ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන මඟින් කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන්ට සහාය ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, සහනදායී පොලී අනුපාතික, කාරක ප්‍රාග්ධන ණය, ණය සහන සහ ණය පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීම/ ප්‍රතිලේඛනගත කිරීම මෙම යෝජනා ක්‍රම වලට ඇතුළත් විය.
සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණය, කාර්ය සම්පාදන සේවා සැපයුම්කරුවන්, ත්‍රිරෝද රථ හිමිකරුවන්, පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්, ලොරි රථ, කුඩා භාණ්ඩ ප්‍රවාහන රථ හා බස් රථ වැනි බලපෑමට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහොමයකට සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම සහන බෙහෙවින් උපකාරී වී ඇත.