කොන්දේසි පදනමින් සීමිත අරමුණක් සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය, “බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට” අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාව අධ්‍යනය කිරීමේ අරමුණින්, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාරව, 2021 ඔක්තෝබර් 13 දින සිට බල පැවැත්වෙන පරිදි මාස 06ක සීමිත කාල සීමාවක් සඳහා, එම ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නියෝගයක් නිකුත් කරන ලදී.

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ කටයුතු තවදුරටත් කළමනාකරණය කිරීමට සහ ඉහත සඳහන් ක්‍රියාවලියට අදාල කටයුතු ආරම්භ කිරීමට සහ පහසුකම් සැලසීමට මුදල් මණ්ඩලය මඟින් පත් කරන ලද කළමනාකරණ මණ්ඩලය (කළමනාකරණ මණ්ඩලය) වෙත බලය පවරා ඇති අතර ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ අධ්‍යක්ෂවරුන් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ/හෝ කළමනාකරණ මණ්ඩලය විසින් බලය පවරනු ලබන කාර්යයන් පමණක් ඉටු කරනු ඇත.

තවද, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය ඉහත සඳහන් “බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට” අන්තර්ග්‍රහණය කිරීම හා සම්බන්ධ කටයුතු හැර කිසිඳු ආකාරයක මූල්‍ය ව්‍යාපාර හෝ වෙනත් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට එම ආයතනය වෙත අවසර දී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම් දෙනු ලැබේ. එබැවින්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය සමග පවත්නා ගිවිසුම්ගත බැඳීම්වලට අදාල පියවීම් හැර එම ආයතනයේ මුදල් තැන්පත් කිරීම හෝ ආයතනය සමඟ වෙනත් කිසිඳු ආකාරයකින් ව්‍යාපාර කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයෙන් ණය ලබාගත් පාර්ශවයන් හෝ ආයතනය වෙත ගෙවීම් සිදු කිරීමට ඇති අනෙකුත් පාර්ශවයන් සිය ගිවිසුම්ගත බැඳීම්වලට අදාල පියවීම් එම ආයතනය නමින් පවතින පහත සඳහන් බැංකු ගිණුම් හරහා පමණක් සිදු කල යුතු අතර එම සියළු ගෙවීම් සම්බන්ධව වාර්තා පවත්වා ගැනීම තුළින්, ගෙවීම් නිසි පරිදි සිදු නොකිරීම නිසා ඇති විය හැකි නීතිමය ක්‍රියාමාර්ග මගහරවා ගන්නා ලෙස දැනුම් දෙනු ලැබේ.

බැංකුවේ නම
ශාඛාව
ගිණුම් අංකය
සම්පත් බැංකුව ප්‍රධාන ශාඛාව 2930013377
කොමර්ෂල් බැංකුව කොල්ලුපිටිය ශාඛාව 1107428801

 

වැඩිදුර විමසීම් සඳහා;

ආයතනය/ දෙපාර්තමේන්තුව
අවශ්‍යතාව
දුරකථන අංක
විද්‍යුත් තැපැල් ලිපිනය
බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධ විමසීම් සඳහා 0112477504 snbfi_query@cbsl.lk
ඇමතුම් මධ්‍යස්ථානය, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව පොදු විමසීම් සඳහා 0112477966
1935
fcrd@cbsl.lk

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය/ මුදල් මණ්ඩලය මඟින් පත්කරන ලද කළමනාකරණ මණ්ඩලය

තැන්පතු, ආයතනයෙන් ලබාගත් ණය මුදල් පියවීම සහ අදාල අනෙකුත් විමසීම් සඳහා 0117534800 info@sfs.lk

Published Date: 

Wednesday, October 13, 2021