇත.
-
External Sector Performance - January 2016
2016 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. 2016 ජනවාරි මාසයේ දී වෙළෙඳ හිඟය අඩු වූ අතර සංචාරක ඉපැයීම් ලෙස වූ විදේශ විනිමය ලැබීම්හි සාපේක්ෂ ඉහළ වර්ධනයක් වාර්තා විය. තව ද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මගින් වූ ලැබීම් ද මෙම කාල පරිච්ඡේදය තුළ දී ඉහළ ගියේ ය. 2016 ජනවාරි මාසයේ දී අපනයන ආදායමේ සිදු වූ අඩු වීමට සාපේක්ෂ ව ප්‍රධාන වශයෙන් ඉන්ධන, මෝටර් රථ සහ සහල් ආනයනයේ සිදු වූ පහළ යෑම මගින් ආනයන වියදමේ සිදු වූ ඉහළ අඩු වීම හේතුවෙන් වෙළෙඳ හිඟය අඩු විය. කෙ සේ නමුත් මෙම කාල පරිච්ඡේදය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ ගෙවීමක් වාර්තා විය.