අර්බුද අවස්ථා සන්නිවේදනය

විදේශ ප්‍රේෂණ

ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රතිලාභදායී ආකාරයෙන් ඔබගේ විදේශ මුදල් ප්‍රේෂණය කරන්නේ කෙසේද?

තෙල්, ගෑස්, ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා විදේශ විනිමය ගෙවීම් සිදුකිරීමට බලපත්‍රලාභී බැංකුවලට සහ මහ බැංකුවට පහසුකම් සැලසෙන පරිදි ඔබගේ විදේශ මුදල් ඉපැයීම් රට තුළට ලැබීම සහතික කිරීම පිණිස, ඔබ විසින් මුදල් එවීමේදී විධිමත් ක්‍රමවේදයන් පමණක් භාවිතා කරන්න. විධිමත් මාර්ග ඔස්සේ ඔබේ ඉපැයුම් රටට ප්‍රේෂණය කිරීම මෙම තීරණාත්මක අවධියේ දී රටට ඉමහත් ප්‍රතිලාභයක් සලසනු ඇත.

ශ්‍රී ලංකාව වෙත මුදල් එවීමේ ප්‍රධාන විධිමත් මාර්ග

      • ඔබ ගණුදෙනු කරන විදේශීය බැංකුව මගින් ඍජුවම ශ්‍රී ලංකාවෙහි  බලපත්‍රලාභී බැංකුවක් වෙත;
      • ප්‍රසිද්ධ මුදල් පැවරුම්කරුවන්/ විදේශ විනිමය හුවමාරු ආයතන මගින්  බලපත්‍රලාභී බැංකුවක ඇති ගිණුමකට හෝ ඍජුවම ඔබේ ප්‍රතිලාභීන් වෙත;
      • ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන හා සම්බන්ධ මංගත ක්‍රම (Online Platforms) / යෙදුම් (Apps) ඔස්සේ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවක ඇති ගිණුමකට හෝ ශ්‍රී ලංකාවේ ප්‍රතිලාභියෙකු වෙත මුදල් ප්‍රේෂණය කිරීම.