ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 ජනවාරි මාසයේ දී වාර්තා කළ සියයට 6.5 හි සිට 2017 පෙබරවාරි මාසයේ දී සියයට 8.2 දක්වා ඉහළ ගියේ ය. 2017 පෙබරවාරි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 2017 පෙබරවාරි මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි සිදු වූ සැලකිය යුතු ඉහළ යෑමට 2016 පෙබරවාරි මාසයේ දී පැවැති අඩු පදනම් අගය ප්‍රමුඛතම සාධකය වූ අතර මාසික මිල ගණන්වල දක්නට ලැබුණු ඉහළ යෑම ද හේතු විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 4.6 හි සිට 2017 පෙබරවාරි මාසයේ දී සියයට 5.1 දක්වා ඉහළ ගියේය.








