මෙරට පිළිගත් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙන්ඳන් සහ පාරිභොගිකයන් අතර LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීමේ අරමුණින් LANKAQR ජනගතකරණ වැඩසටහනක් 2021 ඔක්තෝම්බර් මස 25 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලදී.
-
LANKAQR Nationwide Rollout Campaign
-
Progress of Securing Foreign Exchange Inflows as announced in the Six-Month Road Map for Ensuring Macroeconomic and Financial System Stability
සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්මෙහි ප්‍රකාශයට පත් කළ පරිදි, විදේශ විනිමය ලැබීම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව සහ රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් තොරතුරු ආයෝජකයින් සහ සාමාන්‍ය ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය, වෙනත් රජයන්, මහ බැංකු, මූල්‍ය ආයතන සහ ආයෝජකයින් සමඟ සෘජු නියැලීම් මාලාවක් ආරම්භ කර ඇත.
-
Meeting between the Governor of the Central Bank of Sri Lanka (CBSL) and Governor of Qatar Central Bank (QCB)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ කටාර් මහ බැංකුවේ සහයෝගීතාව සහ ආර්ථීකය කෙරෙහි කොවිඩ්-19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව කටාර් මහ බැංකුවේ අධිපති අතිගරු ශෙයික් අබ්දුල්ලා බින් සෞද් අල් තානි මහතා සමඟ සාකච්ඡා කළේ ය.
-
NCPI based Inflation decreased in September 2021
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 6.7හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා පහළ ගියේය. 2020 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ දී පැවති සියයට11.1හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 10.0 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 3.0හි නොවෙනස්ව පැවතුණි.
-
External Sector Performance - August 2021
මුල්‍ය ලැබීම් ඉහළ යාම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී දළ නිල සංචිත ඉහළ ගිය අතර, අඛණ්ඩව තුන්වන වරටත් මෙම මාසයේ දී ද වෙළඳ භාණ්ඩ අපනයන එ.ජ. ඩොලර් බිලියන 1.0 ඉක්මවිය. කෙසේ වෙතත්, භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ යාමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම ඉහළ යාම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වෙළඳ හිඟය පුළුල් විය. 2021 වසරේ අගෝස්තු මාසයේ දී සංචාරක පැමිණීම් පෙර මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් යම් වැඩිවීමක් පෙන්නුම් කළ අතර, මුළු සංචාරක පැමිණීම් සංඛ්‍යාව අඩු මට්ටමක පැවතුණි. 2021 වසරේ අගෝස්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් පිළිබිඹු විය. 2021 වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ.අ.) විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) වෙන්කිරීම් යටතේ ශ්‍රී ලංකාවට අදාළ කොටස අගෝස්තු මාසයේ දී ලැබුණි.
-
Reconstitution of the Monetary Policy Consultative Committee
2021 ඔක්තෝබර් මස 5 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙලෙස ප්‍රතිස්ථාපිත මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජික සුනිල් ලංකාතිලක මහතා එහි සභාපතිත්වය දරයි. ස්ටැසන් සමාගම් සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිතා කූක් මහත්මිය; ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ සභාපති නිරංජන් දිසානායක මහතා; ඇක්සස් එන්ජිනියරින් පීඑල්සීහි කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ජෝෂුවා මහතා; ආර්ථික විද්‍යා මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා; බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් මහතා; සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/ කළමණාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා; වැලිබල් වන් සමූහයේ සභාපති සහ හේලීස් පීඑල්සීහි සම-සභාපති ධම්මික පෙරේරා මහතා; මේනෙටෙක් ලංකා (පුද්ගලික) සමාගමේ සභාපති ජෙයම් පෙරුමාල් මහතා; ඩීඑස්අයි සැම්සන් සමූහයේ සම්මානනීය කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය කුලතුංග රාජපක්ෂ මහතා; විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බැංකු නිළධාරී රුසිරිපාල තෙන්නකෝන් මහතා; සහ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
-
Sri Lanka Purchasing Managers’ Index - September 2021
2021 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී.
නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 අගෝස්තු මාසයට සාපේක්ෂව දර්ශකාංක 9.2කින් ඉහළ යමින් 2021 සැප්තැම්බර් මාසයේ දී 54.3ක අගයක් වාර්තා කරන ලදී.
සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 අගෝස්තු මාසයේ දී දක්නට ලැබුණු පහත වැටීමෙන් පසුව, 2021 සැප්තැම්බර් මාසයේ දී 52.2ක දර්ශක අගයක් වාර්තා කරමින් වර්ධන කලාපයට නැවත ලඟා විය.
-
Reconstitution of the Financial System Stability Consultative Committee
2021 ඔක්තෝම්බර් මස 06 වන දින සිට බලපැවැත්වන පරිදි මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව (FSSCC), මූල්‍ය අංශයේ ප්‍රවීණයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත වන පරිදි නැවත ස්ථාපිත කරන ලදි. ලංකාක්ලියර් පුද්ගලික සමාගමෙහි සභාපති, ආචාර්ය කෙනෙත් ද සිල්වා මහතා මෙම කමිටුවේ සභාපති වශයෙන් පත් කොට ඇත. තවද, ශ්‍රී ලංකා මූල්‍ය සමාගම් සංගමයේ සභාපති, නිරෝෂන් උඩගේ මහතා; ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂක/ සාමාන්‍යාධිකාරී; සී. එන්. එස්. එන්. ඇන්තනි මහතා; ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති, එල්. එච්. ඒ. ලක්ෂ්මන් සිල්වා මහතා; ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස්හි කළමණාකාර හවුල්කරු, සුජීව මුදලිගේ මහතා; ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ උප සභාපති, සංජය බණ්ඩාර මහතා; ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති, විශ් ගෝවින්දසාමි මහතා; ජනාධිපති නීතීඥ, කුශාන් ද අල්විස් මහතා; කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල්, සාලිය වික්‍රමසූරිය මහතා; එල්ඹ්එල්සී හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සමූහ කළමණාකාර අධ්‍යක්ෂක, කපිල ජයවර්ධන මහතා සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති, ක්‍රිෂාන් බාලේන්ද්‍රන් මහතා නැවත පිහිටුවන ලද මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුවෙහි සෙසු සාමාජිකයින් වේ. මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව ශ්‍රී ලංකා මහ බැංකුවෙි ක්‍රියාත්මක වන ඉහළ මට්ටමේ කමිටුවකි. එය මූල්‍ය පද්ධති ස්ථායීතාව සහ මූල්‍ය අංශයේ සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මහ බැංකුවට සහාය වීම පිණිස අදහස් හා උපදෙස් ලබාදෙන සාකාච්ජාවලට පහසුකම් සැපයීමේ අරමුණින් පිහිටුවන ලද්දකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සාර්ව විචක්ෂණතා අධ්‍යයන දෙපාර්ත්මේන්තුව මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුවේ ලේකම් කටයුතු සිදු කරයි.
-
The Central Bank of Sri Lanka Maintains Policy Interest Rates at their Current Levels
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ඔක්තෝබර් මස 13 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කළේ ය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරු ව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. ඉදිරි කාලය තුළ දී ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟා වීම සඳහා සහාය වන අතර ම සුදුසු ක්‍රියාමාර්ග මගින් මැදි කාලීන ව උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම සඳහා වන සිය කැපවීම මුදල් මණ්ඩලය නැවත අවධාරණය කරන ලදී.
-
Swarnamahal Financial Services PLC - Resumption of business for a limited purpose on a Conditional Basis
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය, “බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට” අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාව අධ්‍යනය කිරීමේ අරමුණින්, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාරව, 2021 ඔක්තෝබර් 13 දින සිට බල පැවැත්වෙන පරිදි මාස 06ක සීමිත කාල සීමාවක් සඳහා, එම ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නියෝගයක් නිකුත් කරන ලදී.