වෝහාරික විගණනයන් පිළිබඳව මාධ්‍ය තුළ පළ වූ සමහර සාවද්‍ය තොරතුරු හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් පහත කරුණු ඉදිරිපත් කරනු ලැබේ.
-
Forensic Audits
-
External Sector Performance - November 2019
ආනයන සහ අපනයන අඩු වීම සමඟ 2019 නොවැම්බර් මාසයේදී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු විය. ආනයන වියදම සැලකිය යුතු ලෙස අඩු වීම හා අපනයන ආදායම සුළු වශයෙන් වැඩි වීම හේතුවෙන් 2019 වසරේ පළමු මාස එකොළහ තුළදී වෙළඳ හිඟය 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඩු විය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2019 වසරේ නොවැම්බර් මාසයේදී සංචාරක පැමිණීම්වල පහළ යෑමක් වාර්තා වුවද, සංචාරක කර්මාන්තය අඛණ්ඩව යථා තත්ත්වයට පත් වෙමින් පවතී. 2019 වසරේ නොවැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඩු වූ අතර, 2019 වසරේ පළමු මාස එකොළහ තුළදී සමුච්චිත පදනම මතද අඩු වීමක් වාර්තා කළේය. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජ.මු.අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනෙහි හත්වන වාරිකය ලැබීමත්, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත විදේශීය ශුද්ධ ලැබීම් වාර්තා වීමත් සමඟ ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම ශක්තිමත් විය.
-
Sri Lanka Purchasing Managers’ Index - December 2019
2019 දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් වර්ධනයක් පෙන්නුම් කරමින් දර්ශක අගය 54.3ක් ලෙස වාර්තා වූ අතර, නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තියේ සිදු වූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් ම හේතු විය.
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක 2019 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වුව ද වර්ධනයක් පෙන්නුම් කළේ ය. නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක අඩු වේගයකින් ඉහළ යාම කෙරෙහි රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි දක්නට ලැබුණු මන්දගාමී වර්ධනය ප්‍රධාන වශයෙන් හේතු විය. උත්සව සමයේ වඩා හොඳ වැටුප් සහිත තාවකාලික රැකියා සඳහා සමහර සේවකයින් යොමු වීම, විශේෂයෙන් ම රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි රැකියා නියුක්තියේ සැළකිය යුතු අඩු වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. නිෂ්පාදනයේ අඩු වර්ධනය කෙරෙහි ද මෙම සේවා නියුක්තියේ දක්නට ලැබුණු මන්දගාමීත්වය යම් දුරකට බලපා ඇත.
-
Road Map 2020 - Monetary and Financial Sector Policies for 2020 and Beyond
වර්තමානයේදී, ශ්‍රි ලංකා ආර්ථිකය පවතිනුයේ තීරණාත්මක සන්ධිස්ථානයකය. ස්වෛරී රාජ්‍යයක් ලෙස දශක ගණනාවක් පුරා සිදු කළ ප්‍රතිපත්ති සම්පාදනය තුළින් ආර්ථිකයේ බොහෝ අංශ ප්‍රගතියක් ලබාගෙන ඇත. සාමාජීය වශයෙන් ගත් කල කැපී පෙනෙන අභිවෘද්ධියක් ළඟා කරගෙන ඇත. කෙසේ වුවත්, විභව මට්ටමට වඩා අඩු ආර්ථික වර්ධනය, යම් ප්‍රදේශ හා ජන කොටස්වලට සීමා වූ ඉහළ දරිද්‍රතාවය දිගින් දිගටම පැවතීම, ඵලදායී සම්පත් ඌන උපයෝජනය, අපනයනවල වර්ධනය සහ විවිධාංගීකරණය ප්‍රමාණවත් නොවීම, ණය නොවන ප්‍රාග්ධන ලැබීම්වල හිඟතාව, විශාල ණය සහ පොලී අනුපාතික කාලපරිච්ඡේද සහ ඉහළ රාජ්‍ය මුල්‍ය හිඟයන් හා රාජ්‍ය ණය මට්ටම් යනාදිය ආර්ථිකයේ දැඩි අභියෝග ලෙස පවතී. ඉහළ සහ තිරසාර වර්ධන මාවතකට ආර්ථිකය රැගෙන යෑම සඳහා ප්‍රතිපත්තිමය සහ ප්‍රතිපත්තිමය නොවන සාධකවල ප්‍රතිඵලයක් වූ මෙම අභියෝගයන්ට තීරණාත්මක ලෙස මුහුණ දීම අත්‍යවශ්‍ය වේ.
-
Extension of the Suspension of Business of Perpetual Treasuries Limited
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම 2020 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.
-
Meeting of Targets on Average Weighted Prime Lending Rate for end 2019 in line with the Monetary Law Act Order No. 2 of 2019
“මෑතකාලීන ප්‍රතිපත්ති තීරණ, රුපියල් ණය සඳහා අදාළ වෙළෙඳපොළ ණය පොලී අනුපාතික වෙත කාර්යක්ෂම ව සම්ප්‍රේෂණය වීම ඉහළ නැංවීම” යන 2019 අංක 02 දරන මුදල් නීති පනතේ නියෝගය අනුව සතිපතා ආර්ථික දර්ශක (Weekly Economic Indicators) ප්‍රකාශනයේ 2019 අප්‍රේල් මස 26 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවල සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතික (AWPR) හා සැසඳීමේ දී 2019 දෙසැම්බර් මස 27 වන දින වන විට සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතික අවම වශයෙන් පදනම් අංක 250කින් පහළ දැමිය යුතු වේ. මෙම නියෝගය නිකුත් කළ දින හෝ ඉන් අනතුරු ව සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය වාර්ෂික ව සියයට 9.50 දක්වා හෝ ඊට වඩා අඩු කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා මෙම නියෝගය අදාළ නො වේ.
-
Monetary Policy Review - No. 8 of 2019
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 දෙසැම්බර් 26 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් සියයට 7.00 සහ සියයට 8.00ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව තබා ගනිමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගෙන යෑමට තීරණය කළේ ය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළේ මෙන් ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබී ය. මුදල් මණ්ඩලයේ මෙම තීරණය, උද්ධමනය සියයට 4-6 අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර, මැදිකාලීන ව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වනු ඇත.
-
Prof. W D Lakshman Takes Office as the Governor of the Central Bank of Sri Lanka
1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ශ්‍රී ලංකා ප්‍රජාතින්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පත් කරන ලදි. මේ අනුව මහාචාර්ය ලක්ෂ්මන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ඇත.
-
Inflation decreased in November 2019
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.6 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගිය අතර 2018 නොවැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 7.3 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා සැලකිය යුතු ලෙස පහළ ගිය අතර ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.3 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් පහළ ගියේ ය.
-
Response to the Revision of Sri Lanka’s Rating Outlook by Fitch Ratings
ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ඉදිරි දැක්ම සංශෝධනය කරමින් 2019 දෙසැම්බර් මස 19 දින නිකුත් කළ ප්‍රකාශය සඳහා ප්‍රතිචාරයක් වශයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කළ ප්‍රකාශය පහත අන්තර්ජාල සබැඳිය මගින් ලබා ගත හැක.