ප්‍රතිපත්තිමය පොලී අනුපාතික

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය

නිත්‍ය පහසුකම් යටතේ මහ බැංකුව හා වාණිජ බැංකු අතර කෙරෙන ප්‍රති මිලදී ගැනුම් ගනුදෙනුවලදී අදාළ වන දෛනික පොලී අනුපාතිකය.

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය

නිත්‍ය පහසුකම් යටතේ මහ බැංකුව හා වාණිජ බැංකු අතර කෙරෙන ප්‍රති විකුණුම් ගනුදෙනු වලදි අදාළ වන දෛනික පොලී අනුපාතිකය.

බැංකු අනුපාතිකය

වාණිජ බැංකුවල තාවකාලික ද්‍රවශීලතා අරමුණු ඉටුකර ගනු වස් මහ බැංකුව අත්තිකාරම් ප්‍රදානය කිරීමේ දී ඒ ස ඳහා පැනවෙන පොලී අනුපාතිකය.

ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා

වාණිජ බැංකු විසින් තම රුපියල් තැන්පතු වගකීම්වලින් මහ බැංකුවෙහි තැන්පතුවක් ලෙස පවත්වාගෙන යා යුතු ප්‍රමාණය.