• Establishing an Advisory Committee for Revival of Failed Licensed Finance Companies

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අසාර්ථක මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා සුදුසු විකල්ප පිළිබඳ සොයා බැලීම පිණිස උපදේශන කමිටුවක් පිහිටුවා ඇත. 

    ව්‍යාපාරික අංශයේ ප්‍රවීණයන් හතර දෙනෙකුගෙන් කමිටුව සමන්විත අතර සීමාසහිත සී බී සී ෆිනෑන්ස් ලිමිටඩ්හි සභාපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සහ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති ධර්ම ධීරසිංහ මහතා විසින් එහි සභාපතිත්වය දරනු ලබයි. ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස්හි කළමනාකාර හවුල්කරු සුජීව මුදලිගේ මහතා; මුවර් ස්ටීවන්ස් කන්සල්ටින් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ටිෂාන් සුබසිංහ මහතා සහ වරලත් ගණකාධිකාරීවරුන් වන අමරසේකර සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ හවුල්කරු (විගණනය සහ සහතික කිරීම්) ත්‍යාගරාජා ධර්මරාජා මහතා කමිටුවේ අනෙකුත් සාමාජිකයෝ වෙති.

  • CBSL Successfully Completes the Process of Developing and Testing a Blockchain Technology based Shared Know-Your-Customer (KYC) Proof-of-Concept (POC)

    බ්ලොක්චේන් තාක්‍ෂණය (Blockchain Technology) පදනම් කර ගත් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ හවුල් යාන්ත්‍රණය (Shared Know-Your-Customer- (KYC)) සඳහා සංකල්ප සාධනය (Proof of Concept (POC))  පිළිබඳ  වාර්තාව 2021 ඔක්තෝබර් මස 25 වන දින ජාතික ගෙවීම් කවුන්සිලයේ සභාපතිනිය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඉවෙට් ප්‍රනාන්දු මහත්මිය විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පිළිගන්වන ලදී. මෙම අවස්ථාව සඳහා මහ බැංකු කළමනාකාරිත්වය ඇතුළු නිලධාරීන් සහභාගී වූ අතර,  සංකල්ප සාධන පරීක්ෂණ සඳහා දායක වූ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු අනිකුත් නිලධාරීන් මෙන් ම සංකල්ප සාධනය සංවර්ධනය සඳහා දායක වූ කණ්ඩායම් ද අන්තර්ජාලය හරහා සහභාගී විය. 

  • Ill-Timed and Unacceptable Rating Action by Moody’s Renews Concerns of Subjectivity

    මූඩීස් ආයෝජන සේවාව විසින් මෑතක දී සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීමේ ඇගයීම සහ එය පාදක කොට ගෙන සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ ව ශ්‍රී ලංකා රජය දැඩි අප්‍රසාදය පළ කරයි. මෙම ක්‍රියාවලිය, මෙයට මාස තුනකට පෙර මේ ආකාරයට ම ණය ශ්‍රේණිගත කිරීම පහත හෙලීම සඳහා සමාලෝචනයකට යටත් j පවත්වා ගැනීමෙන් අනතුරු ව සිදු කර ඇත. නැවත වතාවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූඩීස් ආයතනයේ අතාර්කික ශ්‍රේණිගත කිරීම වැදගත් සිදු වීමකට දින කිහිපයකට පෙර, එනම් 2022 වසර සඳහා වන රජයේ අයවැය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිදු වීම තුළින් ඔවුනට ඇති අනවශ්‍ය ඉක්මන්භාවය පෙන්නුම් කරන අතර ම, රජයේ මූල්‍යන සැලසුම්වලට අයවැයේ ස්වභාවය අදාළ නො වන බවට මූඩීස් විශ්ලේෂකයින් සමඟ සිදු කරන ලද සාකච්ඡාවල දී ඔවුන්ගෙන් ප්‍රකාශ වූ මතය පැහැදිලි ව ම එවැනි විශ්ලේෂකයින්ගේ පවත්නා අනවබෝධය විදහා දක්වයි.

  • Beware of Financial Scams

    විවිධ සංවිධානාත්මක පාර්ශ්ව විසින් ඔවුන්ගේ ගිණුම්වලට, විශාල පරිමාණයෙන් විදේශ විනිමය සහ/හෝ දේශීය මුදල් බැර කර ඇති බවත් එම ගිණුම් තාවකාලික ව අත්හිටුවා ඇති බවත්  දක්වමින් සහ එම මුදල් නිදහස් කර ගැනීම සඳහා සහය දෙන්නන් හට ප්‍රමාණාත්මක ගෙවීමක්  සිදු කරන බවට දැනුම් දෙමින් සිදු කරන මුල්‍ය වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබෙමින් පවතී. ඇතැම් අවස්ථාවල දී  එම වංචාකරුවන්  විශාල මුදල් ප්‍රමාණයක් විවිධ ගිණුම් වෙත බැර වී  ඇති බව දැක්වෙන  ව්‍යාජ ලේඛන පෙන්වා සිටින අතර  ඔවුන්ට එම මුදල් ආපසු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ලබා ගැනීම පමණක් අවශ්‍ය වන බව පවසනු ලබයි.

  • LANKAQR Nationwide Rollout Campaign

    මෙරට පිළිගත් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙන්ඳන් සහ පාරිභොගිකයන් අතර LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීමේ අරමුණින් LANKAQR ජනගතකරණ වැඩසටහනක් 2021 ඔක්තෝම්බර් මස 25 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලදී. 

  • Progress of Securing Foreign Exchange Inflows as announced in the Six-Month Road Map for Ensuring Macroeconomic and Financial System Stability

    සාර්ව ආර්ථික  සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර  දැක්මෙහි  ප්‍රකාශයට පත් කළ පරිදි, විදේශ  විනිමය ලැබීම්  සුරක්ෂිත  කිරීම සම්බන්ධයෙන්  මහ බැංකුව  සහ රජය ලබා  ඇති ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා  මහ බැංකුව  පහත සඳහන් තොරතුරු  ආයෝජකයින්  සහ සාමාන්‍ය  ජනතාව වෙත  ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව  සහ රජය, වෙනත් රජයන්, මහ බැංකු, මූල්‍ය ආයතන සහ ආයෝජකයින් සමඟ සෘජු නියැලීම් මාලාවක් ආරම්භ කර ඇත.

  • Meeting between the Governor of the Central Bank of Sri Lanka (CBSL) and Governor of Qatar Central Bank (QCB)

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ කටාර් මහ බැංකුවේ සහයෝගීතාව සහ ආර්ථීකය කෙරෙහි කොවිඩ්-19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව කටාර් මහ බැංකුවේ අධිපති අතිගරු ශෙයික් අබ්දුල්ලා බින් සෞද් අල් තානි මහතා සමඟ සාකච්ඡා කළේ ය.

  • NCPI based Inflation decreased in September 2021

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 6.7හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා පහළ ගියේය. 2020 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ දී පැවති සියයට11.1හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 10.0 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර්  මාසයේ පැවති සියයට 3.0හි නොවෙනස්ව පැවතුණි.

  • External Sector Performance - August 2021

    මුල්‍ය ලැබීම් ඉහළ යාම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී දළ නිල සංචිත ඉහළ ගිය අතර, අඛණ්ඩව තුන්වන වරටත් මෙම මාසයේ දී ද වෙළඳ භාණ්ඩ අපනයන එ.ජ. ඩොලර් බිලියන 1.0 ඉක්මවිය. කෙසේ වෙතත්, භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ යාමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම ඉහළ යාම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වෙළඳ හිඟය පුළුල් විය. 2021 වසරේ අගෝස්තු මාසයේ දී සංචාරක පැමිණීම් පෙර මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් යම් වැඩිවීමක් පෙන්නුම් කළ අතර, මුළු සංචාරක පැමිණීම් සංඛ්‍යාව අඩු මට්ටමක පැවතුණි. 2021 වසරේ අගෝස්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් පිළිබිඹු විය. 2021 වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ.අ.) විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) වෙන්කිරීම් යටතේ ශ්‍රී ලංකාවට අදාළ කොටස අගෝස්තු මාසයේ දී ලැබුණි.

  • Reconstitution of the Monetary Policy Consultative Committee

    2021 ඔක්තෝබර් මස 5 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙලෙස ප්‍රතිස්ථාපිත මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජික සුනිල් ලංකාතිලක මහතා එහි සභාපතිත්වය දරයි. ස්ටැසන් සමාගම් සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිතා කූක් මහත්මිය; ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ සභාපති නිරංජන් දිසානායක මහතා; ඇක්සස් එන්ජිනියරින් පීඑල්සීහි කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ජෝෂුවා මහතා; ආර්ථික විද්‍යා මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා; බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් මහතා; සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/ කළමණාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා; වැලිබල් වන් සමූහයේ සභාපති සහ හේලීස් පීඑල්සීහි සම-සභාපති ධම්මික පෙරේරා මහතා; මේනෙටෙක් ලංකා (පුද්ගලික) සමාගමේ සභාපති ජෙයම් පෙරුමාල් මහතා; ඩීඑස්අයි සැම්සන් සමූහයේ සම්මානනීය කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය කුලතුංග රාජපක්ෂ මහතා; විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බැංකු නිළධාරී රුසිරිපාල තෙන්නකෝන් මහතා; සහ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

Pages