• External Sector Performance - March 2024

    2022 වසරේ අගෝස්තු මාසයේ සිට වාර්තා වූ ඉහළම ඉපැයීම් වාර්තා කරමින් අපනයන ඉපැයීම්වල සිදු වූ කැපී පෙනෙන වර්ධනය වෙළඳ හිඟය 2024 වසරේ මාර්තු මාසයේ දී, (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත), පහළ යෑම සඳහා උපකාරී විය

    මූලිකවම සංචාරක ඉපැයීම්ද ඇතුළුව, 2024 වසරේ මාර්තු මාසයේ දී සේවා අංශය වෙත කැපී පෙනෙන ලැබීම් ප්‍රමාණයක් වාර්තා වූ අතර, මුහුදු ප්‍රවාහන (භාණ්ඩ) සේවා අංශය වෙතින්ද සැලකිය යුතු ලැබීම් ප්‍රමාණයක් වාර්තා විය.

    විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් වාර්තා වන කාලපරිච්ඡේදයක් වන බැවින් 2024 වසරේ මාර්තු මාසයේ දී එම ප්‍රේෂණ ඉහළ මට්ටමක පැවතුණි.

    කොළඹ කොටස් වෙළඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2024 වසරේ මාර්තු මාසයේ දී ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

  • CCPI based headline inflation showed some uptick in April 2024

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 අප්‍රේල් මාසයේ දී සියයට 1.5ක් වාර්තා කරමින් ඉහළ යෑමක් පෙන්නුම් කළේය. 

  • SL Purchasing Managers’ Index (PMI) for Construction Industry – March 2024

    ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මාර්තු මාසයේ දී දර්ශකාංක 55.9ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය අඛණ්ඩව මෙලෙස තුන්වන මාසය සඳහා ද කඩඉම් මට්ටමට ඉහළ අගයක් වාර්තා කරමින්, ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයේ යම් ස්ථායී බවක් පෙන්නුම් කරයි.

  • The Central Bank of Sri Lanka hosted the FSB RCG Asia Meeting in Colombo on 29 April 2024

    මූල්‍ය ස්ථායීතා මණ්ඩල (FSB)  ආසියා කලාපීය උපදේශක කණ්ඩායම (RCG Asia) 2024 අප්‍රේල් 29 දින කොළඹ දී රැස් විය. මෙම සාකච්ඡාවේදී සමීපව අධීක්ෂණය කළ යුතු වූ මෑත කාලීන මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සහ දුර්වලතා පිළිබඳව අවධානය යොමු විය. ඒ අනුව, කලාපය පුරා අතත්‍ය (crypto) වත්කම් සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි නියාමන රාමුව ක්‍රියාවට නැංවීම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳ  මෙන්ම කෘතිම බුද්ධිය හා සම්බන්ධ මෑත කාලීන වර්ධනයන්, මූල්‍ය අංශය තුළ එහි භාවිතයන්  සහ මූල්‍ය ස්ථායීතාව සඳහා ඇති බලපෑම් පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කරන ලදී.

  • The Central Bank of Sri Lanka releases its inaugural Annual Economic Review and Financial Statements and Operations of the Central Bank for the Year 2023

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 80 වැනි වගන්තිය යටතේ පළමු ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2023, සහ ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 99 වැනි වගන්තිය යටතේ පළමු ප්‍රකාශනය වන මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2023,  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ගරු ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත අද දින (2024 අප්‍රේල් 25) පිළිගන්වන ලදී.

  • Sri Lanka Purchasing Managers’ Index (Manufacturing and Services) - March 2024

    2024 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මාර්තු  මාසයේ දී දර්ශකාංක 62.5ක් වාර්තා කරන ලදී. මෙම දර්ශකය වසර තුනකින් වාර්තා කළ ඉහළම අගය මෙය වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම උප දර්ශක පෙර මාසය හා සැසඳීමේදී ඉහළ යෑම හේතු විය.

  • Central Bank Issues Guidelines for the Establishment of Business Revival Units in Licensed Banks to Support Revival of Viable Businesses

    දැනටමත් පිහිටුවා ඇති පශ්චාත් කොවිඩ්-19 යළි පණගැන්වීමේ ඒකකවල ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහ එම ඒකක, ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකක ලෙස වැඩිදියුණු කරලීම උදෙසා, 2024 මාර්තු 28 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත පුළුල් මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. යෝජිත ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකකවල වැඩි දියුණු කළ විෂය පථය මගින්, බලාපොරොත්තු නොවූ සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ, එනමුත් පවත්වා ගෙන යෑමට හැකියාව ඇති ව්‍යාපාර තිරසර ලෙස යළි නඟා සිටුවීමට පහසුකම් සැලසෙන අතර බලපත්‍රලාභී බැංකුවල ඉහළ ගිය අක්‍රීය ණය නිසි ලෙස හැසිරවීම ට සහාය වෙයි. මෙම මාර්ගෝපදේශ සකස් කිරීමේ දී මහ බැංකුව විසින් බැංකු ක්ෂේත්‍රය, වාණිජ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් සලකා බලන ලදී.

  • CCPI based headline inflation decelerated sharply in March 2024

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 5.9හි සිට 2024 මාර්තු මාසයේ දී සියයට 0.9 දක්වා තියුණු ලෙස පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

  • SL Purchasing Managers’ Index (PMI) for Construction Industry – February 2024

    ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 පෙබරවාරි මාසයේ දී දර්ශකාංක 57.1ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම වර්ධනය සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා පවතින හිතකර වාතාවරණය සහ තාවකාලිකව අත්හිටුවා තිබූ ඇතැම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම හේතු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ ආයතන සඳහන් කරන ලදී. 

  • External Sector Performance - February 2024

    වසරකට පෙර පැවති අගය හා සැසඳීමේ දී 2024 වසරේ පෙබරවාරි මාසයේ ආනයන වියදම සහ අපනයන ආදායම යන ද්විත්වයම ඉහළ ගියේය. කෙසේ වෙතත්, අපනයන ඉහළ යෑමට සාපේක්ෂව ආනයන වඩා විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය පුළුල් විය. එසේ වුවද, ප්‍රධාන වශයෙන් ඉන්ධන ආනයන පහළ යෑම හේතුවෙන් පෙර මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ ආනයන වියදම සැලකිය යුතු ලෙස පහළ ගියේය.

    මුහුදු ප්‍රවාහන, ගුවන් ප්‍රවාහන සහ පරිගණක, තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම ආශ්‍රිත සේවාවන්හි ඉපැයීම් මගින් සේවා අංශය වෙත කැපී පෙනෙන ශුද්ධ ලැබීමක් වාර්තා විය.

    විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2024 වසරේ පෙබරවාරි මාසයේ දී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කර ඇත.

    2024 වසරේ පෙබරවාරි මාසයේ දී, රජයේ සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන කැපී පෙනෙන ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර 2022 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වාර්තා වූ ඉහළම මාසික ශුද්ධ ලැබීම මෙම මාසයේ දී වාර්තා විය.

Pages