ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2015 වසරේ දෙවන කාර්තුවේ වාර්තා කරන ලද සියයට 7.0ක වර්ධනයට සාපේක්ෂ ව 2016 දෙවන කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 2.6කින් වර්ධනය වී ඇතැ යි තාවකාලික ව ඇස්තමේන්තු කර ඇත. මේ අතර 2016 වසරේ පළමු කාර්තුව තුළ ආර්ථික වර්ධනය සියයට 5.2ක් ලෙස සංශෝධනය කර ඇත.
2016 වසරේ දෙවන කාර්තුව තුළ දී සේවා අංශය ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 4.9කින් වර්ධනය වී ඇති අතර කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 2.2ක් වූ මන්දගාමී වර්ධනයක් වාර්තා කළේ ය. අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන් කෘෂිකර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් වසරේ දෙවන කාර්තුව තුළ දී සියයට 5.6කින් සංකෝචනය විය. ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සහ ව්‍යාපාර විශ්වාසය වැඩිදියුණු වීම මෙන් ම 2016 වසරේ හතර වන කාර්තුව තුළ දී පෙර වසරේ සමාන කාලයේ දී පැවැති අගයට සාපේක්ෂ ව පදනම් බලපෑම හේතුවෙන් වසරේ දෙවන භාගය තුළ ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.