ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්යමය පදනම මත 2017 ඔක්තෝබර් මාසයේ පැවැති සියයට 8.8ට සාපේක්ෂ ව 2017 නොවැම්බර් මාසයේ දී සියයට 8.4ක් දක්වා පහළ ගියේ ය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 7.1 හි සිට 2017 නොවැම්බර් මාසයේ දී සියයට 7.5 දක්වා ඉහළ ගියේ ය.