• NCPI based Inflation increased in June 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මැයි මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 6.3 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, 2020 මැයි මාසයේ දී සියයට 11.1හි පැවැති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ දී සියයට 13.6 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ දී සියයට 0.8හි නො වෙනස් ව පැවතුණි

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2020 මැයි මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගියේ ය.

  • Continuation of Measures Taken to Preserve the Foreign Currency Reserve Position of Sri Lanka

    රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සහ කොවිඩ් - 19 (Covid - 19 ) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති විය හැකි අයහපත් බලපෑම සැලකිල්ලට ගෙන ගරු මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇති ව ප්‍රාග්ධන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් 2020 ජුලි 02 වන දා සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාල සීමාවක් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින් නියමයක් නිකුත් කරන ලදි.

  • Sri Lanka Purchasing Managers’ Index - June 2020

    සංචරණ සඳහා පනවා තිබූ සීමාවන් සම්පූර්ණයෙන් ම ලිහිල් කිරීමත් සමඟ රටේ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීම හේතු කොට ගෙන නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ජූනි මාසයේ දී සැලකිය යුතු ලෙස ඉහළ  ගියේ ය. ඒ අනුව 2020 මැයි මාසයට සාපේක්ෂ ව දර්ශකාංක 18.0කින් ඉහළ යමින් 2020 ජූනි මාසයේ දී 67.3ක අගයක් වාර්තා කළේ ය.

  • Appointments to the Monetary Board - Mr Sanjeeva Jayawardena PC, Dr (Mrs) Ranee Jayamaha and Mr Samantha Kumarasinghe

    මුදල් නීති පනතේ 8(2)(c) වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ව්යතවස්ථා සභාවේ ද අනුමැතිය ඇති ව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයන් තිදෙනෙකු පත් කර ඇත.

  • External Sector Performance – May 2020

    2020 වසරේ මැයි මස දෙවන සතියේ දී සමාජ හා ආර්ථික කටයුතු සීමා කිරීම් බොහොමයක් ඉවත් කිරීමත් සමඟ විදේශීය අංශය ස්ථාවර වීමේ සලකුණු පෙන්නුම් කළේය. මැයි මාසයේ දී භාණ්ඩ ආනයන සැලකිය යුතු ලෙස අඩු වීමත් සමඟ, අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා පනවන ලද සීමා කිරීම්වල බලපෑම නිරීක්ෂණය කළ හැකි විය. මේ අතර, අප්‍රේල් මාසයේදී සැලකිය යුතු ලෙස පහත වැටුණු භාණ්ඩ අපනයන, මැයි මාසය තුළ දී අපේක්ෂිත මට්ට්ම ඉක්මවා  නැවත යථා තත්ත්වයට පත් විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2019 වසරේ මැයි මාසයට සාපේක්ෂව 2020 වසරේ මැයි මාසයේදී සැලකිය යුතු ලෙස අඩු වූ නමුත් 2020 අප්‍රේල් මාසයේ වාර්තා වූ ඉතා අඩු මට්ටමට සාපේක්ෂව සැලකිය යුතු වැඩි වීමක් වාර්තා කළේය. මූල්‍ය ප‍්‍රවාහ සැලකීමේදී, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි නොපියවා ඉතිරිව ඇති මුළු විදේශීය ආයෝජන ප්‍රමාණය මැයි මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් මත වූ ආයෝජනවල සුළු ගෙවීම් වාර්තා වීමත් සමඟ තවදුරටත් සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතුණි.

  • Compensation Payments to the depositors of The Finance Company PLC under the Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme (SLDILSS)

    ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම 2020 ජූනි මස 07 වන දින ආරම්භ කරන ලද අතර දිවයින පුරා මහජන බැංකු ශාඛා 63ක් මගින් මේ වන විට ගෙවීම් සිදු කෙරේ.

    ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනය මගින් තහවුරු කරන ලද තැන්පත්කරුවන් 147,000කට පමණ රක්ෂණ වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල වෙතින් මේ වන විටත් වෙන් කර දී අවසන් ය. 2020.07.12 දින වන විට, ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් 19,279ක් මහජන බැංකුව වෙත පැමිණ තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගෙන ඇති අතර ඒ වෙනුවෙන් මේ දක්වා වැය වී ඇති මුදල රුපියල් 5,175,336,249.68ක් (රුපියල් කෝටි 517ක් පමණ) වේ.

  • Suspension of Business of “ETI Finance Ltd and Swarnamahal Financial Services PLC”

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31 වන වගන්තිය ප්‍රකාරව, 2020 ජූලි මස 13 වන දින සි‍ට බලපැවැත්වෙන පරිදි ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා 2020 ජූලි මස 10 වන දින තීරණය කරන ලදී.

    2011 වසරේ සිට පැවති විවිධ අක්‍රමිකතා හේතුකොටගෙන ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනය මේ වන වි‍ට බංකොලොත්භාවයට පත්ව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන යථා තත්වයට පත් කිරීම සඳහා සපයන ලද මාර්ගෝපදේශන සඳහා සෑහීමකට පත්විය හැකි පිළියම් යෙදීමට මෙම ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය දිගින් දිගටම අපොහොසත් වීම නිසා 2018 ජනවාරි 02 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එකී ආයතන වල මෙහෙයුම් කටයුතු සීමා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සීමා කිරීම මෙන්ම එම ආයතන කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකාර මණ්ඩලයක් පත් කරන ලදි.

  • Further Measures to Encourage Opening of Special Deposit Accounts

    රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ් - 19 (Covid - 19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් 2020.04.08 දින විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දෙන ලදී. ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව දැකිය හැකි අතර, මේ වන විට ආසන්න වශයෙන් ඇ.එ.ජ. ඩොලර් මිලියන 87 ක මුදලක් විශේෂ තැන්පතු ගිණුම් සඳහා ශ්‍රී ලංකාව වෙත ලැබී ඇත.

    ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විමසීමෙන් පසුව, විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම දිරිගැන්වීම සඳහා තවදුරටත් පහත දක්වා ඇති ක්‍රියාමාර්ග ගෙන ඇත.

    සම්පුර්ණ ලිපිය

  • Central Bank approved more than Rs. 60 billion working capital loans to COVID-19 affected businesses

    2020 ජූලි 10 දිනෙන් අවසන් වූ සතිය තුළ දී නව ණය අයදුම්පත් 2,066ක් සඳහා රුපියල් මිලියන 6,978ක මුදල් ප්‍රමාණයක් අනුමත කිරීමත් සමඟ 2020 ජූලි මස 10 වන දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන” පහසුකම යටතේ ව්‍යාපාර 22,306ක් සඳහා රුපියල් මිලියන 60,250ක මුදල් ප්‍රමාණයක් අනුමත කරන ලදී. 2020 ජූලි මස 09 වන දින වන විට දී බලපත්‍රලාභී බැංකු විසින් ව්‍යාපාර 13,333ක් අතරේ රුපියල් මිලියන 30,528ක මුදල් ප්‍රමාණයක්  මුදා හැර තිබුණි. 

  • Monetary Policy Review - July 2020

    ශ්‍රී  ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූලි 08 වැනි දින පැවති රැස්වීමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට තීරණය කළේය. වෙළඳපොළ ණය අනුපාතික තවදුරටත් පහළ හෙලීම මගින් ආර්ථිකයේ ඵලදායී අංශ වෙත කඩිනමින් ණය ලබා දීම සඳහා මූල්‍ය පද්ධතිය දිරිමත් කිරීමේ අරමුණින් යුතුව අඩු උද්ධමනයක් පවතින වාතාවරණයක්  යටතේ මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹිණි. එමඟින් කොවිඩ්-19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා මෙන්ම පුළුල් ආර්ථිකයට වන සහාය වඩාත් ශක්තිමත් කෙරෙනු ඇත.

Pages