2018 පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟයෙේ සැලකිය යුතු පුළුල් වීම මධ්‍යයේ වුව ද සංචාරක පැමිණීම්හි සිදු වූ කැපී පෙනෙන වර්ධනය සහ කොටස් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ ශුද්ධ විදේශීය ලැබීම් තුළින් විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය විදහා දැක්වුණි. රත්‍රං ආනයනයේ සිදු වූ ශීඝ්‍ර වැඩි වීම ආසන්න වශයෙන් වසර තුන හමාරක කාලය තුළ දී සමස්ත වෙළෙඳ භාණ්ඩ ආනයනයෙේ සිදු වූ වේගවත් ම වර්ධනය සඳහා මූලික ව ම හේතු වූ අතර එය 2018 පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් වීම සඳහා හේතු විය. 2018 ජනවාරි මාසයේ දී දක්නට ලැබුණු වර්ධන ප්‍රවණතාව අඛණ්ඩ ව පවත්වා ගනිමින් 2018 පෙබරවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස වැඩි විය. කෙ සේ වුවත්, ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල දක්නට ලැබුණු වර්ධනයෙන් අනතුරු ව 2018 පෙබරවාරි මාසයේ දී එහි අඩු වීමක් පෙන්නුම් කළේ ය.
-
External Sector Performance – February 2018
-
The Central Bank of Sri Lanka Maintains Policy Interest Rates Unchanged
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 මැයි මස 10 වැනි දින පැවති රැස්වීමේදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)”, පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මගින් මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ හිතකර වර්ධනය සඳහා පහසුකම් සැලසීමට අරමුණු කෙරේ.
-
SL Purchasing Managers’ Index Survey - June 2016
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය මාස දෙක හා සැසඳීමේ දී යහපත් වර්ධනයක් පෙන්නුම් කරමින් 2016 ජූනි මාසයේ දී 55.1ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙය මැයි මාසය හා සාපේක්ෂ ව දර්ශක අගයන් 7.2ක ඉහළ යෑමකි. මෙම වර්ධනය සඳහා නිෂ්පාදන සහ නව ඇණවුම් දර්ශකයන්ගේ සැලකිය යුතු වර්ධනය ප්‍රධාන වශයෙන් දායක විය. මීට අමතර ව ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය පිළිබඳ දර්ශකය හැර අනෙකුත් සියලු ම උප දර්ශක මැයි මාසයට සාපේක්ෂ ව වර්ධනයක් වාර්තා කළේ ය. තව ද, සේවා නියුක්ති දර්ශකය හැරුණු කොට සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ ඉදිරි අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.
-
Foreign Sentiment Signals Confidence in Sri Lanka’s Economic Performance and Potential
මෑත කාලයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ව දැඩි අවධානයක් යොමු වී තිබේ.
මෙ වැනි වාතාවරණයක් තුළ, ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි පවතින සහයෝගයේ ස්වභාවය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් මැන බැලීම යෝග්‍ය වේ. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ මත පදනම් වන මිනුම් දඬු තාර්කික හා යථාර්ථවත් වන අතර මෙ වැනි මිනුම් දඬු ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ව ස්වාධීන දර්ශක ලෙස සැලකිය හැකි යි.
-
The Annual Report of the Central Bank of Sri Lanka for the Year 2017
1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 68 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත පිළිගන්වන ලදී.
-
Clarification on Treasury Bond Service Payments
ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම හේතුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීමේ දිනට පෙර අදාළ ගෙවීම් සිදු කිරීමට නො හැකි බව ඉස්මතු කර පෙන්වන සාවද්‍ය මාධ්‍ය වාර්තා පළ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත.
ඉහත සඳහන් මාධ්‍ය වාර්තා නිරවද්‍යතාවෙන් තොර බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන අතර, රජයේ දේශීය සහ විදේශීය ණය සේවාකරණ ගෙවීම් නියමිත පරිදි අඛණ්ඩ ව සිදු කිරීම මගින් ඉතා යහපත් වාර්තාවක් පවත්වා ගෙන යන බව ද අවධාරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජිත කාර්යයක් වශයෙන් රජය වෙනුවෙන් රාජ්‍ය ණය කළමණාකරණය සිදු කරමින් නියමිත ක්‍රියා පටිපාටීන්ට අනුව කල් පිරෙන දිනට පෙර නො ව, කල් පිරෙන දිනයේ දී අදාළ පොලී සහ ණය ආපසු ගෙවීම් සිදු කර ඇත.
-
inflation in June 2016
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 මැයි මාසයේ දී වාර්තා කළ සියයට 5.3 සිට 2016 ජූනි මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේ ය. 2016 ජූනි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 මැයි මස වාර්තා වූ සියයට 2.7 සිට 2016 ජූනි මස දී සියයට 3.1 දක්වා ඉහළ ගියේ ය.
-
Inflation in March 2018
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2017 නොවැම්බර් මස සිට අඛණ්ඩ ව පහළ යන නැඹුරුවක් පෙන්නුම් කළේ ය. ඒ අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.2ට සාපේක්ෂ ව 2016 අප්‍රේල් මස සිට වාර්තා වූ අඩු ම අගය වන සියයට 2.8ක් දක්වා 2018 මාර්තු මාසයේ දී පහළ ගියේ ය. 2018 මාර්තු මාසයේ දී පැවති සතුටුදායක සැපයුම් තත්ත්ව හේතුවෙන් ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම 2018 මාර්තු මස ලක්ෂ්‍යමය උද්ධමනයේ සිදු වූ මෙම සැලකිය යුතු පහළ යෑමට හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 7.2 සිට 2018 මාර්තු මාසයේ දී සියයට 6.7 දක්වා පහළ ගියේ ය.
-
IMF Reaches Staff-Level Agreement on the Fourth Review of Sri Lanka’s Extended Fund Facility
කොළඹ දී සහ වොෂින්ටන් නුවර පැවැති වසන්ත සෘතුවේ රැස්වීම් අතරතුර දී බලධාරීන් සමඟ සිදු කළ සාධනීය සාකච්ඡාවලින් අනතුරු ව ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසේ ප්‍රධානී මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මිය විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී.
-
Monetary Policy Review – July 2016
ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනකාරී පීඩන ආර්ථිකය තුළ ඉස්මතු වීම පිළිබිඹු කරමින් මූලික හා මතුපිට උද්ධමන අනුපාතික ඉහළ යෑමේ ප්‍රවණතාව තවදුරටත් පැවැතුණි. අහිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් සැපයුම් අංශයේ සිදු වූ අඩාල වීම් හා රජය විසින් බදු ව්‍යුහයේ සිදු කරන ලද වෙනස්කම් ද පසුගිය මාස දෙක තුළ උද්ධමනය ඉහළ යෑම සඳහා හේතු වී ඇත. මේ අතර දැනට පවතින දර්ශකවලට අනුව මූර්ත අංශයේ ආර්ථික ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් තෙරේ. විශේෂයෙන් ම බලශක්ති උත්පාදනය, සංචාරක හා වරාය ආශ්‍රිත සේවා, ඉදිකිරීම්, ආයෝජන භාණ්ඩ ආනයනය මෙන් ම නිෂ්පාදන හා සේවා අංශ සඳහා වන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක (Purchasing Managers' Index - PMI) පසුගිය මාස කිහිපය තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.