සියැසන් සහ අන්තර්ජාතික පියවීම් බැංකුවේ උසස් මට්ටමේ සම්මන්ත්‍රණය සහ සියැසන් විධායක කමිටුවේ 18 වැනි රැස්වීම 2019 වසරේ සැප්තැම්බර් මස 26 සිට 28 දක්වා කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලදී. මෙම සමුළුව සහ රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා, සියැසන් සාමාජික මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්හි නියෝජ්‍ය අධිපතිවරු හා නියෝජිතයෝ සහ කීර්තිමත් දේශකයෝ සහභාගි වූහ.
-
SEACEN-BIS High-Level Seminar and the 18th Meeting of the SEACEN Executive Committee
-
The Central Bank’s View on the Sector Comment on Sri Lankan Banks by Moody’s Investors Service
2019 සැප්තැම්බර් මස 27 වැනි දින මූඩීස් ආයෝජක සේවාව මඟින් “ශ්‍රී ලංකාවේ ණය අනුපාතික අඩු කිරීම බැංකුවල ණය ශ්‍රේණිගත කිරීම කෙරෙහි ඍණ බලපෑමක් ඇති කරයි” යන මැයින් බැංකු අංශය පිළිබඳ ව ප්‍රකාශයක් නිකුත් කර ඇත. මේ සම්බන්ධයෙන් ගත් කළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස වන්නේ මූඩීස් ආයතනය මෙම නිගමනයට එළඹීමේ දී සම්පූර්ණ තොරතුරු සැලකිල්ලට ගෙන නොමැති බැවින් එය පිළි ගත නො හැකි ප්‍රකාශයක් වන බවයි.
-
External Sector Performance - July 2019
ආනයන පහළ යෑමට වඩා වැඩි අගයකින් අපනයන පහළ යෑම හේතුවෙන් 2019 ජූලි මාසයේදී වෙළඳ හිඟය තරමක් පුළුල් විය. පසුගිය මාස කිහිපයකදීම ස්ථාවර වර්ධනයක් වාර්තා කළ අපනයන ආදායම 2019 ජූලි මසදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 7.0 ක අඩුවීමක් වාර්තා කළ අතර ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 2.2 කින් පහළ ගියේය.
2019 ජූලි මාසයේ දී අපනයන ආදායම පහත වැටීම සඳහා ප්‍රධාන වශයෙන් නැව් සඳහා යොදාගනු ලබන ඉන්ධනවල අපනයන මිල ගණන් පහළ යෑම හේතුවෙන් ඛනිජතෙල් නිෂ්පාදිත අපනයන ආදායම අඩුවීම සහ 2018 ජූලි මාසයේ දී නාවික යාත්‍රාවක් අපනයනය කිරීම හේතුවෙන් පෙර වසරේ අනුරූප මාසයේදී ඉහළ අපනයන අගයක් වාර්තා කිරීමේ බලපෑම හේතු විය.
2019 ජූනි මස වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 316 ක වෙළඳ හිඟයට සාපේක්ෂව 2019 ජූලි මස වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 717 ක් දක්වා පුළුල් විය.
-
Withdrawal of the Monetary Law Act Order on Maximum Interest Rates on Sri Lanka Rupee Deposits of Licensed Banks
මෑතකාලීන ව ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණවල බලපෑම, වෙළෙඳපොළ ණය පොලී අනුපාත වෙත කාර්යක්ෂම ව සම්ප්‍රේෂණය වීම වර්ධනය කිරීම සඳහා රුපියල් ණය සඳහා අය කරනු ලබන පොලී අනුපාත පහත දමන ලෙස දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කල විධානයට සමගාමී ව, 2019 අප්‍රේල් 26 වන දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා රුපියල් තැන්පතු සඳහා වන උපරිම පොලී අනුපාත පිළිබඳ 2019 අංක 01 දරන මුදල් නීති පනත් නියෝගය 2019 සැප්තැම්බර් 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
-
Provincial Gross Domestic Product - 2018
ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් 2018 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති පලාත් දළ දේශීය නිෂ්පාදිත අගයන්ට අනුව බස්නාහිර පළාත රටේ ආර්ථිකයට අඛණ්ඩ ව ඉහළ ම දායකත්වය ලබා දෙන පලාත බව, පෙනී යයි. දෙවන සහ තෙවන ඉහළ ම දායකත්ව පිළිවෙලින් මධ්‍යම සහ වයඹ පළාත් විසින් ලබා දෙන ලදී.
වාර්ෂික ලක්ෂ්යමය පදනම මත පලාත් දළ දේශීය නිෂ්පාදිත දායකත්වයේ ඉහළ ම වර්ධනය බස්නාහිර පලාතෙන් වාර්තා විය. මීට අමතර ව, පලාත් දළ දේශීය නිෂ්පාදිත දායකත්වයේ වර්ධනයක් වාර්තා වූයේ උතුරු මැද පලාතෙන් පමණි. 2018 වර්ෂයේ දී මධ්‍යම, සබරගමුව සහ ඌව පලාත්වල දායකත්වයේ අඩු වීමක් පෙන්නුම් කළ අතර වයඹ, දකුණු, නැගෙනහිර සහ උතුරු යන පලාත්වල දායකත්වයේ කිසිදු වෙනස් වීමක් වාර්තා නොවිණි.
-
IMF Reaches Staff-Level Agreement on the Sixth Review of Sri Lanka’s Extended Fund Facility
මෙම ප්රකාශනයේ අඩංගු අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මතය වන අතර, එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය අත්‍යවශ්‍යයෙන් පිළිබිඹු නො වේ. මේ දක්වා නිරීක්ෂණය කොට ඇති කරුණු පදනම් කර ගෙන, කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙළ කරනු ලබන අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරේ.
-
Enhancing Efficiency of the Transmission of Recent Policy Decisions to Market Lending Rates
වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකවල පහළ යෑමක් ඇති කරවීම සඳහා පසුගිය මාස එකොළහක කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හා නියාමන ප්‍රතිපත්ති ගණනාවක් ගෙන ඇත. මෙම ක්‍රියාමාර්ග අතරට, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100කින් පියවර දෙකකින් අඩු කිරීම, බලපත්‍රලාභී වාණිජ බැංකුවල රුපියල් තැන්පතු වගකීම්වලට අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප්‍රතිශතාංක 2.50කින් පහත දමමින් ඒ හරහා මූල්‍ය වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 150ක පමණ අතිරික්ත ද්‍රවශීලතාවක් සැපයීම සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතන මගින් පිරිනමනු ලබන රුපියල් තැන්පතු පොලී අනුපාතික මත සීමා පැනවීම මගින් එම ආයතනවල මහජන අරමුදල් රැස් කිරීමේ පිරිවැය පහළ දැමීම යනාදිය ඇතුළත් වේ.
-
Inflation increased in August 2019
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 ජූලි මාසයේ පැවති සියයට 2.2 හි සිට 2019 අගෝස්තු මාසයේ දී සියයට 3.4 දක්වා ඉහළ ගියේ ය. පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය සහ ආහාර හා ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. මේ අතර, 2019 අගෝස්තු මාසයේ දී, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම ලක්ෂ්යමය උද්ධමන අගයන් පිළිවෙලින් සියයට 0.6 සහ සියයට 5.9 ක් ලෙස වාර්තා විය.
-
Release of “Sri Lanka Socio Economic Data – 2019” Publication
ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත-2019" වාර්ෂික ප්රකාශනයේ 42 වෙනි වෙළුම පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්රකාශනයෙහි අංශ 14 ක් යටතේ, එනම්, ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු යන අංශයන්ගේ නවතම දත්ත ඇතුළත් වේ.කාලීන වැදගත්කමකින් යුතු, පුළුල් පරාසයක් ආවරණය වන සමාජ ආර්ථික දත්ත මෙම ප්රකාශනයේ සාරාංශ කර ඇති බැවින්, එය ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ශාස්ත්‍රලාභීන්ට, වෘත්තිකයන්ට, සිසුන්ට හා සාමාන්‍ය ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
-
Sinhaputhra Finance PLC
ඉහත කී සමාගම සම්බන්ධව ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 සැප්තැම්බර් 08 සහ 09 දිනැති පුවත්පත් නිවේදන මගින් දැනුම් දෙන ලදී. සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම විසින් එහි ප්රාග්ධනය වර්ධනය කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කර ඇති අතර තැන්පත්කරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නියම කරන ලද්දා වූ කාල රාමුවක් තුල එම ප්‍රාග්ධන වර්ධනය කිරිමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනය වෙත අවස්ථාවක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව දන්වා සිටීමට කැමැත්තෙමු.