සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය සහ දේපළ මිල දර්ශක

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් 2017 වසරේ තුන්වන කාර්තුවේ දී සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය ආරම්භ කරන ලදී. සහාධිපත්‍ය අංශය මගින් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයට මෙන්ම සමස්ත ආර්ථිකයට සිදුකරන දායකත්වය සැළකිල්ලට ගෙන එම වෙළඳපොළ පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමේ අරමුණෙන්, කාර්තුමය පදනමෙන් මෙම සමීක්ෂණය සිදු කරනු ලබයි. මෙම සමීක්ෂණය සඳහා ශ්‍රී ලංකා සහාධිපත්‍ය ඉදිකරන්නන්ගේ සංගමයේ සාමාජිකයන් මෙන්ම වෙළඳපොළේ අනෙකුත් සහාධිපත්‍ය ඉදිකරන්නන් සහභාගී වේ. සමීක්ෂණ‍යෙන් ලබා ගන්නා දත්ත උපයෝගී කොටගෙන, අලුතින් ඉදිකරනු ලබන සහාධිපත්‍ය වලට අදාල මිල දර්ශකයක් සම්පාදනය කරනු ලබයි.

තවද, සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් දේපළ විකිණීම් සඳහා වන වෙබ් අඩවි ඔස්සේ නේවාසික දේපළ වෙළඳාම්වල ඉල්ලුම් මිල ගණන්  ද රැස් කරනු ලබන අතර,  එම දත්ත පදනම් කොටගෙන සහාධිපත්‍ය, නිවාස සහ ඉඩම් සඳහා ඉල්ලුම් මිල දර්ශක සම්පාදනය කරනු ලබයි.

2022 වසරේ පළමු කාර්තුවේ සිට සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණයේ සංක්ෂිප්ත තොරතුරු සහ ඉහත සඳහන් මිල දර්ශක ඇතුලත් වන කාර්තුමය වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලබයි.

 

05.01.2024   සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය සහ දේපළ මිල දර්ශක - 2023 තුන්වන කාර්තුව

05.07.2023   සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය සහ දේපළ මිල දර්ශක - 2023 පළමුවන කාර්තුව

03.04.2023   සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය සහ දේපළ මිල දර්ශක - 2022 හතරවන කාර්තුව

31.12.2022   සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය සහ දේපළ මිල දර්ශක - 2022 තුන්වන කාර්තුව

30.09.2022   සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය සහ දේපළ මිල දර්ශක - 2022 දෙවන කාර්තුව

06.07.2022   සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය සහ දේපළ මිල දර්ශක - 2022 පළමුවන කාර්තුව

18.03.2022   සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය - 2021 හතරවන කාර්තුව

28.12.2021   සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය - 2021 තුන්වන කාර්තුව

04.10.2021   සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය - 2021 දෙවන කාර්තුව

25.06.2021   සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය - 2021 පළමුවන කාර්තුව

26.03.2021   සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය - 2020 හතරවන කාර්තුව

11.01.2021   සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය - 2020 තුන්වන කාර්තුව