• Repatriation of Export Proceeds into Sri Lanka

    2021 පෙබරවාරි මස 18 වන දිනැති අංක 2215/39 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇති පරිදි, අපනයනය මඟින් ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ලැබීම හා එකී මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අදාළ රීතීන්, මුදල් මණ්ඩලය මඟින් නිකුත් කර ඇත.

    ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු, පහත රීතීන් 2021 පෙබරවාරි මස 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇත.

  • Sri Lanka Purchasing Managers’ Index - January 2021

    2021 ජනවාරි මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනය විය.

    2021 ජනවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 60.2ක් වාර්තා කරමින් වර්ධනය වූ අතර, නව ඇණවුම් සහ නිෂ්පාදන වල සිදුවූ වර්ධනය මේ සඳහා හේතු විය. තොග මිලදී ගැනුම් උප දර්ශකයේ ඉහළ යාමද සමස්ත දර්ශකයේ වර්ධනය කෙරෙහි දායක විය.

    ධනාත්මක ලෙස වසර ආරම්භ කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 ජනවාරි මාසයේ දී 56.2ක් ලෙස වාර්තා විය. COVID-19 වසංගතයෙහි දෙවන රැල්ල හේතුවෙන් පසුබෑමකට ලක් වූ සේවා අංශය තවදුරටත් යථා තත්ත්වයට පත්වීමක් මෙමගින් පෙන්නුම් කෙරේ. නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි දක්නට ලැබුණු ඉහළ යෑම් මෙම වර්ධනය සඳහා දායක විය.

    සම්පුර්ණ ලිපිය

  • External Sector Performance - December 2020

    රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ අපනයන යථා තත්ත්වයට පත් වූ අතර, අත්යවශ්ය නොවන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ගෝලීය ඉන්ධන මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ ආනයන පෙර වසරේ අනුරූප මාසවලට සාපේක්ෂව අඛණ්ඩව අඩු විය. සමස්තයක් ලෙස, 2019 වසර සමඟ සැසඳීමේ දී වෙළඳ හිඟය 2020 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 2.0කින් සැලකිය යුතු ලෙස අඩු විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්රේෂණ ඉතිහාසයේ ඉහලම මාසික ලැබීම වාර්තා කරමින් 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ද විදේශීය අංශය ශක්තිමත් කිරීමට අඛණ්ඩව දායක විය. මූල්ය ගිණුමේ, රාජ්ය සුරැකුම්පත් වෙළදපොළෙහි සහ කොළඹ කොටස් වෙළදපොළෙහි විදේශීය ආයෝජන 2020 වසරේ දෙසැම්බර් මාසයේදී සුළු ශුද්ධ ගෙවීම් වාර්තා කර ඇත. වර්ෂය අවසානයේදී දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.7ක් විය. 2020 වසරේ දී ශ්රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 2.6කින් අවප්රමාණය විය. විනිමය අනුපාතිකය 2020 වසරේ දෙසැම්බර් මාසයේදී මෙන්ම 2021 වසරේ මේ දක්වා වූ කාලපරිච්ඡේදයේදී ද යම් විචලනයක් දැක්වීය.

  • Swarnamahal Financial Services PLC - Repayment of 50% of the Remaining Deposits

    2021 ජනවාරි 12 දිනැති අපගේ මාධ්‍යය නිවේදනය මඟින් මහජනතාවට දැනුම් දුන් පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු සීමිත කාලයක් සඳහා කොන්දේසි පදනමින්, මුදල් මණ්ඩලය විසින් පත්කරන ලද කළමනාකරණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ, සමාගමේ ඉතිරි තැන්පතු වලින් සියයට 50 ක් දක්වා ආපසු ගෙවීම (තැන්පතු ආපසු ගෙවීමේ සැලැස්ම) සඳහා පමණක් ආරම්භ කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනය එකී නියෝගය ප්‍රකාරව තැන්පතු ආපසු ගෙවීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

  • CCPI based Inflation decreased to 3.0 per cent in January 2021

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේ ය. 2020 ජනවාරි මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 9.2හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 6.8 දක්වා පහළ ගියේ ය. එ මෙන් ම, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 2.0හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 1.4 දක්වා පහළ ගියේ ය.

  • Discretionary Payments of Licensed Banks

    බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ඇතුළු අභිමතානුසාරී ගෙවීම් සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ පහත පැහැදිලි කිරීම් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. මීට පෙර, 2020 මැයි 13 වැනි දින නිකුත් කරන ලද විධානයක් මගින්, කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය සමඟ හටගත් සුවිශේෂී තත්ත්වයන් හමුවේ, බලපත්‍රලාභී බැංකුවල ද්‍රවශීලතා සහ ප්‍රාග්ධන මට්ටම් ශක්තිමත් කිරීමේ  වැදගත්කම සැලකිල්ලට ගනිමින්, බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ප්‍රකාශයට පත්කිරීම, ලාභ මෙරටින් බැහැර කිරීම, තම කොටස් ආපසු මිලට ගැනීම, කළමනාකාරිත්වය සඳහා ගෙවනු ලබන දීමනා වැඩි කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල වෙත කරනු ලබන ගෙවීම් ඉහළ දැමීම ආදී අභිමතානුසාරී ගෙවීම් 2020 දෙසැම්බර් 31 දින දක්වා සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී.

  • Beware of Online Financial Frauds and Scams

    සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කර ගත් සහ ජංගම දුරකතන යෙදුම් හරහා විවිධ වර්ගයේ මුල්‍ය වංචා සිදු කෙරෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබී ඇත. මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කර ගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කර ගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ. එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේ දී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ පහත සදහන් රහස්‍ය පාරිභෝගික තොරතුරු ඔවුන්ගෙන් ලබා ගැනීමට මහජනතාව පොළඹවයි.

  • NCPI based Inflation decreased in December 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.6 දක්වා පහළ ගියේ ය. 2019 දෙසැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 9.4හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 7.5 දක්වා පහළ ගියේ ය. එසේ වුව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.7හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගියේ ය.

  • The Central Bank of Sri Lanka Continues its Accommodative Monetary Policy Stance

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ජනවාරි මස 18 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කළේ ය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනා ව සලකා බැලීමෙන් අනතුරු ව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹිණි. 2020 වසර තුළ සමස්ත වෙළෙඳපොළ ණය අනුපාතිකවල අඩු වීම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර, විශේෂයෙන් දේශීය මුදල් වෙළෙඳපොළේ ඉහළ මට්ටමක පවතින අතිරික්ත ද්‍රවශීලතාව සැලකිල්ලට ගනිමින් ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන නොමැති වාතාවරණයක ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ණය අනුපාතිකයන්හි අඛණ්ඩ පහළ යෑමේ අවශ්‍යතාව අවධාරණය කළේ ය.

  • Sri Lanka Purchasing Managers’ Index - December 2020

    රටේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථාවත් වීම හේතු කොට ගෙන නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව 2020 දෙසැම්බර් මාසයේ දී 61.2ක අගයක් වාර්තා කරමින් තවදුරටත් ඉහළ ගියේ ය. නිෂ්පාදනය, නව ඇණවුම්, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් උප දර්ශකවල දක්නට ලැබුණු ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.

Pages