වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූනි මාසයේ දී අඛණ්ඩව සිව්වන වරටත් පුළුල් විය. 2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව, 2021 වසරේ ජූනි මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහළ අගයක පැවතුණි. වසරේ මුල් භාගය සලකා බැලීමේ දී අපනයන අංශය හිතකර වර්ධනයක් වාර්තා කළ ද, ආනයන වියදම ඉහළ වේගයකින් වර්ධනය විය. 2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2021 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළ ගිය අතර, සංචාරක අංශයේ ඉපැයීම් අවම මට්ටමක පැවතුණි. මූල්‍ය ගිණුම සැලකීමේ දී, මාසය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ගෙවීම් සුළු ප්‍රමාණයක් වාර්තා විය. ශ්‍රී ලංකා රුපියල 2021 වසරේ ජූනි මාසයේ දී සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණි.
-
External Sector Performance - June 2021
-
Closure of Public Relations Counters of Employees’ Provident Fund (EPF) Department of the Central Bank of Sri Lanka
ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේ.අ.අ. දෙපාර්තමේන්තුවෙහි මහජන සම්බන්ධතා හා විමසීම් අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් කිහිපදෙනෙක් කෝවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බැවින් කොළඹ කොටුව, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතෙහි ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ බිම් මහලෙහි පවත්වාගෙන ගිය සේ.අ.අ. දෙපාර්තමේන්තුවෙහි මහජන සේවා කවුළුව 2021.08.20 දින දක්වා වසා තැබෙන බව සියලුම සේවායෝජකයන්ට හා සාමාජිකයන්ට කාරුණිකව දන්වා සිටිමු.
සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි අනෙකුත් සේවා හා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. අනෙකුත් සේවාවන් පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පහත දැක්වෙන තොරතුරු පරිශීලනය කරන්න. නැතහොත් www.epf.lk අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
-
Streamlining Complaint Handling Procedure and Introducing a Hotline for Inquiries from the Central Bank of Sri Lanka
1949 අංක 58 දරන සංශෝධිත මුදල් නීති පනතේ 33 වන වගන්තිය ප්‍රකාරව ස්ථාපනය කරන ලද මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතන සම්බන්ධයෙන් මූල්‍ය පාරිභෝගිකයින් විසින් සිදුකරන පැමිණිලි හැසිරවීමේ තනි ඒ්කකයක් ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතනයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මූල්‍ය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණිල්ලි ඉදිරිපත් කිරීමේ ආකෘති පත්‍රයක් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලදී. මෙමගින් පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් කාර්යක්ෂමව සිදුවනු ඇති අතර මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමේ ආකෘති පත්‍රය භාවිත කර නිවැරදි තොරතුරු සහිතව පැහැදිලි හා සංක්ෂිප්ත පැමිණිල්ලක් යොමු කිරීම සඳහා මූල්‍ය පාරිභෝගිකයින් උනන්දු කරවනු ලැබේ.
-
Land Valuation Indicator - First Half of 2021
කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2021 වසරේ පළමු භාගයේ දී 155.1 ක් දක්වා ඉහළ යන ලදී. පසු ගිය වසර දෙක තුළ දක්නට ලැබුණු ඉඩම් තක්සේරු දර්ශකයේ වැඩි වීම පහළ යාමේ ප්‍රවණතාවයට ප්‍රතිවිරුද්ධව යමින් ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය 9.5 ක් ද අර්ධ වාර්ෂික වර්ධනය 6.8 ක් ද ලෙස වාර්තා විය.
ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය. කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 10.1 ක අගය වාර්තා වූ අතර, අනුපිළිවෙලින් නේවාසික සහ වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි ද වර්ධනයන් දක්නට ලැබුණි.
-
CCPI based Inflation increased to 5.7 per cent in July 2021
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ පැවති සියයට 5.2හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති සියයට 11.3හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 11.0 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති සියයට 2.5හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 3.2 දක්වා ඉහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 ජුනි මාසයේ පැවති සියයට 4.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.
-
NCPI based Inflation remained unchanged in June 2021
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ දී සියයට 6.1හි නොවෙනස්ව පැවතුණු අතර, මේ සඳහා 2020 ජුනි මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම හේතුවිය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මැයි මාසයේ දී පැවති සියයට 10.3 හි සිට 2021 ජුනි මාසයේ දී සියයට 9.8 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මැයි මාසයේ පැවති සියයට 2.5හි සිට 2021 ජුනි මාසයේ දී සියයට 2.9 දක්වා ඉහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 ජුනි මාසයේ දී සියයට 5.4හි නොවෙනස්ව පැවතුණි.
-
Imposition of Administrative Penalties by the Financial Intelligence Unit (FIU) to Enforce Compliance on Financial Institutions during the Second Quarter of 2021
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකි ය.
ඒ අනුව, රටේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2021 අප්‍රියෙල් 01 සිට 2021 ජූනි 30 දක්වා කාලය තුළ පනවන ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 3.0 කි. දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.
-
Response to the Announcement made by Moody's Investors Service
මූඩීස් ආයෝජක සේවාව (Moody's Investors Service) නිකුත් කළ ශ්‍රී ලංකා ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරිමේ නිවේදනයට අදාළ ව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ප්‍රතිචාරය පහත සබැඳියෙහි දක්වා ඇත.
-
Special Publication by the Central Bank of Sri Lanka on “The 70 Year Journey of Currency Issue and Management”
ශ්‍රී ලංකාවේ මේ දක්වා භාවිත වූ ව්‍යවහාර මුදලේ ඉතිහාසය පිළිබඳ මාහැඟි ග්‍රන්ථයක් “ව්‍යවහාර මුදල් නිකුතුව හා කළමනාකරණයේ සැත්තෑ වසරක ගමන්මඟ” නමින් එළි දක්වා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂිකා (විශ්‍රාමික) ශෙලෝමි එච්. ගුණවර්ධන මෙනෙවිය සහ ජ්‍යේෂ්ඨ කළමණාකරු (විශ්‍රාමික) ඩබ්. එම්. කේ. වීරකෝන් මහතාගේ සම කර්තෘත්වයෙන් එළි දුටු මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශනයකි.
-
Release of ‘Economic and Social Statistics of Sri Lanka – 2021’ Publication
ශ්‍රී ලංකා මහ බැංකුවේ, වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2021” මහජනතාවගේ පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.
පසුගිය වසරේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රකාශනයේ අන්තර්ගතය, පරිශීලනය වඩාත් පහසු වන ලෙස නැවත පෙළගස්වන ලද අතර, තවත් සංඛ්‍යාන ප්‍රකාශනයට එක් කිරීමට ද කටයුතු කරන ලදී. ඒ අනුව, නව අනුවාදයේ සංඛ්‍යාන වගු ක්ෂේත්‍ර අටක් යටතේ වර්ගීකරණය කර ඇත. එනම්, 'ජාතික ගිණුම්', ආර්ථික හා සමාජ යටිතල පහසුකම්', 'මිල, වැටුප් සහ සේවා නියුක්තිය', 'විදේශ වෙළඳාම හා මූල්‍ය', 'රාජ්‍ය මූල්‍ය', 'මුදල් සහ ප්‍රාග්ධන වෙළඳපොළ','මුදල් අංශය' සහ අනෙකුත් රටවල සංඛ්‍යාන වශයෙනි.