ජනප‍්‍ර‍්‍රිය ප‍්‍ර‍්‍රකාශන ආයතනයක් GlobalCapital විසින් දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නම් කර ඇති බව ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුව සතුටින් නිවේදනය කරයි. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාර හා සමගාමී ව 2017 ඔක්තෝබර් 14 වන දා වොෂින්ටනයේ දී පැවැත්වූ GlobalCapital Markets සම්මාන ප‍්‍ර‍්‍රදානෝත්සවයේ දී මෙම සම්මානය ප‍්‍ර‍්‍රදානය කර තිබේ. GlobalCapital යනු ජාත්‍යන්තර ප‍්‍ර‍්‍රාග්ධන වෙළෙඳපොළ හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් සහ ආයතන සඳහා ප‍්‍රවෘත්ති, උපදෙස් සහ දත්ත ලබා දෙන සේවාවකි.
(බලන්න http;//www.globalcapital.com/about-global-capital )









පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්‍රකාශනයේ ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු අංශවල නවතම දත්ත ඇතුළත් වේ.