2019 වසරේ පළමු කාර්තුව තුළ දී වෙළෙඳ ගිණුමේ හිඟය, 2018 වසරේ පළමු කාර්තුව තුළ දී පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 2,982 සිට එක්සත් ජනපද ඩොලර් මිලියන 1,661ක් දක්වා පහත වැටුණු අතර ඒ සඳහා පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව අපනයන ආදායම සියයට 5.6කින් ඉහළ යෑම සහ ආනයන වියදම සියයට 19.3කින් පහළ යෑම හේතු විය.
වෙළෙඳ හිඟය 2018 වසරේ මාර්තු මාසයේ දී වාර්තා කළ එක්සත් ජනපද ඩොලර් මිලියන 871 හා සැසඳීමේ දී, 2019 වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 592ක් දක්වා අඩු වී ඇත.
2019 වසරේ මාර්තු මාසයේ දී වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වීමට, පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂ ව ආනයන වියදම සියයට 12.6කින් කැපී පෙනෙන ලෙස අඩු වීම මෙන් ම අපනයන ආදායම සියයට 2.6කින් වැඩි වීම ද හේතු විය.