රජය විසින් ප‍්‍ර‍්‍රකාශයට පත් කර ඇති විශේෂ නිවාඩු දින කිහිපය තුළ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු බාධාවකින් තොර ව පවත්වාගෙන යෑම සඳහා ගනු ලැබ ඇති ක‍්‍ර‍්‍රියාමාර්ග

රජය විසින් ප‍්‍ර‍්‍රකාශයට පත් කර ඇති විශේෂ නිවාඩු දින කිහිපය තුළ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු බාධාවකින් තොර ව පවත්වාගෙන යෑම සඳහා පහත සඳහන් ක‍්‍ර‍්‍රියාමාර්ග ගෙන ඇති බව දන්වා සිටිමු.

 

තත්කාලීන දළ පියවුම් පද්ධති මෙහෙයුම් කටයුතු

තත්කාලීන දළ පියවුම් පද්ධතියේ (RTGS) මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ.

 

බැංකු අංශයේ මෙහෙයුම් කටයුතු

Covid-19 වෛරසය පැතිර යෑම වැලැක්වීම සඳහා අවශ්‍ය සියලූ ම පූූර්ව ආරක්ෂක විධිවිධාන සහිත ව ගනුදෙනුකරුවන් මංගත බැංකු කටයුතු සඳහා ධෛර්යමත් කිරීම ද සමගින් සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යන ලෙස සියලූ ම බැංකු වෙත උපදෙස් දී ඇත.

 

සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් පොදු මහජනතාව වෙත සැපයෙන සේවාවන් සීමා කර ඇති අතර, ඒ අනුව මාර්තු 17 සිට 20 දක්වා ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ කාර්යාල වෙත පැමිණීමෙන් වලකින ලෙස හෝ පැමිණීම හැකිතාක් දුරට සීමා කරන ලෙස හෝ දන්වා සිටිනු ලැබේ. කෙසේ වෙතත් අවශ්‍ය ම කාරණයක් සඳහා භාර දිය යුතු ලියකියවිලි ඇත්නම් ඒවා කොළඹ 1, ශ‍්‍ර‍්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ තබා ඇති පෙට්ටිවලට බහාලිය හැකි ය.

සේවක අර්ථසාධක අරමුදල් කටයුතු සම්බන්ධ කිසියම් තොරතුරක් අවශ්‍ය නම් පහත සඳහන් දුරකථන අංකවලින් හෝ විද්‍යුත් ලිපිනයෙන් ලබාගත හැකි ය.

සේ.අ.අ. ක්‍ෂණික ඇමතුම් : 0112 206690 - 94
ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුව : 0112 477000
විද්‍යුත් තැපෑල : epfhelpdesk@cbsl.lk

 

Published Date: 

Tuesday, March 17, 2020