ශ්‍රී ලංකා මහ බැංකුව තිරසාර මූල්‍ය පිළිබඳ වූ ශ්‍රී ලාංකීය පෙර දැක්ම 2019 ජුනි 19 වැනි දින කොළඹ ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේ දී දියත් කරන ලද අතර එදින මූල්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තිරසාර මූල්‍යයනය පිළිබඳ ව පාර්ශ්වකරුවන් සඳහා සම්මන්ත්‍රණයක් ද පැවැත්විණි. මෙය 2019 අප්‍රේල් 10 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (International Finance Corporation, IFC) තිරසාර බැංකු ජාලයක් (Sustainable Banking Network, SBN) සඳහා වූ ගෝලීය හමුවේ දී මුල් වරට දියත් කරන ලද තිරසාර මූල්‍ය පිළිබඳ පෙර දැක්ම ජාතික වශයෙන් දියත් කිරීම සනිටුහන් කරයි.
-
The National Launch of the Roadmap for Sustainable Finance in Sri Lanka and a High-Level Seminar for Senior Officers of Financial Institutions and Stakeholders
-
External Sector Performance - April 2019
වෙළෙඳ ගිණුමේ හිඟය අඩු වීම හේතුවෙන් 2019 වසරේ අප්‍රේල් මාසයේ දී විදේශීය අංශය සාපේක්ෂ වශයෙන් ස්ථාවර ව පැවතුණි.
වෙළෙඳ හිඟය 2018 වසරේ අප්‍රේල් මාසයේ දී පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 999 සිට 2019 වසරේ අප්‍රේල් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 797ක් දක්වා අඩු විය.
2019 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළෙඳ හිඟයේ සැලකිය යුතු පහළ යෑම සඳහා ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂ ව සියයට 11කින් අඩු වීම සහ අපනයන ඉපැයීම් සියයට 0.4කින් සුළු වශයෙන් ඉහළ යෑම හේතු විය.
-
Sri Lanka Purchasing Managers’ Index - May 2019
2019 මැයි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්ත්වයට පත් විය. ඒ අනුව, 2019 අප්‍රේල් මාසයට සාපේක්ෂ ව දර්ශකාංක 9.7ක් ඉහළ යමින්, දර්ශක අගය 50.7ක් ලෙස වාර්තා විය. විශේෂයෙන් ම රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම් සහ නව ඇණවුම්වල සිදු වූ සැලකිය යුතු ඉහළ යාම, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය. පසුගිය මාසයෙන් එකතු වූ ඇණවුම් සම්පූර්ණ කිරීම සඳහා කර්මාන්ත ශාලාවන්හි සිදු කරන ලද අමතර රාජකාරී හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ ගියේ ය. අතපසු වූ ඇණවුම් සම්පූර්ණ කර ගැනීම සඳහා මැයි මාසය තුළ දී සතියේ දිනවල මෙන් ම සති අන්තයේ ද අමතර රාජකාරි කිරීමට සිදු වූ බව රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයේ බොහෝමයකගේ ප්‍රතිචාරය විය.
-
Central Bank of Sri Lanka Receives Presidential Award for Digital Excellence
අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 ජූනි 11වැනි දින නෙළුම් පොකුණ රඟහලේ පැවැති ජාතික ඩිජිටල් මෙහෙයුම් සැලසුම එළිදැක්වීමේ උත්සවයේ දී ඩිජිටල් විශිෂ්ටතා ජනාධිපති සම්මානය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්රදානය කරන ලදි. ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වන ලද විශිෂ්ට දායකත්වය අගයනු වස් මෙම සම්මානය ප්රදානය කෙරිණි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙම උත්සවය සංවිධානය කළේ ය.
-
Regulatory Action on a Primary Dealer - Pan Asia Banking Corporation PLC
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යෑමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 පෙබරවාරි මස 15 වැනි දින පෙරවරු 10.00 සිට බල පැවැත්වෙන පරිදි මාස හයක (06) කාල සීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.
-
Suspension of Business of NatWealth Securities Limited
ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා බල පැවැත්වෙන නියාමනයන්ට අනුකූල වීමට නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට අඛණ්ඩ ව ම නො හැකි වීම සලකා බලමින් ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදු කරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 මැයි මස 31 වැනි දින පස්වරු 4.30 සිට බල පැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2019.05.30 දින පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය කරන ලදී.
-
Monetary Policy Review - No. 3 of 2019
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2019 මැයි මස 30 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.50 සහ සියයට 8.50 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට තීරණය කළේ ය.මැදි කාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇති ව, දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ මෙන් ම, ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් මනා ව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබී ය.
-
External Sector Performance - March 2019
2019 වසරේ පළමු කාර්තුව තුළ දී වෙළෙඳ ගිණුමේ හිඟය, 2018 වසරේ පළමු කාර්තුව තුළ දී පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 2,982 සිට එක්සත් ජනපද ඩොලර් මිලියන 1,661ක් දක්වා පහත වැටුණු අතර ඒ සඳහා පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව අපනයන ආදායම සියයට 5.6කින් ඉහළ යෑම සහ ආනයන වියදම සියයට 19.3කින් පහළ යෑම හේතු විය.
වෙළෙඳ හිඟය 2018 වසරේ මාර්තු මාසයේ දී වාර්තා කළ එක්සත් ජනපද ඩොලර් මිලියන 871 හා සැසඳීමේ දී, 2019 වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 592ක් දක්වා අඩු වී ඇත.
2019 වසරේ මාර්තු මාසයේ දී වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වීමට, පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂ ව ආනයන වියදම සියයට 12.6කින් කැපී පෙනෙන ලෙස අඩු වීම මෙන් ම අපනයන ආදායම සියයට 2.6කින් වැඩි වීම ද හේතු විය.
-
Inflation Increased in April 2019
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන්, 2019 මාර්තු මාසයේ පැවති සියයට 2.9 හි සිට 2019 අප්‍රේල් මාසයේ දී සියයට 3.6 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, 2019 අප්‍රේල් මාසයේ දී, ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය සියයට -1.2ක් වූ අතර ආහාර නො වන කාණ්ඩයේ උද්ධමනය අඛණ්ඩ ව සිව්වන මාසයටත් ඉහළ යමින් සියයට 7.5ක් ලෙස වාර්තා විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2019 මාර්තු මාසයේ පැවති සියයට 1.7 හි සිට 2019 අප්‍රේල් මාසයේ දී සියයට 1.9 දක්වා ඉහළ ගියේ ය.
-
Sri Lanka Purchasing Managers’ Index - April 2019
2019 මාර්තු මාසයට සාපේක්ෂ ව දර්ශකාංක 25.9කින් පහළ යමින් මෙතෙක් වාර්තා කළ පහළ ම දර්ශක අගය වූ 41.0ක් වාර්තා කරමින් 2019 අප්‍රේල් මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් පහළ යන ලදී. විශේෂයෙන් ම ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි නව ඇණවුම් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදු වූ සැලකිය යුතු අඩු වීම, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම පහළ යෑමට හේතු විය. අප්‍රේල් මාසයේ දී පැවති අලුත් අවුරුදු නිවාඩුව සහ පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාරයෙන් පසු රටේ පැවති ආරක්ෂක වැඩ පිළිවෙළ කර්මාන්ත ශාලාවන්හි සුමට ක්‍රියාකාරීත්වය කෙරෙහි අහිතකර ලෙස බලපාන ලදී. මේ හේතුවෙන්, කර්මාන්ත ශාලාවන්හි රාජකාරී වේලාවන් සීමා කිරීමට සිදුවීම, අපේක්ෂිත නිෂ්පාදන මට්ටම් ළඟා කර ගැනීමට නො හැකි වීමට හේතු වූ බව රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයේ බොහෝමයකගේ ප්‍රතිචාරය විය.