රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සඳහා විදේශීය ආයෝජන ඉහළ යෑම හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් අඛණ්ඩ ව ඉහළ යෑම සහ සංචාරක ඉපැයීම්වල සුළු වර්ධනය, 2017 වසරේ නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සඳහා හිතකර ලෙස දායක විය. 2016 නොවැම්බර් මාසයේ දී අපනයන වටිනාකම අඩු අගයක් ගැනීම හේතුවෙන් 2017 නොවැම්බර් මාසයේ දී අපනයන අංක දෙකක අගයක වර්ධනයක් වාර්තා කරනු ලැබුව ද, ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින අහිතකර ආර්ථික හා භූ-දේශපාලනික තත්ත්වය හේතුවෙන් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ව පහත වැටුණි. ඒ අනුව, 2017 වසරේ නොවැම්බර් අවසානය වන විට ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.0 ක අතිරික්තයක් වාර්තා කළේය.
-
External Sector Performance - November 2017
-
Inflation in December 2017
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2017 නොවැම්බර් මාසයේ පැවැති සියයට 8.4ට සාපේක්ෂ ව 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.3ක් දක්වා පහළ ගියේ ය. 2016 දෙසැම්බර් මාසයේ දී පැවැති ඉහළ පදනම් අගය මෙම පහළ යෑමට හේතු විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.5 හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.7 දක්වා ඉහළ ගියේ ය.
-
SL Purchasing Managers’ Index Survey - December 2017
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 දෙසැම්බර් මාසයේ දී 59.1ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 නොවැම්බර් මාසයට සාපේ්ක්ෂ ව දර්ශක අගයයන් 0.3ක සුළු ඉහළ යෑමකි. ඒ අනුව 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු වැඩි වේගයකින් වර්ධනය වීමක් පිළිබිඹු වේ. මේ සඳහා විශේෂයෙන් ම නිෂ්පාදන උප දර්ශකයේ ඉහළ යෑම හේතු විය. තව ද, 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව ගැනුම් තොග සහ සේවා නියුක්ති යන උප දර්ශක ද වැඩි වේගයකින් වර්ධනය වූ අතර නව ඇණවුම් උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය විය. මේ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය සඳහා අදාළ වන උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව වැඩි වේගයකින් වර්ධනය විය. ඒ හැරුණු විට. සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලද අතර ඒ අනුව නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සමස්තයක් ලෙස වර්ධනයක් පිළිබිඹු කළේ ය.
-
Statement Issued by the Central Bank of Sri Lanka
2008 - 2014 කාල සීමාව තුල රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේ දී කිසියම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්ද යන්න පිළිබඳ ව වහාම ප්‍රකාශයක් කරන ලෙස මහ බැංකුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත.
මෙහි දී 2018 ජනවාරි 11 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ ප්‍රකාශය වෙත අවධානය යොමු කරනු ලැබේ. එහි අවසාන ඡේදයේ වෝහාරික විගණනයක් සිදු කිරීම පිළිබඳ ව සඳහන් කොට ඇත. එකී විගණනයේ දී 2008 - 2014 කාල සීමාව තුළ සිදු වූ රජයේ සුරැකුම්පත් සහ සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ කටයුතු පිළිබඳ ව විමසා බැලෙනු ඇති අතර මෙම විගණනය බාහිර පාර්ශ්වයක් විසින් සිදු කෙරෙනු ඇත. වෝහාරික විගණනය අවසාන වීමට පෙර මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කිරීම යෝග්‍ය නො වේ.
-
Statement by the Monetary Board of the Central Bank of Sri Lanka
2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ සම්බන්ධවත්, රාජ්‍ය ණය සහ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය සහ පරිපාලනය විධිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුුදල් මණ්ඩලය විසින් කරනු ලබන ප්‍රකාශය.
2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාව එහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සලකා බැලීම සඳහා ජනාධිපති ලේකම්තුමා විසින් 2018 ජනවාරි 10 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා වෙත භාර දෙනු ලැබිණි.
-
Inflation in July 2016
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූනි මාසයේ දී වාර්තා කළ සියයට 6.4 සිට 2016 ජූලි මාසයේ දී සියයට 5.8 දක්වා පහළ ගියේ ය. 2016 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 ජූනි මස වාර්තා වූ සියයට 3.1 සිට 2016 ජූලි මස දී සියයට 3.4 දක්වා ඉහළ ගියේ ය.
-
Extension of the Suspension of Business of Perpetual Treasuries Limited
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින්, 2018 ජනවාරි මස 4 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2018 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.
-
Monetary Policy Review - August 2016
වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට හා මූලික උද්ධමනය 2016 ජූලි මාසයේ දී පහළ ගියේ ය. දේශීය සැපයුම් යථා තත්ත්වයට පත් වීම මෙන් ම ඇතැම් බදු සංශෝධන අත්හිටුවීම පාරිභෝගික මිල උද්ධමනය පහළ යෑමට හේතු විය. කෙ සේ වුවත්, වාර්ෂික සාමාන්‍ය මිල වෙනස් වීම් මගින් පිළිබිඹු වන පරිදි යටිදැරි උද්ධමනයේ ඉහළ යෑමේ ප්‍රවණතාව වසරේ මේ දක්වා ම නො කඩවා පැවැතුණි.
-
Road Map 2018 - Monetary and Financial Sector Policies for 2018 and Beyond
2017 වසර අභියෝගාත්මක වසරක් විය. අයහපත් කාලගුණික තත්ත්ව සමස්ත ආර්ථිකය කෙරෙහි බලපෑම් ඇති කළ අතර පැවැති නියං සහ ගංවතුර තත්ත්වයන්ගෙන් කෘෂිකාර්මික කටයුතු සහ කෘෂි නිෂ්පාදිත පදනම් කර ගත් කර්මාන්ත කටයුතුවලට බාධා ඇති විය. අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් ඇති වූ බලපෑම ආර්ථිකයේ අනෙකුත් අංශ කෙරෙහි ද අයහපත් ලෙස බලපෑ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේ ආර්ථික වර්ධනය වසර ආරම්භයේ දී අප පුරෝකථනය කළ මට්ටමට වඩා පහළ සහ අඩු අගයක් ගනු ඇතැ යි අපේක්ෂා කෙරේ. සාර්ව ආර්ථික ස්ථායීතාව නැවත ළඟා කර ගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක කළ මහ බැංකුවේ දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මෙන් ම රජය මගින් ක්‍රියාත්මක කිරීමට යෙදුණු සාපේක්ෂ වශයෙන් දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජන වියදම් කෙරෙහි යම් තාක් දුරට බලපෑ අතර එය ද ආර්ථික වර්ධනය මන්දගාමී වීමට හේතු විය.
-
Regulatory action taken by the Central Bank of Sri Lanka on ETI Finance Ltd and Swarnamahal Financial Services PLC
ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණ මහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී යන ආයතනවල පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසිධන මට්ටම දීර්ඝ වශයෙන් සලකා බැලූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2018.01.01 දින පැවැති රැස්වීමේ දී එම ආයතන දෙකේ තැන්පත්කරුවන්ගේ හා අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ඹිත කිරීම සඳහාත් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව සහ ශක්තිමත්භාවය තහවුරු කර ගැනීම සඳහාත් කෙටිකාලීන පියවරක් ලෙස 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ පහත ක්‍රියාමාර්ග වහා ම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කරන ලදි.