ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් 2019 අප්‍රේල් මාසයේ පැවති සියයට 3.6 හි සිට 2019 මැයි මාසයේ දී සියයට 3.5 දක්වා පහළ ගියේ ය. මේ අතර, 2019 මැයි මාසයේ දී, ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙලින් සියයට -0.4ක් සහ සියයට 6.7ක් ලෙස වාර්තා විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2019 අප්‍රේල් මාසයේ පැවති සියයට 1.9 හි සිට 2019 මැයි මාසයේ දී සියයට 2.0 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.