මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව සාමාජික රටවල් 41ක නියෝජිතයන් 408ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජිතයන් 24කගේ සහභාගීත්වයෙන් 2017 ජූලි මස 15 සිට 21 දක්වා කොළඹ දී පවත්වන ලදි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමන් සහභාගී විය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සහ වංචා හා දූෂණ ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අනෙකුත් වැරැදි ක්‍රියා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ජාතික වශයෙන් කැප වී ක්‍රියා කරන බවට අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමන් මෙහි දී අවධාරණය කරන ලදි. තව ද, මේ සඳහා කැප වී වැඩ කරන දේශීය මෙන් ම විදේශීය පාර්ශ්වයන් අතර ශක්තිමත් සහයෝගීතාවක් පවත්වා ගැනීමේ ඇති අවශ්‍යතාව ද අතිගරු ජනාධිපතිිතුමන් විසින් මෙහි දී අවධාරණය කෙරිණි.








