COVID – 19 ව්‍යසනයේ අහිතකර බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා නව සහන (“සෞභාග්‍යා COVID – 19 පුනරුද සහන“)

COVID – 19 ව්‍යසනයේ අහිතකර බලපෑමට ලක් වූ ව්‍යාපාර නැවත නඟා සිටුවීම තුළින් අපහසුවට පත් ශ්‍රී ලාංකීය ජන ජීවිතය සහ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ජාතික වැදගත්කම සලකා ශ්‍රී ලංකා රජයේ උපදෙස් මත ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් COVID – 19 ව්‍යසනයේ අහිතකර බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ මෙම ප්‍රතිමූල්‍ය පහසුකම හඳුන්වා දී තිබේ (“සෞභාග්‍යා COVID – 19 පුනරුද සහන“). ණය සඳහා ඇති වූ ඉහළ ඉල්ලුම හේතුවෙන් මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අනුමත රුපියල් බිලියන 50 ක මුදල, රුපියල් බිලියන 150 ක් දක්වාත්, ණය ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2020 අගෝස්තු මස 31 වන දින දක්වා දීර්ඝ කරන ලදී.

“සෞභාග්‍යා COVID – 19 පුනරුද සහන“ වැඩසටහනෙහි ප්‍රධාන ලක්‍ෂණ;

මෙහෙයුම් ආයතනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

මෙහෙයුම් ප්‍රදේශ

 

දිවයිනේ සියලු ප්‍රදේශ

සහභාගීත්ව මූල්‍ය ආයතන

බලපත්‍රලාභී බැංකු

උපරිම ණය සීමාව

මාස දෙකක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය

සුදුසුකම්ලාභීන්

* 2020 අංක 05 දරන මුදල් මණ්ඩල චක්‍ර ලේඛනයට අනුව වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 1 ට අඩු ඕනෑම ව්‍යාපාරයක් සඳහා ණය පහසුකම ලබා ගත හැක. (කෙසේ වෙතත්, වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන එකට වැඩි සංචාරක හා අපනයන අංශ මෙන්ම ඒ හා සම්බන්ධ සැපයුම් සේවාවන්ට ද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා ගත හැක.

* ආර්ථික ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය සපයනු ඇත.

ණය ලාභියා විසින් සහභාගීත්ව මුල්‍ය ආයතන වෙත ගෙවිය යුතු පොළී අනුපාතය

වාර්ෂිකව 4%

සහන කාලය

ව්‍යාපාර ක්‍රියාවලියෙහි ස්වභාවය අනුව උපරිම කාලය මාස 06 යි

ණය කාල සීමාව

සහන කාලය ඇතුළත්ව උපරිම මාස 24 කි

ඇප

ආර්ථික ක්‍රියාවලියෙහි ශක්‍යතාවය සඳහා ප්‍රමුඛත්වය දිය යුතුය. කෙසේ නමුත්, ණය පහසුකමට අදාල අවධානම සලකා සහභාගීත්ව මූල්‍ය ආයතන මඟින් සුදුසු ඇපයක් ලබාගත හැකිය.

වැඩි විස්තර සඳහා

අධ්‍යක්‍ෂ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, නො. 30, ජනාධිපති මාවත, කොළඹ - 01

දු. අ. : 011-2477447, 011-2477438, 011-2477434, 011-2477348, 011-2477113, 011-2477015

ෆැක්ස්: 011-2477734

ඊ - මේල් : director_rdd@cbsl.lk