නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජූලි මාසයේ දී වාර්තා කළ 50.6 සිට 2016 ගෝස්තු මාසයේ දී 53.5ක් දක්වා දර්ශක අගයන් 2.9කින් ඉහළ ගියේ ය. මේ සඳහා නව ඇණවුම්, සේවා නියුක්තිය සහ නිෂ්පාදන දර්ශකවල වර්ධනය බෙහෙවින් දායක විය. මෙහි දී පසුගිය මාසයට සාපේක්ෂ ව ගැනුම් තොග දර්ශකය නො වෙනස් ව පැවැති අතර අනෙකුත් සියලු ම උප දර්ශක ඉහළ ගියේ ය. විශේෂයෙන් ම, නව ඇණවුම්, සේවා නියුක්තිය සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය. තව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.
-
Sri Lanka Purchasing Managers’ Index Survey - August 2016
-
Release of 'A Step by Step Guide to Doing Business in Sri Lanka' and 'Sri Lanka Socio-Economic Data – 2016' Publications
The sixth edition of “A Step by Step Guide to Doing Business in Sri Lanka” has been now published by the Central Bank of Sri Lanka (CBSL). This publication contains useful regulatory information on starting, operating and closing a business enterprise in Sri Lanka. As proposed by the relevant institutions, the necessary amendments up to the first quarter of 2016 are incorporated into this edition.
This is a useful source document with all information in one place for the business community and foreign investors and will assist by reducing the search costs, time and inconvenience in accessing such information.
-
Sri Lanka Prosperity Index - 2016
සමස්ත රටේ සහ එහි පළාත්වල සෞභාග්‍ය තත්ත්වය මැනීම සහ සැසඳීම සිදු කරනු ලබන බහුමාන දර්ශකයක් වන ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය පෙර වසරේ වාර්තා කළ 0.685ක අගයේ සිට 2016 වසරේ දී 0.746 දක්වා වර්ධනය වී ඇත. ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකයේ උප දර්ශකවල හැසිරීම විශ්ලේෂණය කිරීමේ දී 2015 වසරේ සිට 2016 වසර දක්වා වූ කාල පරිච්ඡේදය තුළ දී ආර්ථික සහ ව්‍යාපාරික පරිසරය සහ ජන ජීවිතයේ යහපැවැත්ම මනිනු ලබන උප දර්ශක වර්ධනය වූ අතර සමාජ ආර්ථික යටිතල පහසුකම් උප දර්ශකය සුළු වශයෙන් අඩු විය.
-
Regulatory Actions on Distressed Finance Companies
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කර ගෙන යෑම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය වෙත ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කිරීමේ නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2017.11.06 වැනි දින තීරණය කරන ලදි.
ආයතනයේ දුර්වල කළමනාකරණය සහ කළමනාකාරිත්වය විසින් සිදු කළ අක්‍රමවත් ගනුදෙනු නිසා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය 2013 වර්ෂයේ සිට බලවත් ද්‍රවශීලතා අර්බුදවලට මුහුණ දෙමින් සිටියි. මෙම ආයතනයේ අධ්‍යක්ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් ව්‍යාපාරයේ වත්කම්වල වටිනාකම වංචනික ව වැඩි අගයකින් පෙන්වා ඇති අතර එම වත්කම් ව්‍යාජ හෝ වෙනත් බැඳීම්වලට යටත් බව ඒ හා සම්බන්ධ ලේඛණ පරික්ෂාවට ලක් කිරීමේ දී අනාවරණය වී ඇත.
-
Transparency in Government Securities Market further Improves
As the second stage, commercial banks joined the Bloomberg electronic bond trading platform for government securities secondary market transactions with effect from 15.09.2016. Prior to this, all primary dealers joined the platform on 01.08.2016. Therefore, now all primary dealers and banks undertake trades among them in the platform and report all over-the-counter outright deals with investors of Rs 50 mn and above within 30 minutes. The Central Bank releases basic trade information on yields and volumes by each security traded to its website next day. During 32 market days from 01.08.2016 to 15.09.2016, a number of 1,816 outright transactions amounting to Rs. 218.7 bn took place in trade of the majority of securities in issue. In due course, the Central Bank will release such market information twice a day, at noon and close of the day.
-
Inflation in August 2016
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභේගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූලි මාසයේ දී වාර්තා කළ සියයට 5.8 සිට 2016 අගෝස්තු මාසයේ දී සියයට 4.5 දක්වා පහළ ගියේ ය. 2016 අගෝස්තු මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 ජූලි මස වාර්තා වූ සියයට 3.4 සිට 2016 අගෝස්තු මස දී සියයට 3.6 දක්වා ඉහළ ගියේ ය.
-
The FIU Sri Lanka Entered into a Memorandum of Understanding with Suspicious Transaction Reporting Office of Singapore
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සිංගප්පූරුවේ සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ කාර්යාලය සමඟ 2016 සැප්තැම්බර් 1 වන දින අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. අන්‍යොන්‍ය අවබෝධතාව සහ එකිනෙකා පිළිබඳ ව දක්වන සහයෝගීතාව සහ සැලකිල්ල පදනම් කර ගෙන එක් එක් ආයතනයට අදාළ ජාතික ව්‍යවස්ථාපිත රාමුව තුළ හිඳිමින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීමට අදාළ ව පරීක්ෂණ සහ නඩු පැවරීම්වලට තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාවක් සලසා දීම මෙම අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමේ මූලික පරමාර්ථය වේ.
-
External Sector Performance - September 2017
අඛණ්ඩ ව තෙවන මාසයට ද එක්සත් ජනපද ඩොලර් බිලියනයක සීමාව පසු කරමින් 2017 වසරේ සැප්තැම්බර් මාසයේ දී අපනයන අංක දෙකක අගයකින් වර්ධනය වී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි දායක විය. කෙ සේ වුවත්, මාසය තුළ දී ඉන්ධන සහ සහල් ආනයන ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය පුළුල් විය. 2016 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව සංචාරකයන් පැමිණෙන ප්‍රධාන රටවලින් පැමිණි සංචාරකයන් ප්‍රමාණය සුළු වශයෙන් පහළ යෑමත් සමඟ මාසය තුළ දී සංචාරක ඉපැයීම් ද සුළු වශයෙන් අඩු විය. සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ව අඩු වූ අතර එය 2017 වසරේ පළමු මාස නවය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කැපී පෙනෙන ලෙස අඩු වීම සඳහා හේතු විය. කෙ සේ වුව ද, අඛණ්ඩ ආයෝජක විශ්වාසය පිළිබිඹු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ ඉහළ විදේශීය ලැබීම් සමඟ මාසය තුළ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම අඛණ්ඩ ව ශක්තිමත් විය.
-
Establishing the Department of Foreign Exchange to Implement the Foreign Exchange Act, No. 12 of 2017
ප්‍රාග්ධන ප්‍රවාහ තවදුරටත් ලිහිල් කිරීම සහ ජංගම ගිණුම් ගනුදෙනු සහ විවිධ වර්ගයේ විදේශ ව්‍යවහාර මුදල්/රුපියල් ගිණුම් සම්බන්ධයෙන් වූ ක්‍රියාවලීන් තවදුරටත් සරල කිරීම සඳහා නව විදේශ විනිමය නීති හඳුන්වාදෙන බව රජය විසින් 2016 අයවැය යෝජනාවේ ප්‍රකාශයට පත්කරන ලදී.
මෙම නිවේදනය හා සමගාමී ව, 1953 අංක 24 දරන විනිමය පාලන පනත ඉවත් කරමින් 2017 නොවැම්බර් 20 දින සිට විදේශ විනිමය මෙහෙයුම් සඳහා වූ නව නෛතික සහ ප්‍රතිපත්ති රාමුවක් 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගින් හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුතින් පිහිටුවන ලද විදේශ විනිමය දෙපාර්තමේන්තුව මගින් නව පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.
-
IMF Staff Concludes Visit to Sri Lanka to Discuss Progress of Economic Program
රටක සංචාරය අවසන් කිරීමෙන් පසු දූත මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන පුවත්පත් නිවේදනයන්හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මූලික නිරීක්ෂණ ඇතුළත් වේ. මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර එ මගින් අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු නො කෙරේ. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වාර්තාවක් පිළියෙළ කරන අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාච්ඡා කිරීමටත් තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරේ.