වෙළඳ හිඟයේ පහළ යෑම හේතුවෙන් 2019 වසරේ මැයි මාසයේදී විදේශීය අංශය සාපේක්ෂ වශයෙන් ස්ථාවරව පැවතුණි.
වෙළඳ හිඟය 2018 වසරේ මැයි මාසයේදී පැවති එ.ජ. ඩොලර් මිලියන 933 සිට 2019 වසරේ මැයි මාසයේදී එ.ජ. ඩොලර් මිලියන 823 ක් දක්වා අඩු විය.
2019 වසරේ මැයි මාසයේදී වෙළඳ හිඟයේ සැලකිය යුතු පහළ යෑම සඳහා ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 3.9 කින් පහළ යෑම සහ අපනයන ඉපැයීම් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 4.0 කින් ඉහළ යෑම හේතු විය.