ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම 2020 ජූනි මස 07 වන දින ආරම්භ කරන ලද අතර දිවයින පුරා මහජන බැංකු ශාඛා 63ක් මගින් මේ වන විට ගෙවීම් සිදු කෙරේ.
ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනය මගින් තහවුරු කරන ලද තැන්පත්කරුවන් 147,000කට පමණ රක්ෂණ වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල වෙතින් මේ වන විටත් වෙන් කර දී අවසන් ය. 2020.07.12 දින වන විට, ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් 19,279ක් මහජන බැංකුව වෙත පැමිණ තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගෙන ඇති අතර ඒ වෙනුවෙන් මේ දක්වා වැය වී ඇති මුදල රුපියල් 5,175,336,249.68ක් (රුපියල් කෝටි 517ක් පමණ) වේ.