• Inflation increased in September 2019

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 අගෝස්තු මාසයේ පැවති සියයට 3.4 හි සිට 2019 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේ ය. 2019 සැප්තැම්බර් මාසයේ දී, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම ලක්ෂ්‍යමය උද්ධමන අගයන් වන පිළිවෙලින් සියයට 4.9 සහ සියයට 5.1 මගින් පෙන්නුම් කළ පරිදි ආහාර හා ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. මීට අමතර ව, පෙර වසරේ අනුරූප මාසයේ පැවති අඩු පදනම් අගය ද මෙම ඉහළ යෑම සඳහා දායක විය.

  • The Financial Action Task Force delisted Sri Lanka from the Grey List

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින්, “අළු ලේඛනය” ලෙස හඳුන්වනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරන ලදී.  2019 ඔක්තෝබර් 13 සිට 18 දක්වා පැරීසියේ පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේ දී මෙම තීරණය ගනු ලැබිණි. 

  • Financial Intelligence Unit of Sri Lanka Entered into an Agreement with INTERPOL National Central Bureau for Sri Lanka

    2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2019 ඔක්තෝබර් මස 11 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ජාත්‍යන්තර පොලීසියේ කොළඹ ශාඛාව සමඟ ගිවිසුමකට එළැඹිණි. ජාත්‍යන්තර පොලීසියේ තොරතුරු පද්ධතිය වෙත සෘජුවම ප්‍රවිෂ්ට වීමේ අවකාශය ලබා ගැනීම මෙහි මූලික පරමාර්ථය විය.  

  • Sri Lanka Purchasing Managers’ Index - September 2019

    2019 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය විය. ඒ අනුව, ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2019 අගෝස්තු මාසයට සාපේක්ෂව දර්ශකාංක 1.9 කින් පහළ යමින් 2019 සැප්තැම්බර් මාසයේ දර්ශක අගය 54.7 ක් ලෙස වාර්තා කරන ලදී. සැප්තැම්බර් මාසය තුළදී නිෂ්පාදන සහ නව ඇණවුම් වල සිදුවූ මන්දගාමීත්වය, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් වර්ධනය වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය. නිෂ්පාදනයේ සිදුවූ මන්දගාමීත්වය විශේෂයෙන්ම, ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි ක්‍රියාකාරකම් මගින් දැක ගත හැක. නව ඇණවුම් සහ නිෂ්පාදන අඩු වේගයකින් වර්ධනය වුවද, අනාගතයේ ඇතිවිය හැකි ඉල්ලුම සපුරාලීම සඳහා විශේෂයෙන්ම, ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ ගැනුම් තොග සැළකිය යුතු ලෙස ඉහළ යන ලදී. 

  • External Sector Performance - August 2019

    ආනයන තවදුරටත් පහළ යෑම සහ පෙර මාසයට සාපේක්ෂව අපනයන අඩු වීම බොහෝදුරට යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් 2019 අගෝස්තු මස වෙළඳ හිඟය අඩු විය. 2019 අගෝස්තු මස ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 16.6 ක අඩුවීමක් වාර්තා කළ අතර ප්‍රධාන අපනයන කාණ්ඩවල මිල ගණන් පහළ යෑම හේතුවෙන් අපනයන ආදායම  පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 0.4 කින්  සුළු වශයෙන් අඩු විය.

    2019 ජූලි මස වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 717 ක වෙළඳ හිඟයට සාපේක්ෂව 2019 අගෝස්තු මස වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 540 ක් දක්වා අඩු විය.

  • Monetary Policy Review - No. 6 of 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 ඔක්තෝබර් 10 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට තීරණය කළේ ය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ මූල්‍ය වෙළෙඳපොළේ මෙන් ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබී ය. මුදල් මණ්ඩලයේ මෙම තීරණය උද්ධමනය සියයට 4 - 6 අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර මැදිකාලීන ව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වනු ඇත.

  • 10th Asia Cash Cycle Seminar - 2019, Colombo Sri Lanka

    2019 සැප්තැම්බර් 23 සිට 26 දක්වා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී පවත්වන ලද 10 වන ආසියා මුදල් චක්‍ර සම්මන්ත්‍රණය - 2019 සඳහා “කරන්සි රිසර්ච් (Currency Research)“ ආයතනය සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව සම-සත්කාරකත්වය දරන ලදී. ආසියා මුදල් චක්‍ර සම්මන්ත්‍රණය මීට ඉහත දී අන්තර්ජාතික වාණිජ මුදල් මෙහෙයුම්  සම්මන්ත්‍රණය (International Commercial Cash Operations Seminar - ICCOS) ලෙස හැඳින්වූ අතර එය වාණිජ මුදල් කළමනාකරණය, බෙදා හැරීම සහ සංසරණය සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ ප්‍රධාන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වේ. වසර 24ක් පැරණි මෙම සම්මන්ත්‍රණ මාලාවේ ඉතිහාසයේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වූ ප්‍රථම දකුණු ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාවයි.

  • SEACEN-BIS High-Level Seminar and the 18th Meeting of the SEACEN Executive Committee

    සියැසන් සහ අන්තර්ජාතික පියවීම් බැංකුවේ උසස් මට්ටමේ සම්මන්ත්‍රණය සහ සියැසන් විධායක කමිටුවේ 18 වැනි රැස්වීම 2019 වසරේ සැප්තැම්බර් මස 26 සිට 28 දක්වා කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලදී. මෙම සමුළුව සහ රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා, සියැසන් සාමාජික මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්හි නියෝජ්‍ය අධිපතිවරු හා නියෝජිතයෝ සහ කීර්තිමත් දේශකයෝ සහභාගි වූහ.

  • The Central Bank’s View on the Sector Comment on Sri Lankan Banks by Moody’s Investors Service

    2019 සැප්තැම්බර් මස 27 වැනි දින මූඩීස් ආයෝජක සේවාව මඟින් “ශ්‍රී ලංකාවේ ණය අනුපාතික අඩු කිරීම බැංකුවල ණය ශ්‍රේණිගත කිරීම කෙරෙහි ඍණ බලපෑමක් ඇති කරයි” යන මැයින් බැංකු අංශය පිළිබඳ ව ප්‍රකාශයක් නිකුත් කර ඇත. මේ සම්බන්ධයෙන් ගත් කළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස වන්නේ මූඩීස් ආයතනය මෙම නිගමනයට එළඹීමේ දී සම්පූර්ණ තොරතුරු සැලකිල්ලට ගෙන නොමැති බැවින් එය පිළි ගත නො හැකි ප්‍රකාශයක් වන බවයි.

  • External Sector Performance - July 2019

    ආනයන පහළ යෑමට වඩා වැඩි අගයකින් අපනයන පහළ යෑම හේතුවෙන් 2019 ජූලි මාසයේදී වෙළඳ හිඟය තරමක් පුළුල් විය. පසුගිය මාස කිහිපයකදීම ස්ථාවර වර්ධනයක් වාර්තා කළ අපනයන ආදායම 2019 ජූලි මසදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 7.0 ක අඩුවීමක් වාර්තා කළ අතර ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 2.2 කින් පහළ ගියේය.

    2019 ජූලි මාසයේ දී අපනයන ආදායම පහත වැටීම සඳහා ප්‍රධාන වශයෙන් නැව් සඳහා යොදාගනු ලබන ඉන්ධනවල අපනයන මිල ගණන් පහළ යෑම හේතුවෙන් ඛනිජතෙල් නිෂ්පාදිත අපනයන ආදායම අඩුවීම සහ 2018 ජූලි මාසයේ දී නාවික යාත්‍රාවක් අපනයනය කිරීම හේතුවෙන් පෙර වසරේ අනුරූප මාසයේදී ඉහළ අපනයන අගයක් වාර්තා කිරීමේ බලපෑම හේතු විය.

    2019 ජූනි මස වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 316 ක වෙළඳ හිඟයට සාපේක්ෂව 2019 ජූලි මස වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 717 ක් දක්වා පුළුල් විය.

Pages