2018 දෙසැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

ආනයන වියදම් කැපී පෙනෙන ලෙස අඩු වීම සමඟ 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස පහළ ගියේ ය. 2018 දෙසැම්බර් මාසයේ දී අපනයන වාර්ෂික පදනම මත සියයට 1.4කින් වර්ධනය වූ අතර, ආනයන සියයට 15.3කින් පහළ ගියේ ය.

2018 වසරේ දී මුළු භාණ්ඩ අපනයන එක්සත් ජනපද ඩොලර් බිලියන 11.9ක් දක්වා සියයට 4.7කින් වර්ධනය වූ අතර, ආනයන එක්සත් ජනපද ඩොලර් බිලියන 22.2ක් දක්වා සියයට 6.0ක ඉහළ යෑමක් වාර්තා කළේ ය. මේ අනුව, වෙළෙඳ හිඟය 2017 වසරේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 9.6ක සිට 2018 වසරේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 10.3ක් දක්වා යම් ඉහළ යෑමක් වාර්තා කළේ ය.

2018 වසරේ දෙසැම්බර් මාසයේ දී සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව සියයට 4.8ක වර්ධනයක් වාර්තා කරමින් ශක්තිමත් මට්ටමක පැවති අතර, එම නිසා, 2018 වසරේ මුළු සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4ක් දක්වා 2017 වසරට සාපේක්ෂ ව සියයට 11.6කින් වර්ධනය විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, March 13, 2019