• Announcement of The Six-Month Road Map for Ensuring Macroeconomic and Financial System Stability

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ‘සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම’ 2021 ඔක්තෝබර් මස 01වන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ලැබේ. මෙම ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේ දී පැවැත්වෙන අතර එම කටයුතු පෙ.ව. 10.00ට ආරම්භ කෙරේ.

    පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අරමුණින් සහභාගි වීම ආරාධිතයින්ට පමණක් සීමා කර ඇත. කෙසේ වෙතත්, අධිපතිතුමාගේ ඉදිරිපත් කිරීම යූටියුබ් (YouTube) සහ ෆේස්බුක් (Facebook) ඔස්සේ සජීවීව නැරඹීමට අවස්ථාව සලසා ඇත.

  • The Significance of Repatriation and Conversion of Export Proceeds for External Sector Stability and Overall Financial System Stability

    වසංගතයෙන් බලපෑමට ලක් වූ 2020 වසරට සාපේක්ෂ ව, 2021 වසරේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳ අපනයන අංශය සැලකිය යුතු වැඩිදියුණු වීමක් පෙන්නුම් කර තිබේ. නවතම රේගු දත්තවලට අනුව, 2020 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 837ක් වූ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍ය අගයට සාපේක්ෂ ව 2021 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වූ මාස අට තුළ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍යය එක්සත් ජනපද ඩොලර් මිලියන 985ක් වූ අතර, 2021 වසරේ ජූනි - අගෝස්තු කාලය තුළ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍යය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,064ක් විය. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල විශාලතම විදේශ විනිමය උපයන්නා (විවිධ නිෂ්පාදනවලින් සමන්විත) වෙළෙඳ භාණ්ඩ අපනයන අංශය වන බැවින් මෙය අගය කළ හැකි ප්‍රවණතාවකි.

  • Meeting between the Governor of the Central Bank of Sri Lanka (CBSL) and Bangladesh High Commissioner to Sri Lanka

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අතිගරු තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් මහතා අතර හමුවක් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අද දින 2021.09.24 පැවැත්වුණි. එහි දී ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය විශාල වශයෙන් උපයෝගී කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.

  • Government of Sri Lanka has extended the deadline for Request for Proposals (RFPs) for the Foreign Currency Term Financing Facility

    ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද, 2021 සඳහා වන විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා සඳහා වන ඉල්ලීම (Request for Proposal (RFP)) ඉදිරිපත් කිරීමේ අවසන් දිනය මුදල් අමාත්‍යංශය විසින් දීර්ඝ කර තිබේ. මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියෙහි සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි පළ කර ඇති පහත් දිගු මගින් එය දැනුම් දී ඇත.

  • NCPI based Inflation decreased in August 2021

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජූලි මාසයේ පැවති සියයට 6.8හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.7 දක්වා සුළු වශයෙන් පහළ ගියේ ය. 2020 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ දී පැවති සියයට 11.0හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 11.1 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 3.2හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේ ය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2021 ජූලි  මාසයේ දී පැවති සියයට 5.4හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 5.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. 

  • Appointment of new Secretary to the Monetary Board of the Central Bank of Sri Lanka

    2021 සැප්තැම්බර් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතුටින් දැනුම් දෙනු ලැබේ.

    සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් මූල්‍යය පිළිබඳ වාණිජ විද්‍යාපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාර සංඛ්‍යානය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාව සහ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත. කරුණාරත්න මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධිසාමාජිකත්වය සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය දරයි.

  • Sri Lanka Purchasing Managers’ Index - August 2021

    2021 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

    2021 අගෝස්තු මාසයේදී COVID-19 වසංගතය නැවත හිස එසවීම හේතුවෙන් රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් පහළ යන ලදී.

    COVID-19 වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැන වූ සීමා සමඟ සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 අගෝස්තු මාසයේ දී 46.2ක දර්ශක අගයක් දක්වා පහළ ගියේය.

  • Mr. Ajith Nivard Cabraal Takes Office as the Governor of the Central Bank of Sri Lanka

    අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස 2021 සැප්තැම්බර් 15 වන බදාදා  කොළඹ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ඇරඹුවේය. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙම පත් කිරීම සිදු කරන ලදි. මේ අනුව කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපති වශයෙන් ද කටයුතු කරනු ඇත.

  • Initial statement by Governor Ajith Nivard Cabraal upon taking office on the 15th September 2021

    නැවත වරක් මහ බැංකුවේ නායකත්වය දැරීමට හැකි වීම මා ලද භාග්‍යයක් වන අතර, මෙම වගකීම භාර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ මුදල් ඇමතිතුමා මා කෙරෙහි තබා ඇති විශ්වාසය හා පැහැදීම පිළිබඳව නිහතමානීව සතුටු වෙනවා. අපේ රටේ දහස් ගණන් ජනතාවගෙන් මට ලැබුණු සුබ පැතුම් ද මා බෙහෙවින් අගය කරනවා. 

    ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ නොහෙලන බවටත්, ආර්ථිකය අඛණ්ඩව ස්ථායීතාව කරා යොමු කරන බවටත් මා ඒ සියලු දෙනාට ම සහතික වනවා.

    එසේම, මහ බැංකුවේ සිටින දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයේ සමීප සහයෝගය මෙන්ම, මා නුදුරේදී ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ද මා අපේක්ෂා කරනවා.

  • External Sector Performance - July 2021

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූලි මාසයේ දී පුළුල් වීමක් වාර්තා කළේය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මාසය තුළ දී භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ ගිය නමුත්, ආනයන වියදම වඩා වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය 2021 වසරේ ජූලි මාසයේදී අඛණ්ඩව පස්වනවරටත් පුළුල් විය. 2021 වසරේ ජූනි මාසයේ දී නිරීක්ෂණය වූ ප්‍රවණතාවයට අනුව යමින් ජූලි මාසයේ දී ද විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළ ගිය අතර, සංචාරක ඉපැයීම් ද අවම මට්ටමක පැවතුණි. මේ අතර, ණය සේවාකරණ ගෙවීම් සම්බන්ධයෙන් රට විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන වාර්තාව බිඳ නොහෙළමින්, ශ්‍රී ලංකාව විසින් 2021 වසරේ ජූලි මාසයේ දී එ.ජ. ඩොලර් බිලියන 1.0ක වටිනාකමකින් යුතු වසර 10ක කල්පිරීමක් සහිත වූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථකව පියවන ලදී. 2021 වසරේ ජූලි මාසය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ විදේශීය ආයෝජන සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ අඛණ්ඩව ශුද්ධ ගෙවීම් වාර්තා කළේය.

Pages