ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා" ප්‍රකාශනය අද දින එළිදක්වන ලදී. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා භාෂා ත්‍රිත්වයෙන් ම බාගත කර ගැනීමට හැකියාව ඇත.*
ආර්ථික ප්‍රවණතා යාවත්කාලීන කිරීමට අමතරව, 2020 ඔක්තෝබර් මස මැද දක්වා ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින්, 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද මැදි කාලීන සාර්ව ආර්ථික රාමුවෙහි යාවත්කාලීන කිරීමක් ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා" තුළින් මෙවර ඉදිරිපත් කර ඇත. මෙම වසරේ වාර්තාව ප්‍රකාශයට පත්වනුයේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විවිධාකාර සමාජ ආර්ථික අභියෝග සහ අවිනිශ්චිතතාවලට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින තීරණාත්මක සංධිස්ථානයක දී ය.