• CCPI based Inflation decreased in April 2020

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 මාර්තු මාසයේ පැවති සියයට 5.4හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ යන ලද අතර, මේ සඳහා 2019 අප්‍රේල් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම පුර්ණ වශයෙන් දායක විය. මේ අතර, 2020 අප්‍රේල් මාසයේ දී ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 13.2ක් වූ අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මාර්තු මාසයේ පැවති සියයට 2.5හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 2.1ක් දක්වා පහළ ගියේ ය.

  • The Central Bank of Sri Lanka Releases its Annual Report for the Year 2019

    1949 අංක 58 දරන මුදල් න‍ීති පනතේ 35 වන වගන්තියට අනුව‍, ‍ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ම‍ණ්ඩලයේ  70 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අ‍ධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්‍‍ෂ්මන් මහතා විසින් ගරු අග්‍රමාත්‍ය සහ මුදල්‍, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ  මැතිතුමා වෙත පි‍ළිගන්වන ලදී.

  • The Central Bank of Sri Lanka Imposes Maximum Interest Rates on Pawning Advances of Licensed Banks

    රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් දැනට අය කරනු ලබන වාර්ෂීක  පොලිය 12% - 17.5% දක්වා පරාසයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. කොවිඩ්-19 ව්‍යසනය නිසා ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ, තම කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රන් භාණ්ඩ උකසට තබන අඩු ආදායම්ලාභීන්ට සහනයක් සැලසීිමේ අවශ්‍යතාව සලකමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී බැංකුවල රන් භාණ්ඩ උකස් අත්තිකාරම් පහසුකම් සඳහා උපරිම පොලී අනුපාත සීමා පැනවීමට තීරණය කරන ලදි.

  • Withdrawal of Primary Dealership by Union Bank of Colombo PLC

    යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී (යුනියන් බෑංකුව) විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 මැයි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි යුනියන් බැංකුවට සිය ප්‍රාථමික වෙළෙඳ මෙහෙයුම් කටයුතු නැවැත්වීමට අවසර ලබා දුන් බව මහජනතාවට මෙයින් දන්වා සිටී. යුනියන් බැංකුව විසින් LankaSettle පද්ධතියේ සෘජු අලෙවිකරු සහභාගීකරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරනු ඇති අතර සිය ගනුදෙනුකරුවන් වෙනුවෙනුන් නිර්ලේඛනගත රජයේ සුරැකුම්පත් ගනුදෙනු සිදු කිරීම සහ සිය ගනුදෙනුකරුවන්ගේ ගිණුම් LankaSecure පද්ධතියේ පවත්වා ගෙන යෑම සිදු කරනු ඇත.

  • NCPI based Inflation decreased in March 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 පෙබරවාරි මාසයේ පැවති සියයට 8.1හි සිට 2020 මාර්තු මාසයේ දී සියයට 7.0 දක්වා පහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 පෙබරවාරි මාසයේ දී සියයට 16.3හි පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 මාර්තු මාසයේ දී සියයට 14.1 දක්වා පහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ 2020 මාර්තු මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 1.8ක් විය.

  • Remittance of Funds to Sri Lankans Abroad to Pursue Studies and on Short Term Visits, to Meet Their Expenses

    දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විවේක හා නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්‍රණ හා සමුළු, වෛද්‍ය ප්‍රතිකාර, ක්‍රීඩා, විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු හෝ වෙනත් ඕනෑ ම කටයුත්තක් වෙනුවෙන් සහ ශිෂ්‍ය හෝ ඊට සමාන වීසා බලපත්‍ර මත විදේශගත වී සිටින තම පවුලේ සාමාජිකයන් වෙත එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් යැවීමට  ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයිත්  උනන්දු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක් වී ඇත.  මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පැහැදිලි කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වේ. 

  • Sri Lanka Purchasing Managers’ Index - March 2020

    COVID-19 වසංගතය මගින් ඇති වූ අහිතකර බලපෑම නිසා නිෂ්පාදන ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස පහළ ගියේ ය. නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 පෙබරවාරි මාසයට සාපේක්ෂ ව 2020 මාර්තු මාසයේ දී දර්ශකාංක 23.6කින් පහළ යමින් දර්ශක අගය වූ 30.0ක් බවට පත් වූ අතර එය මෙතෙක් වාර්තා කළ අඩු ම අගය වේ. COVID-19 වසංගතය මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශය කෙරෙහි ඇති බලපෑම පිළිබිඹු කරමින් නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල සිදු වූ සැලකිය යුතු පහළ යාම, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම පහළ යාම සඳහා ප්‍රධාන ලෙස හේතු විය.

  • The Central Bank of Sri Lanka Reduces the Bank Rate

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 අප්‍රේල් මස 15 වැනි දින පැවැති රැස්වීමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2019 මැයි මස 31 වන දින සිට සමස්තයක් ලෙස  පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300 ක ආන්තිකයක් සහිත ව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) හා අනුකූල ව ස්වයංක්‍රීය ව ගැළපීම සඳහා ඉඩ හැරීමට තීරණය කරන ලදී.

  • Measures taken by the Central Bank of Sri Lanka to Provide Flexibility to Non-Bank Financial Institutions (NBFIs) to Support Businesses and Individuals Affected by the Outbreak of Coronavirus

    කොරෝනා ව්‍යසනය හෙවත් (covid-19) මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම සඳහා අවශ්‍ය නම්‍යශීලීත්වය බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් ඇතුළත් බැංකු නො වන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට තීරණය කර ඇත. ඒ යටතේ, ප්‍රාග්ධන වර්ධන අවශ්‍යතාව සහ අවම ද්‍රවශීල වත්කම් පවත්වා ගැනීම ඇතුළු  නියාමන අවශ්‍යතා නම්‍යශීලී කිරීම සහ බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා ද්‍රවශීලතා ආධාර සැපයීම යන ක්‍රියාමාර්ග අඩංගු වේ.

  • Introducing a Special Deposit Account to Support the National Effort to Manage the Challenges Faced due to COVID-19 Outbreak

    කොවිඩ් - 19 වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විමසීමෙන් පසු ව ශ්‍රී ලංකා රජය විසින් විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වා දී තිබේ.

Pages