ආනයන පහළ යෑමට වඩා වැඩි අගයකින් අපනයන පහළ යෑම හේතුවෙන් 2019 ජූලි මාසයේදී වෙළඳ හිඟය තරමක් පුළුල් විය. පසුගිය මාස කිහිපයකදීම ස්ථාවර වර්ධනයක් වාර්තා කළ අපනයන ආදායම 2019 ජූලි මසදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 7.0 ක අඩුවීමක් වාර්තා කළ අතර ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 2.2 කින් පහළ ගියේය.
2019 ජූලි මාසයේ දී අපනයන ආදායම පහත වැටීම සඳහා ප්‍රධාන වශයෙන් නැව් සඳහා යොදාගනු ලබන ඉන්ධනවල අපනයන මිල ගණන් පහළ යෑම හේතුවෙන් ඛනිජතෙල් නිෂ්පාදිත අපනයන ආදායම අඩුවීම සහ 2018 ජූලි මාසයේ දී නාවික යාත්‍රාවක් අපනයනය කිරීම හේතුවෙන් පෙර වසරේ අනුරූප මාසයේදී ඉහළ අපනයන අගයක් වාර්තා කිරීමේ බලපෑම හේතු විය.
2019 ජූනි මස වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 316 ක වෙළඳ හිඟයට සාපේක්ෂව 2019 ජූලි මස වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 717 ක් දක්වා පුළුල් විය.