කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මැයි මාසයේ පැවති සියයට 4.0හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 3.9 දක්වා පහළ ගිය අතර, 2019 ජුනි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මැයි මාසයේ පැවති සියයට 9.9හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 10.0 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, ආහාර නො වන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මැයි මාසයේ පැවති සියයට 1.6හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 1.4 දක්වා පහළ ගියේ ය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2020 ජුනි මාසයේ දී සියයට 4.7 ක් ලෙස නො වෙනස් ව පැවතුණි.