• Sri Lanka Purchasing Managers’ Index - September 2021

    2021 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී.

    නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 අගෝස්තු මාසයට සාපේක්ෂව දර්ශකාංක 9.2කින් ඉහළ යමින් 2021 සැප්තැම්බර් මාසයේ දී 54.3ක අගයක් වාර්තා කරන ලදී.

    සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 අගෝස්තු මාසයේ දී දක්නට ලැබුණු පහත වැටීමෙන් පසුව, 2021 සැප්තැම්බර් මාසයේ දී 52.2ක දර්ශක අගයක් වාර්තා කරමින් වර්ධන කලාපයට නැවත ලඟා විය.

  • Reconstitution of the Financial System Stability Consultative Committee

    2021 ඔක්තෝම්බර් මස 06 වන දින සිට බලපැවැත්වන පරිදි මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව (FSSCC), මූල්‍ය අංශයේ ප්‍රවීණයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත වන පරිදි නැවත ස්ථාපිත කරන ලදි. ලංකාක්ලියර් පුද්ගලික සමාගමෙහි සභාපති, ආචාර්ය කෙනෙත් ද සිල්වා මහතා මෙම කමිටුවේ සභාපති වශයෙන් පත් කොට ඇත. තවද, ශ්‍රී ලංකා මූල්‍ය සමාගම් සංගමයේ සභාපති, නිරෝෂන් උඩගේ මහතා; ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂක/ සාමාන්‍යාධිකාරී; සී. එන්. එස්. එන්. ඇන්තනි මහතා; ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති, එල්. එච්. ඒ. ලක්ෂ්මන් සිල්වා මහතා; ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස්හි කළමණාකාර හවුල්කරු, සුජීව මුදලිගේ මහතා; ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ උප සභාපති, සංජය බණ්ඩාර මහතා; ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති, විශ් ගෝවින්දසාමි මහතා; ජනාධිපති නීතීඥ, කුශාන් ද අල්විස් මහතා; කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල්, සාලිය වික්‍රමසූරිය මහතා; එල්ඹ්එල්සී හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සමූහ කළමණාකාර අධ්‍යක්ෂක, කපිල ජයවර්ධන මහතා සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති, ක්‍රිෂාන් බාලේන්ද්‍රන් මහතා නැවත පිහිටුවන ලද මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුවෙහි සෙසු සාමාජිකයින් වේ. මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව ශ්‍රී ලංකා මහ බැංකුවෙි ක්‍රියාත්මක වන ඉහළ මට්ටමේ කමිටුවකි. එය මූල්‍ය පද්ධති ස්ථායීතාව සහ මූල්‍ය අංශයේ සංවර්ධනය පිළිබඳ  ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මහ බැංකුවට සහාය වීම පිණිස අදහස් හා උපදෙස් ලබාදෙන සාකාච්ජාවලට පහසුකම් සැපයීමේ අරමුණින් පිහිටුවන ලද්දකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සාර්ව විචක්ෂණතා අධ්‍යයන දෙපාර්ත්මේන්තුව මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුවේ ලේකම් කටයුතු සිදු කරයි.

  • The Central Bank of Sri Lanka Maintains Policy Interest Rates at their Current Levels

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ඔක්තෝබර් මස 13 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කළේ ය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරු ව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. ඉදිරි කාලය තුළ දී ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟා වීම සඳහා සහාය වන අතර ම සුදුසු ක්‍රියාමාර්ග මගින් මැදි කාලීන ව උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම සඳහා වන සිය කැපවීම මුදල් මණ්ඩලය නැවත අවධාරණය කරන ලදී.

  • Swarnamahal Financial Services PLC - Resumption of business for a limited purpose on a Conditional Basis

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය, “බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට” අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාව අධ්‍යනය කිරීමේ අරමුණින්, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාරව, 2021 ඔක්තෝබර් 13 දින සිට බල පැවැත්වෙන පරිදි මාස 06ක සීමිත කාල සීමාවක් සඳහා, එම ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නියෝගයක් නිකුත් කරන ලදී.

  • Sri Lanka’s International Sovereign Bonds Maturing in 2022 Quoted at Discounted Prices, but Volumes not Available for Purchase

    2021.10.01 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද “සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම” ට අනුව ඉදිරි වසර තුන අවසන් වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක පමණ ප්‍රමාණයකට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ක්‍රමික ව අඩු කළ යුතු වේ. මේ අතර, ඒ් හා සමගාමී ව, එළැඹෙන 2022 ජනවාරි මාසය තුළ සහ ජූලි මාසය තුළ කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර 2021 සැප්තැම්බර් මාසය තුළ වට්ටම් සහිත මිල ගණන්වලට හුවමාරු වීම හේතුවෙන් එම ජාත්‍යන්තර බැඳුම්කරයන් ආපසු මිලදී ගැනීමේ හැකියාව, අන්තර්ජාතික බැංකු සහ ප්‍රධාන ආයෝජන සැලසුම්කරුවන් ගණනාවක් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමසන්නට යෙදිණි.

  • Implementing a Mobile Application "SL- Remit" to facilitate Foreign Remittances

    විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන් ම අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගත් ශ්‍රී ලංකා මහ බැංකුව, නව ප්‍රේෂණ ක්‍රමවේද අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකාවට අඩු පිරිවැයක් සහිත ව විදේශ ප්‍රේෂණ එවීමේ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කරනු ලැබී ය.

    මෙම ක්‍රියාකාරී කමිටුව ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හොංකොං සහ ෂැංහයි බැංකුව, කාගිල්ස් බැංකුව, ඩයලොග් ආසියාටා, මොබිටෙල් (පුද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත විය.

  • Central Bank of Sri Lanka Co-hosts the CBSL-ADBI-APAEA Online Macroeconomics Conference

    ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2021 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දින පැවැත්වූ ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒකාබද්ධ මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව දෙවන වසර සඳහාත් සම-සත්කාරකත්වය දැරීය. සාර්ව ආර්ථික ස්ථායීතාව සඳහා මතුවෙමින් පවතින ගැටලු (Emerging Issues for Macroeconomic Stability) මෙම වසරේ තේමාව විය.

  • Release of ‘A Step by Step Guide to Doing Business in Sri Lanka’

    "A Step by Step Guide to Doing Business in Sri Lanka" ප්‍රකාශනයේ නවවන සංස්කරණය (ඉංග්‍රීසි), ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජන පරිශීලනය සඳහා නිකුත් කර ඇත. ව්‍යාපාරික ප්‍රජාවට සහ විදේශීය ආයෝජකයින්ට ප්‍රයෝජනවත් වන තොරතුරු වලින් සමන්විත මූලාශ්‍රයක් වන මෙය පරිහරණය කිරීම මඟින් එවැනි තොරතුරු ලබාගැනිම සඳහා ගතවන කාලය සහ පිරිවැය ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම සහ අවසන් කිරීම සම්බන්ධයෙන් දැනට පවත්නා රෙගුලාසි පිළිබඳ තොරතුරු මෙන්ම ඉදිරියේදි ව්‍යාපාරයක් ඇරඹීමට සැලසුම් කරන ව්‍යවසායකයින් සඳහා වැදගත් වන අනෙකුත් තොරතුරු ද මෙහි ඇතුලත් කොට තිබේ.

  • Release of “Sri Lanka Socio Economic Data – 2021” Publication

    ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2021" වාර්ෂික ප්‍රකාශනයෙහි වෙබ් පිටපත මහ බැංකු වෙබ් අඩවිය ඔස්සේ මහජන පරිශීලනය සඳහා නිකුත් කර ඇත. මෙය, එම ප්‍රකාශන මාලාවේ 44 වන වෙළුමයි.

    ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වය, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය, සහ, මුදල්, බැංකු කටයුතු සහ මූල්‍ය වශයෙන් ශීර්ෂ 14 ක් යටතේ දත්ත මෙම ප්‍රකාශනයෙහි ඇතුළත් වේ.

    පුළුල් පරාසයක් ආවරණය කෙරෙන නවතම සමාජ ආර්ථික දත්ත මෙහි සාරාංශ කර ඇති අතර, ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ශාස්ත්‍රලාභීන්ට, වෘත්තිකයන්ට හා සිසුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද මෙම ප්‍රකාශනය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

  • CCPI based Inflation decreased to 5.7 per cent in September 2021

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 6.0හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.7 දක්වා පහළ ගියේ ය. 2020 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 11.5හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 10.0 දක්වා පහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 3.5හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 3.8 දක්වා ඉහළ ගියේ ය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 4.3හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.5 දක්වා ඉහළ ගියේ ය.

Pages