2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2016 ඔක්තෝබර් 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කළ්‍යාණි දහනායක සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය එච් අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදි.
-
Financial Intelligence Unit of Sri Lanka Entered into a Memorandum of Understanding with Department of Inland Revenue
-
Monetary Policy Review - No. 7 of 2017
පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 නොවැම්බර් මස 06 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත.
මුදල් මණ්ඩලයේ මෙම තීරණය, මැදි කාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ පවත්වා ගැනීම තුළින් තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා සහාය වීමේ අරමුණ සමඟ අනුකූල වේ. මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා තුඩුදුන් ප්‍රධාන සාධක පහත සඳහන් වේ.
-
Clarification on Employment Numbers Referred to in the Central Bank Annual Reports
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014, 2015 සහ 2016 යන වාර්ෂික වාර්තාවල සඳහන් සේවා නියුක්තිය පිළිබඳ දත්ත සම්බන්ධ ව විවිධ ජනමාධ්‍ය මගින් වාර්තා නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මුළු දිවයින ම ආවරණය වන පරිදි පැවැත් වූ 2012 ජන හා නිවාස සංගණනයට පසු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබූ මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තු සංශෝධනය කර එම සංශෝධිත දත්ත ශ්‍රේණිය නැවත ප්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රම බලකා සමීක්ෂණයට අදාළ ඇස්තමේන්තු නැවත බර තබන ලද අතර 2016 ජූලි මාසයේ දී 2011 වසරේ සිට ඉදිරි කාල පරිච්ඡේදය සඳහා නව ශ්‍රම බලකා ඇස්තමේන්තු ශ්‍රේණියක් ප්‍රකාශයට පත් කරන ලදි. මෙය ශ්‍රම බලකා සමීක්ෂණ ඇස්තමේන්තු හා මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තු අතර වන අනුකූලත්වය තහවුරු කිරීම සඳහා අනෙකුත් රටවල් ද අනුගමනය කරන පොදු ක්‍රියා මාර්ගයකි.
-
SL Purchasing Managers’ Index Survey - October 2016
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ 57.7ට සාපේක්ෂ ව 2016 ඔක්තෝබර් මාසයේ දී 56.5ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙ මගින් පසුගිය මාසයට සාපේක්ෂ ව 2016 ඹක්තෝබර් මාසයේ දී නිෂ්පාදන කටයුතුවල ප්‍රසාරණයේ මන්දගාමීත්වයක් පෙන්නුම් කරනු ලබයි. මේ සඳහා නිෂ්පාදන සහ නව ඇණවුම් උප දර්ශකයන්ගේ මන්දගාමීත්වය ප්‍රධාන වශයෙන් හේතු විය. එළඹෙන උත්සව සමයට තොග රැස් කිරීමේ ප්‍රතිළුලයක් ලෙස ගැනුම් තොග උප දර්ශකය ඔක්තෝබර් මාසයේ දී සැලකිය යුුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ආන්තික ව වර්ධනය විය. මේ අතර සේවා නියුක්ති උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂ ව සුළු වශයෙන් පහත වැටුණි. කෙ සේ වුව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.
-
The International Monetary Fund Releases the Second Tranche of US Dollars 162.6 million under the Extended Fund Facility
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමේ ප්‍රථම සමාලෝචනය සාර්ථක ව සම්පූර්ණ කරන ලද අතර විශේෂ ගැනුම් හිමිකම් මිලියන 119.894ක (ආසන්න වශයෙන් එකසත් ජනපද ඩොලර් මිලියන 162.6ක) දෙවන වාරිකය 2016 නොවැම්බර් 18 දින මුදා හරින ලදි.
-
Inflation in October 2016
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.7 සිට 2016 ඹක්තෝබර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේ ය. 2016 ඔක්තෝබර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 සැප්තැම්බර් මස වාර්තා වූ සියයට 3.8 සිට 2016 ඔක්තෝබර් මස දී සියයට 4.0 දක්වා ඉහළ ගියේ ය.
-
Provincial Gross Domestic Product - 2016
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන නාමික අගය මත දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව බෙදා හැරීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් 2016 වසර සඳහා පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන ලදි. සමස්ත දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව ගනනය කිරීමේ දී එහි එක් එක් අයිතමයේ වටිනාකමට අදාළ පළාත් මට්ටමින් සකස් කර ගත් දර්ශක යොදා ගන්නා ලදි.
-
Monetary Policy Review - November 2016
2015 අවසානයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දක්වමින් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය වර්ධනය අපේක්ෂා කළ පරිදි 2016 සැප්තැම්බර් මාසයේ දී සැලකිය යුතු ලෙස අඩු විය. ඒ අනුව, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය වර්ධනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 අගෝස්තු මස වාර්තා වූ සියයට 27.3 හා සාපේක්ෂ ව 2016 සැප්තැම්බර් මාසයේ දී සියයට 25.6ක් ලෙස වාර්තා විය. පෞද්ගලික අංශය සඳහා ලබා දුන් ණය වර්ධනයේ අඩු වීමක් සිදු වුව ද, රාජ්‍ය අංශය විසින් වාණිජ බැංකුවලින් ලබා ගත් ණය ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම 2016 අගෝස්තු මස වාර්තා කරන ලද සියයට 17.3 හා සාපේක්ෂ ව 2016 සැප්තැම්බර් මාසයේ දී සියයට 18.4කින් ඉහළ ගියේ ය. මේ අතර, දේශීය මුදල් වෙළෙඳපොළ රුපියල් ද්‍රවශීලතාව නැවත සමතුලිත මට්ටමකට පත් වීම වෙළෙඳ පොළ පොලී අනුපාත දැනට පවතින මට්ටමේ ස්ථාවර ව පවත්වා ගැනීමට උපකාරී වනු ඇතැ යි අපේක්ෂිත ය.
-
Licensing, Regulation and Supervision of Companies Carrying on Microfinance Business
2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනත මඟින් මෙතෙක් කිසියම් හෝ නියාමනයකට භාජනය නො වූ ක්ෂුද්‍රමූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රමවේදයකට යටත් වනු ඇත. අඩු ආදායම්ලාභීන්ට සහ ක්ෂුද්‍ර ව්‍යාපාර කටයුතුවලට මූල්‍ය පහසුකම් සැලසීම වැඩිදියුණු කිරීම, මූල්‍යමය අන්තර්ගතභාවය ඉහළ නැංවීම, ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල ස්ථායීතාව සහ පද්ධතීන් ශක්තිමත් කිරීම, ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල අරමුදල් මූලාශ්‍ර පිළිබඳ පුළුල් ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීම, පාරිභෝගික රැකවරණය ප්‍රවර්ධනය කිරීම සහ සුරක්ෂිත සහ ස්ථාවර මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණු වේ.
-
Licensed Banks to enhance Minimum Capital by end 2020
ශක්තිමත් සහ ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නංවන ලදි. මේ සඳහා සලකා බලනු ලබන ප්‍රාග්ධනය බොහෝ දුරට අලාභ දරා ගැනීමට හැකි වන පරිදි ඉහළ ම ධාරිතාවකින් යුතු උසස් ගුණාත්මක බවක් ඇති ප්‍රාග්ධනයකි.
බැංකු සතු ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ බාසල් III රාමුව ක්‍රියාත්මක කිරීමට මෙම අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීම උපකාරී වන අතර බැංකු අංශය තුළ සිදු කරනු ලබන ඒකාබද්ධ කිරීම් සඳහා ද මෙය මග පෙන්වීමක් විය හැක.